HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Share

Share

Share

Share

HNB FINANCE PLC – 2023 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
රැකියා ස්ථානයේ මෙන්ම සමස්ත සමාජය තුළ කාන්තා සවිබල ගැන්වීම යථාර්තවත් කරමින්, රටේ ප‍්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සමාගමක් වන HNB FINANCE PLC” 2023 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, පසුගිය මාර්තු 8 වන දින, එහි කාන්තා කාර්ය මණ්ඩලය වෙනුවෙන්“ දැයේ අභිමානය ඇයයි” යන තේමාව අරුත් ගැන්වූ කාන්තා දින සමරු උත්සවයක් නාවල HNB FINANCE ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීය.
මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා සහභාගී වූ අතර ඊට අමතරව නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී මධුරංග හීන්කෙන්ද, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී රුවන් ප්‍රනාන්දු, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී සහ ප්‍රධාන අවදානම් කළමණාකාර මහදේවන සුතාකර්, සහ සහකාර සාමාන්‍යාධිකාරී සහ නීති අංශ ප්‍රධානී රාධිකා තිසේරා මහත්මියද මේ අවස්තාවට සහභාගී වූහ.
සමාගමේ කාන්තා ශ්‍රම බලකාය උදෙසා පවත්වන ලද මෙම වැඩමුළුව එදින උදෑසන 9 සිට පස්වරු 2:00 දක්වා පවත්වන ලදි. ඒ සඳහා කාන්තාවන්ට අදාළ වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡුා කිරීමට මෙරට ප‍්‍රධාන කථිකයන් කිහිපදෙනෙකුද පැමිණ සිටියහ. කීර්තිමත් පුහුණු උපදේශිකාවක වන ෂෙරින් පෙරේරා මහත්මිය විසින් කාන්තා පෞර්ෂ වර්ධනය පිළිබඳවත්, වෘත්තීයමය රූපලාවන්‍ය ශිල්පිනී රුවන්ති හුලංගමුව මහත්මිය විසින් රූපලාවන්‍ය පිළිබඳවත්, කාසල් වීදියේ රෝහලේ ලියාපදිංචි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සත්‍ය උදාර සෙන්දනායක මහතා විසින් කාන්තා සෞඛ්‍යය පිළිබඳවත් දැනුවත් කරන ලදි.


HNB FINANCE හි ප‍්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවන්හි සේවයෙහි නියුතු සියලූම කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකයින් අගයමින් කාන්තා දින සමරු තිළිණයක් ප‍්‍රදානය කිරීමද මෙදින සිදුවිය
”කාන්තාව රැකියා ස්ථානය තුළ පමණක් නොව සමස්ත සමාජය තුළ ද භාරදූර වගකීමක් ඉටුකරමින් සිටිනවා. ඔවුන්ව නිරතුරුව අපි ඇගයිය යුතුයි. කාන්තාවන්ට නිසි තැන ලබාදෙමින් ඔවුන්ව ඇගයිම අපගේ දැක්මෙහිම කොටසක්. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, අපගේ කාන්තා ශ‍්‍රම බලකායේ දැනුම සහ අවබෝධය ඉහළ නැංවීම සහ ඔවුන්ව දැනුවත් කිරීම අපගේ අරමුණ වුණා.” යනුවෙන් HNBF ප‍්‍රධාන කළමනාකරු – ආයතනික අලෙවි සන්නිවේදන, උදාර ගුණසිංහ මහතා සඳහන් කළේය.
එමෙන්ම, HNB FINANCE සිය කාන්තා දින සැමරුමට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ‘‘ජාත්‍යන්තර කාන්තා දින සැමරුම -2023 ටද අනුග‍්‍රහය දැක්විය. එම සැමරුම් උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවැත්වුණ අතර මේ සඳහා කාන්තා සිවිල් ආරක්ෂක නිළධාරිනියන් 350කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා පොලිසියේ කොළඹ ප‍්‍රජා පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා විසින් ශ‍්‍රී ලාංකේය කාන්තා අභිමානය සහ ශ‍්‍රී ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සංවාදාත්මක දේශනයක් පැවැත්වූ අතර
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප‍්‍රභා රාජගුරු මහත්මිය විසින් සංවාදය මෙහෙයවීය.
මෙම අවස්ථාවට HNB FINANCE ආයතනයේ නියෝජිතයින්ද සහභාගී වූ අතර, පැමිණ සිටි කාන්තාවන් වෙත කාන්තා දින සමරු තිළිණ ලබාදීමට ද කටයුතු කළේය.

දේශගුණික විපත් දරිද්‍රතාව සහ රට...
සමාජ තිරසරබව සහිත යුගයක් වෙතපිවිසීම...
CIC Holdings’ 9MFY26 revenue reaches...
ආදරයේ රස මුසු තැන් සමඟින්...
From Kevum to Keto: How...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
33න් වන වරටත් පවත්වන ‘කලා...
TikTok இன் Creator Search Insights...
காதலின் உன்னதத் தருணங்கள்: சிட்டி ஆஃப்...
1880இல் இருந்து நிலம், மக்கள் மற்றும்...