HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් එදිනෙදා ගෙවීම් කිරීම වඩාත් පහසු වේ.

පාරිභෝගිකයින්ට තම HNB වීසා ඩෙබිට් කාඩ්පත Google Wallet app එකට ඇතුළත් කිරීමෙන් ස්පර්ශ රහිත (contactless) ගෙවීම් පිළිගන්නා ඕනෑම වෙළඳසැලකදී තම දුරකථනය PoS යන්ත්‍රයට tap කර ගෙවීම් කළ හැකිය. එමෙන්ම, අන්තර්ජාලය හරහා හෝ විවිධ apps මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෑම අවස්ථාවකදීම කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමෙන් තොරව Google Pay හරහා ඉතා පහසුවෙන් ගෙවීම් කළ හැකිය. NFC තාක්ෂණය සහිත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සහ අනෙකුත් ස්මාර්ට් devices හරහා මෙම සේවාව ලබාගත හැකිය.

දැනට මෙම සේවාව ලබාගත හැක්කේ HNB ඩෙබිට් කාඩ්පත් සඳහා පමණි. අනෙකුත් කාඩ්පත් වර්ග සඳහා මෙම පහසුකම ලබාදෙන අවස්ථාවලදී ඒ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමට බැංකුව කටයුතු කරනු ඇත.

මෙය ආරම්භ කිරීම සඳහා පාරිභෝගිකයින් Google Wallet ඇප් එක විවෘත කර, කාඩ්පතක් එක් කිරීමේ (add a card) විකල්පය තෝරාගෙන, එහිදී තම HNB කාඩ්පත් විස්තර ඇතුළත් කළ යුතුය. ඉන්පසු නියමිත කොන්දේසි පිළිගෙන, අනන්‍යතාවය තහවුරු කිරීමෙන් (verification) පසුව Google Pay පිළිගන්නා ඕනෑම ස්ථානයකදී තම ජංගම දුරකථනය හෝ ස්මාර්ට් උපාංගය මගින් ගෙවීම් කළ හැකිය.

මෙම සේවාව ඉහළ ආරක්ෂාවක් සහිතව නිර්මාණය කර ඇත. ඔබ Google Wallet වෙත කාඩ්පතක් එක් කරමින් ගනුදෙනුවක් සිදු කරන විට ඔබේ සැබෑ කාඩ්පත් අංකය වෙළෙන්දා වෙත ලබා නොදෙන අතර ඒ වෙනුවට ආරක්ෂිත ඩිජිටල් සංකේතයක් භාවිතා කරයි. සෑම ගෙවීමක්ම ඔබගේ දුරකථනයේ ඇති PIN අංකය, ඇඟිලි සලකුණ හෝ face unlock වැනි ආරක්ෂිත ක්‍රමවේද මගින් තහවුරු කළ යුතු බැවින්, සිදු කරනු ලබන සෑම ගනුදෙනුවකම පූර්ණ පාලනය පාරිභෝගිකයා සතු වේ.

යම් හෙයකින් ඔබේ දුරකථනය හෝ ස්මාර්ට් ඔරලෝසුව නැති වුවහොත් ඔබට Google Wallet app එකෙන් ඔබේ කාඩ්පත ඉවත් කළ හැකිය. එසේම, අවශ්‍ය නම් ඔබේ කාඩ්පත block කිරීමට වහාම HNB දැනුවත් කළ යුතුය. ගෙවීම් සිදු කිරීම සඳහා දුරකථනයේ ඇති ආරක්ෂිත ක්‍රමවේද අවශ්‍ය වන බැවින්, වෙනත් අයෙකුට ඔබේ අවසරයකින් තොරව ගනුදෙනු කිරීම මෙහිදී තවදුරටත් සීමා වේ.

මෙම විශේෂාංගය හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපතිනී – කාඩ්පත් අංශය, ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ “මෙමගින් අපගේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet හරහා සරල සහ ආරක්ෂිත ලෙස ගෙවීම් කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙය එදිනෙදා වියදම් සඳහා ස්පර්ශ රහිත ක්‍රමවේද භාවිතා කිරීමට කැමති පාරිභෝගිකයින්ට පහසුවක් වන අතරම, බැංකුවේ අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ ගනුදෙනු සිදු කිරීමටද ඉඩ සලසනවා.” යනුවෙනි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...