LB Finance ශ්‍රී ලාංකිකයින්ට පහසු ඩිජිටල් සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව උදා කරමින් Huawei තාක්ෂණය සමඟින් සිය ජාල පද්ධතිය ඉහළ නංවයි

Share

Share

Share

Share

LB Finance සමාගම මෙරට ගනුදෙනුකරුවන්ට වඩා විශිෂ්ට ඩිජිටල් සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදා කරමින් සිය ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි සියලු‍ම ශාඛා ජාලයන්හි ජාල යටිතල පහසුකම් නවීකරණයකට ලක් කරන ලදී. සිය සේවාවන්හි විශ්වාසනීයත්වය, වේගය සහ දත්ත ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා Huawei සමාගම සමඟ සහයෝගීතාවක් ගොඩනගා ගැනීමටද LB Finance සමාගම කටයුතු කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ LB Finance සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරෝෂන් උඩගේ මහතා “අපගේ මෙම ඩිජිටල් සේවාවන් නවීකරණය තුලින් පැරණි පද්ධති හේතුවෙන් පාරිභෝගිකයින් මුහුණ දුන් දුෂ්කරතාවයන්ට විසඳුම් ලැබෙන අතර ඩිජිටල් මූල්‍ය සේවාවන් සඳහා දිනෙන් දින ඉහළ යන පාරිභෝගික ඉල්ලුම සපුරාලීමටද අවස්ථාව උදා වනවා. මෙම යටිතල පහසුකම් තාක්ෂණය ඉහළ නැංවීම තුලින් වඩා වේගවත් හා ආරක්ෂිත සේවාවන් ලබා දීමට LB Finance ආයතනයට හැකියාව ලැබෙනවා. ඒ වගේම cloud පදනම් කරගත් යෙදුම් සහ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක මෙවලම් වැනි නවීන නිෂ්පාදන හා සේවාවන් සඳහා මේ තුලින් අවස්ථාව උදා වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

මෙම නවීකරණයන් යටතේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛා අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම, රැහැන් රහිත ජාල පහසුකම් ශක්තිමත් කිරීම, මූලික ජාල පද්ධතිය නවීකරණය කිරීම සහ සංවේදී තොරතුරු ආරක්ෂා කිරීම සඳහා backup systems ඉහළ නැංවීම සිදු කරන ලදී. එමඟින් පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසනීය සේවාවක් සලසාගත හැකි වන අතර කිසිදු බාධාවකින් තොරව ගනුදෙනු සිදු කිරීමටත් මූල්‍ය දත්තයන්හි ආරක්ෂාව පිළිබඳව උපරිම විශ්වාසයක් තබා ගැනීමටත් හැකි වේ.

මෙහිදී අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze මහතා සඳහන් කර සිටියේ “මෙම ව්‍යාපෘතිය සඳහා LB Finance ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ යටතේ ආයතන දෙකෙහි එකතුවෙන් වඩාත් වේගවත් මෙන්ම ආරක්ෂිත සේවාවන් සපයන AI සහ cloud වැනි දියුණු තාක්ෂණයන් පහසුවෙන් භාවිත කළ හැකි ජාල පද්ධතියක් ගොඩනඟා තිබෙනවා. වර්තමානයේ පවතින ඩිජිටල් ඉල්ලු‍ම සපුරාලීමට මූල්‍ය ආයතනවලට මෙවැනි නවීන සහ විශ්වාසනීය යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වනවා. මේ ආකාරයේ දේශීය නායකත්වය සහ ගෝලීය තාක්ෂණික ප්‍රවීනත්වය එකට එක්වීම තුලින් නව නිර්මාණ බිහිකිරීමටත්, කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත් සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකි ආකාරය මනාව පෙන්වා දී තිබෙනවා.” යනුවෙනි.

MWC Barcelona 2026 හිදී Huawei විසින් හඳුන්වා දුන් Banking AI, Foundation Model Solutions, SuperPoD, AI Data Platform සහ Xinghe AI Network වැනි අති නවීන තාක්ෂණයන් සමඟ LB Finance හි මෙම නවතම ව්‍යාපෘතිය මනාව ගැලපේ. මෙම යාවත්කාලීන කිරීම් හරහා, පාරිභෝගිකයින්ට පහසු හා වඩාත් ගැලපෙන ජාල පද්ධති සඳහා අවශ්‍ය මූලික පදනම සපයනු ලබයි. වඩාත් කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ඔවුන් වෙත ලබා දීමටද මේ තුලින් හැකියාව උදා වනු ඇත.

கிழக்கிற்கு உயிர் கொடுத்து உள்ளூர் பொருளாதாரத்தை...
The smarter way to own...
லங்கா பிறீமியர் லீக் 2026 தொடரை...
අනාගතය ඉලක්ක කරගත් සන්ෂයින් හෝල්ඩින්ග්ස්...
Star Sports නාලිකාව 2026 LPL...
City of Dreams Sri Lanka,...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව, නැගෙනහිරට ජීවය...
Prime Lands Residencies PLC’இன் ‘The...
City of Dreams Sri Lanka,...
ගල්ඔය සීනි කර්මාන්තශාලාව, නැගෙනහිරට ජීවය...
Prime Lands Residencies PLC’இன் ‘The...
LB Finance ශ්‍රී ලාංකිකයින්ට පහසු...