HNB SOLO, QR කේත හරහා සංචාරකයින්ට පහසු ගෙවීම් විකල්ප හඳුන්වා දෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි. සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ මූල්‍ය සම්බන්ධතා ඉහළ නැංවීම, රටවල් හරහා පහසුවෙන් ගනුදෙනු කිරීම සඳහා මෙන්ම මගීන්, ඩයස්පෝරාව හා සංචාරකයින්ට ඉන්දියාව හා චීනය පදනම් කරගත් ජංගම ගෙවීම් යෙදවුම් භාවිත කරමින් සිදු කරන ගෙවීම් ක‍්‍රම නව මානයක් කරා ගෙන යාමට මේ තුළින් හැකියාව උදා වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න මහතා සඳහන් කර සිටියේ ‘‘ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඒකාබද්ධ QR ක‍්‍රමවේදයක් දියත් කිරීමේදී මෙරට මූල්‍ය අංශයේ නව්‍ය සේවාවන් දිරි ගැන්වීමට කටයුතු කරන HNB ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සඳහා පහසුවක් අත්කරදෙන ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. සංචාරකයින්ට ගනුදෙනු කිරීමේදී අසමසම පහසුවක් හා අවස්ථාව ලබා දෙන ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාව ශක්තිමත් කිරීම වෙනුවෙන් සංස්කෘතීන්, ආර්ථිකයන් හා පුද්ගලයන් අතර විධිමත් සබඳතාවක් ඇති කිරීමට මෙම හවුල්කාරීත්වය හේතු වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

LANKAQRඛ්බන්ූඍ සමඟ එක්ව සිටින HNB හි වෙළෙඳ හවුල්කරුවන් විසින් SOLO වෙත QR ඒකාබද්ධ කිරීම දේශීය හා ජාත්‍යන්තර පරිශීලකයින්ට ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩි දියුණු කිරීම සඳහා වන සුවිසල් කඩයිමක් සනිටුහන් කරනු ලබයි. Unified Payments Interface සහ UnionPay International හරහා ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දීම තුළින් තමන්ගේ දේශීය යෙදවුම් භාවිතයෙන් SOLO හි LANKA QR සමඟ අනුබද්ධිත ඕනෑම අලෙවි සැලකින් පහසුවෙන් භාණ්ඩ හා සේවා ලබා මිලදී ගැනීමේ අවස්ථාව ඉන්දියානු හා චීන යෙදවුම් සහිත සංචාරකයින්ට අවස්ථාව උදා වේ.

සුළු, ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ වෙළෙඳ කුටි, කුඩා අලෙවිසැල් සහ ස්වයං සිල්ලර වෙළෙඳසැල් හිමි කුඩා වෙළෙඳුන්ගේ සුවිසල් වෙළෙඳ ජාලය සවිබල ගැන්වීම මෙම වැඩසටහනෙහි ප‍්‍රමුඛ අරමුණයි. විශේෂයෙන් සංචාරකයින් බහුල ප‍්‍රදේශවල වෙළෙඳුන් හට ඩිජිටල් ගෙවීම් විසඳුම් කිහිපයක් සලසා ගැනීමේ අවස්ථාව ලබා දීම තුළින් මූල්‍ය ගනුදෙනු සඳහා මෙන්ම ව්‍යාපාර සංවර්ධනයටද සහාය වීමට HNB හට හැකි වනු ඇත. තවද කරදරයකින් තොරව, පහසුවෙන් ගෙවීම් ලබා ගැනීමට මේ තුළින් හැකි වන අතරම ඔවුන්ගේ හැකියාවන් වර්ධනය වීම තුළින් මෙරට ආර්ථික සංවර්ධනයටද සුවිසල් දායකත්වයක් දැක්විය හැකි වීමද විශේෂත්වයකි.

ඉන්දියානු සංචාරකයෙක් විසින් Kingsbury Colombo හි ගනුදෙනුවක් වෙනුවෙන් Unified Payments Interface යෙදවුමක් භාවිත කරමින්

 

 

 

 

CINEC Among Largest Providers of...
இலங்கையின் காப்புறுதித் துறைக்கு மிகச் சிறப்பாகச்...
HNB FINANCE 2026 ජාත්‍යන්තර කාන්තා...
Sri Lanka’s First 100% Renewable...
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ YOLO...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
JKCG Auto BYD සහ DENZA...
99x Wins Five Awards at...
ஜனசக்தி பைனான்ஸ் ‘இலங்கையின் முச்சக்கர வண்டி...
Huawei IP Summit 2026 highlights...