LankaPay Technnovation Awards 2025 හිදී හැටන් නැෂනල් බැංකුවට සම්මාන ත්‍රිත්වයක්

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාරිභෝගික පහසුව සඳහා සිය කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින් ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය. එහිදී HNB විසින් පාරිභෝගික පහසුව සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව සඳහා කුසලතා සම්මානය, වසරේ වඩාත්ම නවෝත්පාදන බැංකුව සඳහා රිදී සම්මානය සහ හොඳම Lanka QR සක්‍රීය කරන්නා සඳහා රන් සම්මානය හිමි කරගත්තේය.

මෙම ජයග්‍රහණවලින් ඩිජිටල් බැංකුකරණය වැඩිදියණු කිරීමට HNB හි කැපවීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ වර්ධනයට සහාය වීමේදී බැංකුව විසින් සිදු කරනු ලබන වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කරයි. තවද ගනුදෙනුකාරභවතුන්ට ගෙවීම් පහසු කිරීම, නව අදහස් හඳුන්වා දීම සහ Lanka QR හරහා බාධාවකින් තොරව ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට HNB පෙරමුණ ගෙන කටයුතු කිරීමද මෙම ජයග්‍රහණවලින් පෙන්නුම් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “HNB හි අපි සැමවිටම අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා හොඳම විසඳුම් ලබා දීමට උත්සාහ කරනවා. මෙම සම්මාන මගින් අපගේ කණ්ඩායම උසස් තත්ත්වයේ සහ භාවිතයට පහසු සේවාවන් සැපයීම සඳහා කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කරනවාද යන්න පෙන්නුම් කරනවා. ඒවගේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයෙකු ලෙස අප ඇගයීමට ලක්වීම ගැන අපි ආඩම්බර වන අතර පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට අප අඛණ්ඩව කැපවෙනවා.” යනුවෙනි.

තම ගනුදෙනුකාරභවතුන්ගේ කටයුතු පහසු කරන නව අදහස් හරහා HNB සිය ඩිජිටල් බැංකුකරණය වැඩිදියුණු කරමින් සිටී. Non-Face-to-Face” (NF2F) විශේෂාංගය ඊට කදිම නිදසුනකි. එය ගනුදෙනුකාරභවතුන්ට මාර්ගගත (online) බැංකුකරණය සහ බැංකු ශාඛාවකට යාම අතර පරතරය අවම කිරීමට උපකාරී කරයි. මීට අමතරව HNB SOLO, වඩාත් ජනප්‍රිය වෙමින් පවතින ඩිජිටල් මුදල් පසුම්බියක් වන අතර එය ගනුදෙනුකාරභවතුන්ට Lanka QR භාවිත කිරීමට, බිල්පත් ගෙවීමට, SOLO Max හරහා අනෙකුත් SOLO පරිශීලකයින්ට මුදල් යැවීමට සහ ඔවුන්ගේ Justpay සම්බන්ධිත ගිණුම් සියල්ල එකම වේදිකාවක් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි.

2017 දී ආරම්භ කරන ලද LankaPay Technnovation සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලයි. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රට තුල ඩිජිටල් ගෙවිම් ක්‍රම ප්‍රචලිත කිර්ම උදෙසා නොසැලෙන දායකත්වයක් ලබාදෙන සහ ඒ හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට මූලිකත්වය ගත් බැංකු, මුල්‍ය ආයතන සහ FinTech ආයතන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි. HNB ලැබූ මෙම ජයග්‍රහණ මගින් ඩිජිටල් බැංකුකරණයේ පෙරමුණ ගැනීමට සහ මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධති වැඩිදියුණු කිරීමට බැංකුවේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.

Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...