HNB 14 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් වෙතින් සම්මානයට පාත්‍ර වෙයි

Share

Share

Share

Share

2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “පරම්පරා ගණනකගේ විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රගතියේ සහකරු ලෙස බැංකු හා මූල්‍ය සේවා සළසා දීමට HNB කටයුතු කර තිබෙනවා. අඛණ්ඩව වසර 14ක් තිස්සේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ලද සම්මානය තව තවත් සාර්ථකත්වය සඳහා අපගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.

HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා වෙතින් මෙම සම්මානය හිමි කරගනු ලැබුවේ බැංකුවේ ස්ථාවරත්වය, නවෝත්පාදනය හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය සඳහා වූ කැපවීම මනාව ප්‍රදර්ශනය කරමිනි.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා “අඛණ්ඩව 14 වැනි වරටත් අප වෙත හිමි වූ මෙම සම්මානය පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ විශිෂ්ටත්වය හා නවෝත්පාදන සේවා වෙනුවෙන් අප දක්වන කැපවීම පිළිබඳ හොඳම නිදසුනක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. ඉදිරියේදීත් අපගේ පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා අපගේ බැංකු සේවාවන් පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව හා විශිෂ්ටත්වය ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසුවේය.

HNB SOLO වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රමවල ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන HNB උපාය මාර්ගික සබඳතා හරහා වෙළෙඳපොලෙහි ඉහළ තත්වයේ ඩිජිටල් ගෙවීම් ඉහළ නැංවීමට දායකත්වය ලබා දී ඇත.

HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න (වමේ සිට සය වැන්නා) සහ HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානී නැගෙනහිර පළාත – සේගරාජසේගරම් සතියසීලන් (වමේ සිට පස්වැන්නා) යන මහත්වරුන් විසින් Asian Banker සඟරාවේ නියෝජිතයින් අතින් සම්මානය හිමිකර ගත් අයුරු. HNB හෝමාගම ශාඛා කළමනාකාර චන්දිම ගුණවර්ධන (වමේ සිට දෙවැන්නා), මීගමුව HNB මෙට්රෝ ශාඛාවේ කළමනාකාර රන්ජුල ප්‍රනාන්දු (වමේ සිට තෙවැන්නා), HNB කොටුව ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර රවී ගමගේ (වමේ සිට සිව් වැන්නා) සහ HNB තිරුනේල්වැලි ශාඛා කළමනාකාර වී. වසීකරන් යන මහත්වරුන් ද ඡායාරූපයේ වේ.

 

 

 

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...