HNB 109 වැනි ජාතික ටෙනිස් තරඟාවලියට අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ 109 වැනි වරට පවත්වනු ලබන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ටෙනිස් තරඟාවලියේ අනුග්‍රාහකයා බවට පත් වෙමිනි.

මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය සඳහා කණ්ෂ්ඨ, ජ්‍යෙෂ්ඨ සහ රෝද පුටු කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. දීප ව්‍යාප්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1400කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන මෙම තරඟාවලිය ශ්‍රී ලාංකේය ටෙනිස් ක්‍රීඩාවේ තවත් විශිෂ්ට කඩඉමක් සනිටුහන් කරනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරඟකාරීත්වයේ වටිනාකම අවබෝධ කර ගැනීම හා කුඩා අවධියේ පටන් දියුණු වීමට උපකාරී වන ක්‍රීඩාව සමාජය වෙත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. එසේම ජාතික ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් දශක ගණනාවක් සිට අත්වැල් බැඳගෙන සිටින HNB, 109 වන වරට පැවත්වෙන 2024 ජාතික ටෙනිස් තරඟාවලිය සඳහා අනුග්‍රාකත්වය ලබා දීමට කටයුතු කළා. මානව යහ පැවැත්ම වෙනුවෙන් ක්‍රීඩා පරිසර පද්ධතියක දායකත්වය හඳුනාගෙන ඇති අපගේ තිරසාර ජාතික සංවර්ධනය පිළිබඳ දැක්ම අනුව යමින් මෙම අනුග්‍රාහකත්වය ලබා දී තිබෙනවා.” යනුවෙනි.

මෙවර තරඟාවලිය සිංහල ක්‍රීඩා සමාජය, යුධ හමුදා ටෙනිස් ක්‍රීඩාංගනය, පොලිස් පාර්ක් ක්‍රීඩාංගනය සහ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩාංගනය ඇතුළු ක්‍රීඩාංගන 17කදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. එසේම ඉහළම සුදුසුකම්ලත් විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරඟාවලියේ තරඟ තීරක ලෙස චමෝද් රූපස්සර මහතා කටයුතු කිරීමට නියමිතය. ඒ මහතා White Badge තීරක ලෙස මෙන්ම Chair Umpire ලෙසද කටයුතු කරනු ඇත.

HNB හි මෙම අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසක් මහතා සඳහන් කර සිටියේ “ක්‍රීඩාව සඳහා ආයතනික හවුල්කාරීත්වය ලබා දීම ඉතා විශේෂයි. ඒ තුළින් ක්‍රීඩාවේ විශිෂ්ටත්වය සඳහා අවශ්‍ය සහයෝගය, උපදෙස් ලබාදීමට HNB හි කැපවීම මනාව ප්‍රදර්ශනය වනවා. ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ දියුණුවට එය ඉතා වැදගත්.” යනුවෙනි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...