JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේදී කර්මාන්තයේ ප්‍රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරී පත් වෙයි

Share

Share

Share

Share

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ දීම පිළිබඳව අදහස් දක්වන ලදී.

“මෙම සුවිශේෂී කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් නැවතත් මාගේ සේවය ලබා දීමට හැකිවීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා.” තමන් වෙත සියලු දෙනා තැබූ විශ්වාසයට ඒ ආකාරයෙන් කෘතඥතාව පළ කළ ඒ මහතා ඇඟලුම් කර්මාන්තය තුළ නැවත සිදුවූ වර්ධනය ඩොලර් බිලියන 5 ඉක්මවා ගිය බවත් සියලු දෙනාගේ එක්ව කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස එම ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි වූ බවත් සඳහන් කරන ලදී. එහෙත් කාම්බෝජය, වියට්නාමය හා බංග්ලාදේශය වැනි කලාපයේ අනෙකුත් රටවලින් එල්ලවන ඉහළ තරඟකාරීත්වය හා මිල අඩු කිරීමේ අභියෝගයන් හමුවේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය තවමත් අස්ථාවර තත්වයක ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.

යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළෙඳපොලවල ආනයනයන් ස්ථාවර මට්ටමක පවතින බව මෙහිදී පෙන්වා දුන් ජැෆර්ජි මහතා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි වෙළෙඳපොලවල වාර්ෂික ප්‍රගතියේ වර්ධනය පිළිබඳවද සඳහන් කළේය. ශ්‍රී ලංකාවට නැවතත් සුවිශේෂී වෙළෙඳ සන්නාම ආකර්ෂණය කරගැනීම සාර්ථක කර ගැනීමට කර්මාන්ත මට්ටමින් සිදු කළ සාමූහික කැපවීම හේතුවක් වූ බව ද පෙන්වා දුන් ඒ මහතා “වෙනස් වන ගෝලීය තත්වයන් තුළ අපගේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ සහයෝගය මෙන්ම උපාය මාර්ගික නවෝත්පාදනයන් අත්‍යාවශ්‍ය වනවා.” යනුවෙන්ද පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ “IMF වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වැනි දේශපාලනික කරුණු හා ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් JAAF හි උපදේශනවලට අභියෝග එල්ල කරනවා. මෙම වසර තුළ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයන් ලෙස SVAT යෝජනා ක්‍රමය පවත්වාගෙන යාම, විදුලි ගාස්තු සංශෝධනය, එරාවුර් රෙදි පිළි සැකසුම් කලාප සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉදිරි මාස කිහිපයේදී ඉන්දුනීසියානු රෙදි පිළි යොදා ගනිමින් නිෂ්පාදනය කරන ඇඟලුම් සඳහා තීරුබදු සහනය ලබා දීමේ එක්සත් රාජධානියේ අනුමැතිය හිමි වීම පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටිනවා” යනුවෙනි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ලෙස නව වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම, රජයේ ව්‍යාපාර පහසුකරණ ප්‍රතිපත්ති සමඟ සම්බන්ධ වීම සඳහා වන ඩිජිටල්කරණ සංවර්ධනයන්, බදු ප්‍රතිසංස්කරණ සඳහා උපදෙස් ලබා දීම හා ආනයන වියදම් අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් දෙස තමන් බලා සිටින බව ද ජැෆර්ජි මහතා මෙහිදී සඳහන් කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය හා යුරෝපා සංගමයේ රටවල් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම අත්‍යාවශ්‍ය පියවරක් වනවා. ඒවායෙහි තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා සේවක ප්‍රතිසංස්කරණ සඳහාද අවශ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි” යනුවෙන් පැවසීය.

මෙහිදී සිය නොසැලෙන දායකත්වය පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හා සම්බන්ධ ආයතන, උප කමිටු නායකයින් හා කණ්ඩායම් සාමාජිකයින් වෙත කෘතඥතාව පළ කිරීමටද ජැෆර්ජි මහතා අමතක කළේ නැත.

“නවතම ශක්තියක් සමඟින් අභියෝගවලට ඔරොත්තු දෙන, තරඟකාරී හා ඉදිරියට ගැලපෙන කර්මාන්තයක් ගොඩ නැඟීමට අපි සියලු දෙනා එක් වෙමු” හෙට දවස වෙනුවෙන් රැස්ව සිටි පිරිස දිරිගන්වමින් ජැෆර්ජි මහතා අවසාන වශයෙන් සඳහන් කර සිටියේ එලෙසිනි.
අලුතින් පත් කරන ලද JAAF විධායක කමිටුවට සයිෆුදීන් ජැෆර්ජී – සභාපති, ෆීලික්ස් ප්‍රනාන්දු – උප සභාපති, අරූන් හයිඩ්‍රාමනි – උප සභාපති, ශරඩ් අමලීන්, ඒ. සුකුමාරන්, නොයෙල් ප්‍රියතිලක, අෂ්රොෆ් ඕමාර්, අසීම් ඉස්මයිල්, සමල් දිසානායක, හේමන්ත පෙරේරා, විල්හෙල්ම් එලායස්, රජිතා ජයසූරිය, ධම්මික ප්‍රනාන්දු, මහේෂ් හයිඩ්‍රාමනි , අජිත් විජේසේකර, ජාෆර් සත්තාර්, අනිස් සතාර්, රෙහාන් ලකානී, මහිකා වීරකෝන් සහ ඉන්දික ලියනහේවාගේ යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...