HNB, Euromoney Awards for Excellence 2024 හිදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ සම්මානවලින් පිදුම් ලබයි

Share

Share

Share

Share

දැඩි අභියෝගාත්මක ආර්ථික පරිසරයක් සහ ගෝලීය වෙළෙඳපොළ අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, 2024 Euromoney Awards for Excellence සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව‘ සහ ‘ශ්‍රී ලංකාවේ SMEs සඳහා හොඳම බැංකුව’ යන ගෞරවනීය නාමයන්ගෙන් පිදුම් ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “පසුගිය වසරේදී විශිෂ්ට දස්කම් දැක්වූ අපගේ කණ්ඩායමට සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි. ඒ වසරේදී තැන්පතු, ගාස්තු ආදායම් සහ බදු පසු ලාභයෙහි ශක්තිමත් වර්ධනයක් අපි දුටුවා. HNB හි ඩිජිටල් බැංකු සේවා වැඩිදියුණු කිරීම, කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායන් සඳහා සහය දැක්වීම සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රගතියේ සහකරු ලෙස කටයුතු කිරීම යනාදිය මෙම සාර්ථකත්වයට හේතු වූවා යැයි මා විශ්වාස කරනවා.’’යනුවෙනි.

මුදල් රහිත ගනුදෙනුවල ඉහළ යාම හේතුවෙන් HNB හි ඩිජිටල් බැංකු සේවා ද සැලකිය යුතු ලෙස වර්ධනය විය. මෙම සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වන්නේ බැංකුවේ ඩිජිටල් සේවාවන් නිතර භාවිතා කරන ගනුදෙනුකාරභවතුන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමයි.

“මෙම සම්මාන අපේ රටට, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ බිම් මට්ටමේ ව්‍යාපාරවලට සේවය කිරීම සඳහා අපගේ කණ්ඩායමේ කැපවීම ඇගයීමට ලක් කිරීමක් ලෙස පෙන්වා දිය හැකියි. HNB හි ආරම්භයේ සිට, අපි තිරසාර වර්ධනය සහ ප්‍රජා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට සාර්ථක වීමට අවශ්‍ය සේවාවන් සහ උපදෙස් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටින අතර මෙවැනි කීර්තිමත් ගෝලීය මූල්‍ය සඟරාවක් විසින් අපගේ උත්සාහය ඇගයීමට ලක් කිරීම සැබවින්ම ලැබීම සතුටට කරුණක්,” යනුවෙන් HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජේ විජේමාන්න මහතා පැවසුවේය.

HNB හි ශක්තිමත් කාර්යසාධනය සඳහා හොඳින් සැලසුම් කරන ලද ශක්තිමත් මූල්‍ය උපායමාර්ග සහ පාරිභෝගික විශ්වාසය හේතු විය. ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් කාඩ්පත් සහ ඩිජිටල් ගනුදෙනු භාවිත කිරීම හේතුවෙන් බැංකුවේ ගාස්තු ආදායම වර්ධනය විය. බැංකුවේ ආදායම් වර්ධනයට දායක වූ අනෙකුත් ක්ෂේත්‍ර අතරට එහි බැංකු රක්ෂණ සේවා (Bancassurance), ඩිජිටල් බැංකුකරණය සහ ස්වයං සේවා යන්ත්‍ර ඇතුළත් විය.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...