Mahindra Ideal Finance, ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ එක් වෙමින් රථ වාහන මූල්‍ය පහසුකම් සේවාවන් තවදුරටත් ඉහළ නංවයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය කරනු ලබන බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම (MIFL) වාහන සන්නාම රැසක ශ්‍රී ලංකාවේ විශාලතම වාහන බෙදාහරින්නකු වන ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් පුද්. සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. දීප ව්‍යාප්ත වාහන මිලදී ගන්නන් සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදු විය.

මේ යටතේ ලියාපදිංචි කළ මෙන්ම ලියාපදිංචි නොකළ රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පහසුවෙන් වාහනයේ වටිනාකම මත ලීසිං පහසුකම් සලසා දීමට MIFL කටයුතු කරනු ඇත. එහිදී ඔවුන් සතු විවිධ වාහන සන්නාම රථ වාහන මූල්‍ය සේවාවන් තුලින් ඉන්ද්‍රා ටේ්‍රඩර්ස්හි මාදිලි රැසක රථවාහන මිලදී ගැන්ීම සඳහා පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවනු ඇත.

තවද මෙම අවබෝධතා ගිවිසුම යටතේ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා 9.99%ක් වැනි අවම වාර්ෂික පොලියකින් ආරම්භ වන ලීසිං පහසුකම් සලසා දීමට Mahindra Ideal Finance කටයුතු කරනු ඇත්තේ පාරිභෝගිකයින්ට වඩාත් ගැලපෙන මූල්‍ය විසඳුම් ලබා දෙමිනි. ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් වෙතින් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් හට අලෙවියෙන් පසු සේවාවන් තුලින්ද සුවිසල් ප්‍රතිලාභයක් අත්කර ගැනීමට හැකියාව උදා වනු ඇත. ඒ අතරට එන්ජිම හා ගියර් බොක්ස් සඳහා වසර 2ක වගකීමක් සහ ලියාපදිංචි නොකළ වාහනවල හයිබි්‍රඩ් බැටරි සඳහා වසර 3ක වගකීමක් මෙන්ම නොමිලේ සේවා වාර කිහිපයක්ද ඇතුළත් වේ. තවද මෙම ගිවිසුම හරහා Pre-owned රථවාහන ගැනුම්කරුවන් සඳහාද වගකීම් ආවරණය සහ සේවා ආවරණය ලබා දීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ පැවසීය.

“රථවාහන පාරිභෝගිකයින් වෙත පහසුවෙන් සලසා ගත හැකි මූල්‍ය සේවාවක් වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. තවද තරඟකාරී ලීසිං විසඳුම් මෙන්ම රථ වාහන මිලදී ගැනීමෙන් පසුව ලබා දෙන සේවාවන් තුළින් එම පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දීමට මෙම හවුල්කාරීත්වය තුලින් හැකි වනවා.’’

මෙහිදී අදහස් දැක්වූ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස්හි විකුණුම් හා අලෙවි නිලධාරී හශින්ද්‍ර සිල්වා මහතා ‘’Mahindra Ideal Finance සමඟ වන මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පාරිභෝගිකයින්ට වාහන මිලදී ගැනීමේ ප්‍රවේශය පුළුල් කිරීමට මෙන්ම ඔවුන්ට වඩා හොඳ වටිනාකමක් ලබා දීමේ වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව, විශ්වසනීය කීර්තිනාමයට අමතරව MIFL හි තරගකාරී ලීසිං විසඳුම් සමඟින් තමන්ගේම වාහනයක් හිමි කර ගැනීම සඳහා පාරිභෝගිකයින් වෙත පහසු හා විශ්වාසදායී සේවාවක් ලබා දීමට අපි කටයුතු කරනවා.’’ යනුවෙන් පැවසීය.

ஜனசக்தி பைனான்ஸ், பெண்களின் புத்திசாதுரியமான நிதி...
Janashakthi Foundation and President’s Fund...
ජනශක්ති පදනම සහ ජනාධිපති අරමුදල...
Samsung இன் புதிய Galaxy A57...
Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...