Lina, ශ්‍රී ලංකා පෙනහළු විශේෂඥයින්ගේ විද්‍යාලයේ RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් වෙයි

Share

Share

Share

Share

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ 15 වන වාර්ෂික ශාස්ත්‍රීය සම්මේලනය RESPIRE 2025 හි ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල් බැඳගනිමින් ශ්වසනය ආශ්‍රිත සෞඛ්‍ය පිළිබඳ සමාගමේ කැපවීම නැවතත් අවධාරණ කළේය.

පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම සම්මේලනය සඳහා ගෝලීය සහ කලාපය පුරා සිටින ශ්වසන වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් සහභාගී වූ අතර එහිදී ඔවුන් ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන්, පර්යේෂණ සහ ප්‍රතිකාර පිළිබඳව අදහස් බෙදාහදා ගත්තේය.

ශ්‍රී ලංකා පෙනහළු රෝග විශේෂඥයින්ගේ විද්‍යාලයේ තේමාව වූ ‘ශ්වසන සෞඛ්‍යයේ වැදගත්කම: නිදහසේ හුස්ම ගැනීමට ඉඩක්’ යටතේ RESPIRE 2025 උසස් තත්ත්වයේ ශ්වසන සෞඛ්‍යයක් සඳහා සැමට සමාන ප්‍රවේශයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. බි්‍රතාන්‍ය උරස් ශල්‍ය වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය නික් මැස්කෙල් (එක්සත් රාජධානිය), ලෝකයේ ප්‍රමුඛපෙළේ පෙනහළු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් වන මහාචාර්ය ඇනීටා සිමන්ඩ්ස් (එක්සත් රාජධානිය) ඇතුළු ලොවම පිළිගත් කීර්තිමත් කථිකයින් රැසක් මෙම සම්මේලනයට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය මෙම උත්සවයේ ගෝලීය වැදගත්කම තව තවත් අර්ථවත් කළ අතර අති නවීන පර්යේෂණ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳ වටිනා අවබෝධයක් මෙයට සහභාගී වූවන්ට ලබා දුන්නේය.

මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ Lina Manufacturing හි ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය ටී. සයන්ධන් මහතා පැවසුවේ “ශ්වසනය ආශ්‍රිත වෛද්‍ය විද්‍යාවේදී අඛණ්ඩව නව අදහස් ඉදිරිපත් කිරීම සහ වැඩිදියුණු කිරීම් කොතරම් වැදගත්ද යන්න Lina Manufacturing අප සමාගම තේරුම් ගෙන තිබෙනවා. නවෝත්පාදනය, සහයෝගිතාවය සහ දැනුම ව්‍යාප්ත කිරිම තුලින් රෝගීන්ට වඩාත් හොඳින් ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ මහජනතාව සවිබල ගැන්වීමේ කදිම වේදිකාවක් ලෙස RESPIRE 2025 හඳුන්වන්න පුළුවන්. මෙම උත්සවයට සහයෝගය ලබා දීමෙන් ශ්වසන සෞඛ්‍ය හා නිවාරණය සම්බන්ධ නවතම වර්ධනයන් පිළිබඳ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සහ වෘත්තිකයින් යාවත්කාලීන කිරිමට උපකාර වීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරනවා.” යනුවෙනි.

Lina Manufacturing සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ශ්වසනය ආශ්‍රිත ඖෂධ පරාසය අතරට metered dose inhalers (MDIs), dry-powder inhalers (DPIs) සහ nebulize කිරීම සඳහා භාවිත කරනු ලබන නිෂ්පාදන ඇතුළත් වන අතර ඒවා රෝගීන්ට වඩාත් ඵලදායී ලෙස සුවය ලැබීමට උපකාරී වී තිබේ.

තෙදිනක් පුරා පැවති මෙම සම්මේලනයට වැඩමුළු, ආරාධිත දේශන, විද්වත් මණ්ඩල සාකච්ඡා සහ ප්‍රායෝගික පුහුණු සැසි වැනි ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් විය. තවද මෙම උත්සවය හරහා වෙනත් රටවල විශේෂඥයින් සමඟ සම්බන්ධ වීමට සහ වෘත්තීය සබඳතා ගොඩනඟා ගැනීමට උපකාරී වූ අතර ශ්වසනය සහ පෙනහළු ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට උපකාරී වන නව අදහස් සහ හවුල්කාරිත්වයන්ට කදිම අවස්ථාවක් ලබා දෙන ලදී.

How Vietnam turned FTAs into...
Sampath Bank Strengthens Ocean Plastic...
උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල...
JKCG Auto partners with BOC...
Minoli Wickramasinghe appointed President of...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
City of Dreams பெருமையுடன் வழங்கும்...
ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...