Kaspersky Safe Kids නොගැලපෙන අන්තර්ගතයන්ගෙන් දරුවන්ට ඉහළ ආරක්ෂාවක් සහතික කරයි

Share

Share

Share

Share

පරිගණක භාවිතයේදී දෙමව්පියන් දුෂ්කරතාවයට ලක්වන ප්රධාන කරුණක් වන්නේ දරුවන් නොගැලපෙන අන්තර්ගතයන් වෙත යොමු වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීමයි. ඊට විසඳුමක් ලෙස AV-TEST සහ AV-Comparatives යන ස්වාධීන පරීක්ෂණ සංවිධානයන්ගේ අනුමැතිය ලත් Kaspersky Safe Kids හඳුන්වා දීමට Kaspersky කටයුතු කරනු ලැබීය. AV-TEST, AV-Comparatives පරීක්ෂණයේදී හෙලි වී තිබුණේ Windowsහි වැඩිහිටි අන්තර්ගතයන් අවහිර කිරීමේදී 100% සහ 98.1%ක් බවයි. එසේම එය 2015 වසරේ සිට වැඩිහිටි අන්තර්ගතය අවහිර කිරීම දෙගුණයක් බවට පත් කළ එකම විසඳුම බවටද පත් විය. එසේම 2019, 2021 සහ 2022 වසරයන්හිදී එක හා සමාන පරීක්ෂණයන් තුළදී සහභාගී වන්නන් 5 දෙනෙකු විසින් සහතික කළ එකම විසඳුම බවට පත් වූයේ AV-Comparatives ය. එම ආයතනයන්හි නිසි ක්රමවේදයන්ට අනුව පවත්වනු ලැබූ පර්යේෂණයන් අනුව භාෂා 6ක් හරහා වෙබ් අඩවි 7500ක් සඳහා දෙමව්පිය පාලන විසඳුම් ඉදිරිපත් කිරීමට ්ඪ-ඔෑීඔ කටයුතු කරන ලදී. AV-TEST විසින් වැඩිහිටි වෙබ් අඩවි 1000කට හා ළමා වෙබ් අඩවි 100ක් වෙනුවෙන් විසඳුම් ඉදිරිපත් කළ AV-Comparatives ව්යාජ වෙබ් අඩවි හඳුනාගැනීමේ අනුපාතය 98%ක් දක්වා තහවුරු කිරීමටද කටයුතු කර ඇත.

 

AV-TEST හි මාපිය පාලන පරීක්ෂණය 2023 ප්රතිඵල

 

වැඩිහිටියන් සඳහා විශේෂිත අන්තර්ගතයන් අවහිර කිරීමේ හැකියාව තුළින් ඉහළ කාර්ය සාධනයක් ප්රදර්ශනය කර ඇති Kaspersky Safe Kids, වින්ඩෝස් තුළ වැඩිහිටි අන්තර්ගතයන් 100%ක් අවහිර කිරීමට සමත්ව සිටින්නේ එම තත්වය ඇති කරගත් එකම නිෂ්පාදකයා ලෙසිනි. 2021 සහ 2023 වසරයන්හිදීද මෙම තත්වය අත්පත් කර ගැනීමට ඊට හැකියාව උදා විය. මීට අමතරව ඇන්රොයිඩ්හි ප්රචණ්ඩත්වය, සූදුව වැනි අන්තර්ගතයන්ගෙන් දරුවන් ඈත් කිරීමේදීද 92.20%ක යහපත් ප්රතිඵල පෙන්වා දී ඇති වැඩිහිටි අන්තර්ගතයන් 99.09%ක් අවහිර කිරීමටද සමත්ව ඇත.

 

මේ වන විට අඛණ්ඩව 8 වන වරටත් දෙමාපිය පාලන පරීක්ෂණ සඳහා පිළිගත් සහතිකය ලබා ගැනීමට සමත්ව ඇති Kaspersky Safe Kids එවන් පිළිගැනීමක් ලත් දැනට වෙළෙඳපොලේ පවතින එකම නිෂ්පාදනයද වේ. හානිකර වෙබ් අඩවි අවහිර කිරීම, සමාජ මාධ්ය පාලනය සහ වේලාව පිරිමසා ගැනීම ඇතුළු විසඳුම් රැසක්ද මේ තුළින් ලබා දෙන අතර මීට අමතරව Kaspersky Safe Kids හි මාපිය පාලන සැපයුම්කරුවකුගෙන් බලාපොරොත්තු වන අත්යවශ්ය නිර්ණායක සපුරාලීමට AV-TEST කටයුතු කරනු ඇත.

 

AV-Comparatives මාපිය පාලන සහතිකකරණ ප්රතිඵල

 

2024 වසරේදී AV-Comparatives පරීක්ෂණය තුළින් සාර්ථක ප්රතිඵල අත්කර ගැනීමට Kaspersky Safe Kids සමත්ව සිටියි. එහිදී වින්ඩෝස්හි අසභ්ය වෙබ් අඩවිවලින් 98.1%ක් සාර්ථකව අවහිර කිරීමට සමත්ව ඇති එය පාලනය හා හැසිරවීම සිදු කළ යුතු අන්තර්ගයන් රැසක් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි. එසේම දරුවන් එම උපාංගය තුළ සිදු කර ඇති වෙනස්කම් හා එහි වේගය හඳුනා ගැනීමටද එය සමත් වේ.

 

ඵලදායී ඩිජිටල් මාපිය බලපෑම වෙනුවෙන් Kaspersky හි විසඳුම (පෙර Kaspersky Internet Security පසුව Kaspersky Safe Kids) AV-Comparatives විසින් 2014 වසරේ සිට ස්වාධීන පරීක්ෂාවට භාජනය කර ඇති අතර පිළිගත් නිර්නායක සපුරාලමින් ‘ අනුමත’ සහතිකය ලබා ගැනීමට සමත්ව සිටියි.

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා 2026...
BYD සහ DENZA වාහනවලට පමණක්...
Bairaha Farms Wins NCE Gold,...
Capital Trust Properties’ Minoli Wickramasinghe...
2025இல் வலுவான வளர்ச்சிப் பாதையில் பயணிக்கும்...
NPCI International Strengthens UPI Merchant...
The Routes We Take Marks...
NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන්...
NPCI International Strengthens UPI Merchant...
The Routes We Take Marks...
NPCI International ඉන්දියානු සංචාරකයින්ට පහසුවෙන්...
இந்திய சுற்றுலாப் பயணிகள் எளிதாக பணம்...