HNB FINANCE හි ශාඛා ව්‍යාප්තියෙහි නවතම අදියර කිරිබත්ගොඩ නගරයට

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය ශාඛා ව්‍යාප්තියෙහි තවත් අදියරක් සනිටුහන් කරමින් සමාගමෙහි අභිනව ශාඛාව කිරිබත්ගොඩ නගරයෙහි විවෘත කරන ලදි. HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මදුරංග හීන්කෙන්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ශාඛාව විවෘත වූ අතර මේ අවස්ථාව සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.

අභිනවයෙන් විවෘත වූ HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව අංක 58, නුවර පාර, කිරිබත්ගොඩ යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සමාගම මගින් ලබාදෙන ලීසිං, රන්ණය, ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය, ඉතුරුම් ගිණුම් ඇතුළු තවත් මූල්‍ය පහසුකම් රැසක් කිරිබත්ගොඩ ශාඛාව තුළින් ද ලබා ගත හැකි වනු ඇත. HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව නගර මධ්‍යයෙහි පිහිටා ඇති බැවින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෙම ස්ථානයට පැමිණ සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගතහැක.

රන් ණය සඳහා කිරිබත්ගොඩ සහ ඒ අවට විශාල ඉල්ලුමක් පවතින බැවින් HNB FINANCE කිරිබත්ගොඩ ශාඛාව තුළ නව රන් ණය මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත. HNB FINANCE විසින් පුද්ගල අවශ්‍යතා අනුව වෙනස් වන රන් ණය සේවාවන් කිහිපයක් හඳුන්වා දී ඇති අතර මේ අතුරින් Gold Loan, රන් භාණ්ඩ මිලදී ගැනීමේ ආයෝජන සැලසුම වන Gold Plan, සහ VIP Gold Loan යන රන් ණය සේවාවන් විශේෂයෙන් හඳුන්වාදිය හැකිය. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a විනාඩි තුනක් වැනි ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE Gold Loan fiajdj u.ska bvlv ie,fik w;r අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka;, ආරක්ෂාකාරී .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd tallh losu úiÿula jkq we;’

—අපගේ අරමුණ වන්නේ HNB FINANCE හි සියලුම පාරිභෝගිකයන් සඳහා ඉහළම මුල්‍ය සේවාවක් සැපයීමයි. කිරිබත්ගොඩ පිහිටි මෙම නව ශාඛාව සමඟින් පාරිභෝගිකයින්ට ඉහළම මූල්‍ය සේවා අත්දැකීමක් සහ පහසු ප්‍රවේශයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම මූල්‍ය සේවා සහ ගැලපෙන පාරිභෝගික සබඳතා සමඟින් සේවය කිරීමට අපි කැපවී සිටිනවා. මෙම නව ශාඛාව පාරිභෝගික හිතකාමී සියළු සේවාවන් සපයන මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට ලැබීම පිළිබඳව අප තුළ ඇත්තේ නිහතමානී සතුටක් .” යනුවෙන් HNB FINANCE කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය. කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීමට සමගාමීව කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක විය.

 

Janashakthi Life named among Sri...
ஜனசக்தி பைனான்ஸ், சிறந்த சேவையை முன்னெடுப்பதற்காக...
சிறந்த சில்லறை விற்பனையாளர்களை கௌரவிக்கும் Retailer...
Sampath Bank Enhances Care at...
Colombo Dockyard to Build Ultra-Modern...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය...
China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය...
China Unicom and Huawei Release...
Samsung Sri Lanka to Open...
Janashakthi Finance celebrates 45 years...