HNB, 2022 වසර සඳහා කාබන්-ශුන්‍යතා සහතිකය හිමිකර ගනිමින් තිරසාර වසරක අවසානය සනිටුහන් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය තිරසාර ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින්, 2022 වසර සඳහා සිය සියලූ මෙහෙයුම් හරහා කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගත් ප‍්‍රථම බැංකුව බවට පත්වෙමින් සාර්ථක වසරක් නිමා කළේය. මෙම වැඩපිළිවෙල HNB ප‍්‍රධාන කාර්යාලයේ මෙන්ම සිය ශාඛා 255 පුරාවට ද කි‍්‍රයාත්මකය.

මහවැලි සංවර්ධන අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල (SLCF) විසින් HNB හි කාබන් ශුන්‍ය තත්වය නිල වශයෙන් පිළිගෙන ඇත. SLCF විසින් බැංකුවේ කාබන් පියසටහන ISO 14064-1-2018 ප‍්‍රමිතියට අනුව ගණනය කරන ලද අතර, ඒ සඳහා සෘජු සහ වක‍්‍ර විමෝචනය ඇතුළත් විමෝචන ප‍්‍රභව 10ක් සලකා බලන ලදී. Climate Smart Initiatives (Pvt) Ltd විසින් ISO 14064-3-2018 මාර්ගෝපදේශ මාලාවට අනුකූලව ස්වාධීන තෙවන පාර්ශවීය සහතික කිරීමක් සිදු කරන ලද අතර, ගෞරවනීය ISO 14064 සහතිකය බැංකුව වෙත පිරිනැමීමට එය හේතු විය.

මෙම වැදගත් සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”කාබන් ශුන්‍ය තත්වය යනු හරිතවත් හා වඩා තිරසාර අනාගතයක් සඳහා වන අපගේ ස්ථිර කැපවීම පිළිබඳ සාක්ෂියක්. එය අපගේ මූලික වටිනාකම්වල පිළිබිඹුවක් වන අතර අපගේ ලෝකයේ යහපැවැත්මට සුබවාදී ලෙස දායක වීමේ අපගේ මෙහෙවරේ සැලකිය යුතු ඉදිරි පියවරක් ලෙස පෙන්වා දි හැකියි.

”තිරසාරභාවය සාමූහික වගකීමක් බවත් සෑම කුඩා ක‍්‍රියාවක්ම එහිදී වැදගත් බවත් අපි තරයේ විශ්වාස කරනවා. අපගේ සාමූහික ප‍්‍රයත්නයන් සහ අපගේ සියලූ පාර්ශ්වකරුවන්ගේ පොදු දැක්ම තුළින් අප මෙම විශිෂ්ට ජයග‍්‍රහණය ලබා ගත්තා. එබැවින්, මෙම වැදගත් සන්ධිස්ථානය පිළිබඳව අපි ඉහළින්ම සතුටු වන අතර, බැංකු ක්ෂේත‍්‍රය තුළ පාරිසරික වගකීම් සඳහා නව මිණුම් සලකුණු සැකසීමේ අරමුණින් තිරසාර භාවිතයන් සඳහා නව්‍යකරණයන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට බලාපොරොත්තු වනවා.”

රූපය 01: HNB විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඩිල්ෂාන් රොද්‍රිගෝ (වමේ සිට හයවැන්නා) සහ ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදලේ සභාපති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අතින්, කාබන් ශුන්‍යතා සහතිකය ලබා ගනිමින්. එම අවස්ථාව සඳහා HNB සහ SLCF හි නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඡායාරූපයේ වෙයි.

Sampath Bank Launches SL’s First...
அவசரகால மருத்துவமனை சிகிச்சை சேவைகளை மேலும்...
இலங்கைக்கு முதல் முறையாக, அதிவேக நெடுஞ்சாலைகளில்...
Healthguard expands footprint with new...
2025 Softlogic Life විකුණුම් සමුළුවේදී...
Samsung Sri Lanka Launches Exciting...
Chevron felicitates female-owned and operated...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන...
Samsung Sri Lanka Launches Exciting...
Chevron felicitates female-owned and operated...
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන...
2025 Softlogic Life விற்பனை மாநாட்டில்...