HNB 2022 වසරේ බිස්නස් ටුඬේ හි ශ‍්‍රී ලංකාවේ හොඳම සමාගම් 5 අතරට ශ්‍රේණිගත වෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැඩි අභියෝග මධ්‍යයේ පසුගිය වසරේදී බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්නුම් කළ ශක්තිමත් හා විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් 2022 වසර සඳහා බිස්නස් ටුඬේ සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරට තේරී පත්ව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”පසුගිය වසර හතරක කාලය පුරාවට ශ‍්‍රී ලංකාව අන් කවරදාටත් වඩා අභියෝගවලට මුහුණ දීමට සිදු වුනා. එවැනි අසීරු අවස්ථාවකදී HNB පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය හැඩගැසීමට ඇති හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක්. මෙම අර්බුදයට ප‍්‍රතිචාර දැක්වීමේදී, බැංකුවේ සෑම අංශයක් හරහාම ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීමට අප දරන උත්සාහය ඉහළ නංවන අතරතුර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, ආයතනවලට හා පුද්ගලයින්ට අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට අපගේ බැංකුව ප‍්‍රමුඛත්වය ලබා දුන්නා.
”මේ වසරේ බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම් සඳහා අප ලබා ගත් කාර්යසාධනය අපගේ ගමන්මගේ සාර්ථකත්වය සඳහා ප‍්‍රබල සහතිකයක්. එවැනි තීරණාත්මක මොහොතක අපගේ සාර්ථකත්වයට ශක්තියක් වූ HNB කණ්ඩායමට සහ අපගේ වටිනා ගනුදෙනුකාරභවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පළ කිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නවා. ඉදිරියටත් අඛණ්ඩ සහ පහසු බැංකු අත්දැකීම් ලබා දීමට අපි කැපවී සිටින අතර අපගේ ආර්ථිකය නැවත නගා සිටු වීමට ගනු ලබන සාමූහික ප‍්‍රයත්නයට ද අප පූර්ණ සහයෝගය ලබා දෙනවා.’’ යනුවෙනි.
බැංකුවේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පුරෝගාමී ව්‍යාපෘති සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ ප‍්‍රජාවන්, ව්‍යාපාරයන් සහ පුද්ගලයන් වෙනුවෙන් ලබා දුන් පුළුල් සහයෝගය HNB හට මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පාදක විය. වසර අවසානය වන විට, රුපියල් ටි‍්‍රලියනයක් ඉක්මවන වත්කම්, අත්තිකාරම් සහ තැන්පතු පවත්වාගෙන යාමට HNB හට හැකි වූ අතර පසුගිය වසරට සාපේක්ෂව තැන්පතු ප‍්‍රමාණය 30% කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 14 ක් විය.
1997 වසරේ බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම හඳුන්වා දුන් දා සිට හැටන් නැෂනල් බැංකුව BT Top 10 අතර නිරන්තරයෙන් ශ්‍රේණිගත විය. ක්ෂේත‍්‍රය නියෝජනය කරන විද්වත් මණ්ඩලයක් විසින් සියලූම අයදුම්කරුවන් දැඩි ඇගයීම් ක‍්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු බිස්නස් ටුඬේ හි හොඳම සමාගම් 40 ශ්‍රේණිගත කරනු ලබයි. මෙම වසරේ ශ්‍රේණිගත කිරීම් සඳහා නම් කරන ලද සෑම ආයතනයක්ම ඔවුන්ගේ වර්ධනයේ ගුණාත්මකභාවය, ආයතනික පාලනය හා දිගු කාලින දැක්ම යන කරුණු මත පදනම්ව තක්සේරු කිරීමකට ලක් කරන ලදී.
සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් HNB ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතාට බිස්නස් ටුඬේ සම්මානය පිරිනමමින්

கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...
Prime Lands களுத்துறையின் முதலாவது பாதுகாப்பு...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...
Prime Lands களுத்துறையின் முதலாவது பாதுகாப்பு...
First Capital සමාගම ප්‍රාග්ධන වෙළඳපොළ...