JW.ORG ජාතික සමුළුව ජූලි 14 වන දින සිට

Share

Share

Share

Share

 

JW.ORG සංගමය 2019  පසු පළමු වරට ජාතික සමුළු 7 ක්  ශ්‍රී ලංකාව කේන්ද්‍රගත කරමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම ජාතික සමුළු මාලාව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල මෙන්ම අන්තර්ජාලය ඔස්සේද පැවැත්වීමට නියමිතය. 2020 වසරේදී ඇති වූ කොරොනා වසංගතය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ පමණක් සිය ජාතික හා ජාත්‍යන්තර සමුළු පැවැත්වීමට සංගමය ලොව පුරා කටයුතු කළ අතර මෙවර පැවැත්වෙන ජාතික සමුළු මාලාව 2019 වසරෙන් අනතුරුව සජීව ලෙස පැවැත්වෙන්නේ පළමු වරටය.

2023 වසර තුළ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සමුළු 6000ක් පැවැත්වීමට JW.ORG ජාත්‍යන්තර සංගමය අපේක්ෂා කරන අතර මීට සමගාමීව ශ්‍රී ලංකාවේ JW.ORG සමාජිකත්වය වෙනුවෙන් සමුළු 7ක් ජුලි 14 වන දින සිට පැවැත්වෙනු ඇත. “ඉවසීමෙන් බලාගෙන ඉන්න!” යන තේමාව ඔස්සේ මෙරව ජාතික හා ජාත්‍යන්තර සමුළු පැවැත්වෙනු ඇත. ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කිරීම වර්තමානයේ අප ජීවත් වන සමාජ ආර්ථික තත්වයන් සැසඳීමේදී කොපමන වැදගත් ද යන්න ශුද්ධ ලියවිලි හා වෙනත් ලිඛිත හා ප්‍රායෝගික නිදසුන් මගින් මෙහිදී අවධාරණය කෙරේ. මීට අමතරව නට්‍ය, දේශන සහ විවිධ ක්‍රියාකාරකම් මගින් මෙම ජාතික සුමුළු මාලාව සමන්විත වන බව JW.ORG සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් වනිගසේකර මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ “ පසුගිය වසර තුනේම සූම් තාක්ෂණය ඔස්සේ ජාතික සමුළු පැවැත් වූවද , භෞතිකව පැවැත්වෙන සමුළුවක ඇති සවීව අත්දැකීම අන්තර්ජාලයේ වැඩසටහන් තුළින් ලබන්නට බැහැ. එබැවින් මෙවර පැවැත්වෙන සමුළුව වඩාත් ආකර්ෂණීය සහ JW.ORG සමාජිකත්වය මෙය බොහෝ වටිනා අවස්ථාවක් වනු ඇති බවයි” යනුවෙන් පැවසීය.

මෙම ජාතික සමුළු සියල්ලක්ම නොමිලේ පැවැත්වෙන අතර ඔනෑම අයකුට මෙම අවස්ථාවන්ට සහභාගී විය හැකි බව නලින් වණිගසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

JW.ORG සංගමයේ ඉදිරි සමුළු පැවැත්වෙන දිනයන්/ ස්ථාන සහ භාෂාවන්

සමුළු පවත්වන ස්ථානය  දිනය භාෂාව
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය  ජුලි 14-16  සිංහල
ක්ලෝව උත්සව ශාලාව – කැලණිය  ජුලි 28-30  දෙමළ
නෝත් ශෝ ශ්‍රවණාගාරය – මට්ටකුලිය  ජූලි 21-23  ඉංග්‍රීසි
ග්‍රීන් වැලි රිසෝට් – කුරුණෑගල  අගෝස්තු 4-6  සිංහල
හලාවත ෆා ඉන්  අගෝස්තු 11-13  සිංහල
රාජේශ්වරී ශාලාව – තෙල්ලිපලෙයි  අගෝස්තු 18-20  දෙමළ
රාජේශ්වරී ශාලාව – තෙල්ලිපලෙයි  සැප්තැම්බර් 22-24  දෙමළ

 

Still Chosen, Still Evolving: Coca-Cola...
මීළඟ ඩොලර් බිලියන 3 හඹා...
TikTok, කිසිඳු භේදයකින් තොරව සියලු...
Effie සහ SLIM DIGIS හි...
ITC Ratnadipa Celebrates World Tourism...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
Sophos To Bring OpenAI GPT...
வகுப்பறைகளைத் தாண்டிய அறிவியல்: TikTok மூலம்...
JXG Spotlight earns dual recognition...
மின்சார வாகன சந்தையில் புதிய மைல்கல்:...