MAS, 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය එළිදක්වයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නිල ඇඟළුම් අනුග්‍රාහකයා වන MAS සමූහය 20 වන වරටත් පැවැත්වෙන 2026 අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ඇඟළුම් කට්ටල පසුගියදා නිල වශයෙන් භාරදීම සිදු විය.

මෙවර ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වා ජපානයේ අයිචි ප්‍රාන්තයේ සහ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ එක්ව නිර්මාණය කරන ලද මෙම ඇඟළුම් කට්ටල, සැප්තැම්බර් 09 වනදා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ මාධ්‍ය හමුවේදී එළිදැක්විණි.

MAS සමූහය නිල ඇඟළුම් අනුග්‍රාහකයා ලෙස මෙවර ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්මාණය වන සියලුම නිල ඇඟළුම් සපයනු ලබයි. ඒ අනුව දුනුවිදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, ක්‍රිකට්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, ඔරු පැදීම, රගර්, රුවල් ඔරු පැදීම, ස්කොෂ්, සර්ෆින්, මේස පන්දු, වෙරළ වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර, හොකී, පැසිපන්දු, වූෂු සහ කබඩි ඇතුළු ක්‍රීඩා ඉසව් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස MAS ඇඟළුම් කට්ටලවලින් සැරසෙනු ඇත.

එක් එක් ක්‍රීඩා ඉසව්වට ගැලපෙන අයුරින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර චලනයන්, ඇඳුම්වල ප්‍රමාණයන් සහ සුවපහසුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම නිල ඇඟළුම් කට්ටල නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමේ අනන්‍යතාවය සහ අභිමානය මනාව විදහා දැක්වෙන පරිදි මෙම සමස්ත ඇඟළුම් එකතුව නිමවා ඇත.

මෙම සමස්ත ඇඟළුම් එකතුව ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. ඒ අනුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජපාන සංචාරය, පුහුණු සැසි, තරග සහ podium වෙත පිවිසීම ඇතුළු සියලුම අවස්ථාවන්ට ගැළපෙන පරිදි කැෂුවල්, Podium, සංචාරක සහ එක් එක් ක්‍රීඩාවට ආවේණික වූ සුවිශේෂී ඇඟළුම් කට්ටල මීට ඇතුළත් වේ.
මෙම ඇඟළුම් කට්ටල නිර්මාණ සඳහා ප්‍රධාන වශයෙන් පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාව වටා ඇති සාගර දියවැල්වල ස්වභාවයයි. සාගර රළෙහි ඇති අඛණ්ඩ චලනය සහ ප්‍රබල ශක්තිය මඟින් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු නොපසුබට උත්සාහය සහ ජයග්‍රාහී මානසිකත්වය මනාව සංකේතවත් කෙරේ.

මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් MAS Holdings, Bodywear හි Product Innovation අධ්‍යක්ෂ අරෝෂ් ප්‍රනාන්දු මහතා පැවසුවේ “ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මනාව විදහා දක්වන අතරම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම දක්ෂතා අතරට යාමට උපකාරී වන ඇඟළුම් කට්ටල පෙළක් නිර්මාණය කිරීම සඳහා අපගේ සැලසුම් සහ නවෝත්පාදන කණ්ඩායම් ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කළා. රට වටා ඇති සාගර දියවැල් සතු ශක්තිය, මෙවර ක්‍රීඩා උළෙලට සහභාගී වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු ජයග්‍රාහී මානසිකත්වය සහ නොපසුබට උත්සාහය පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. ශ්‍රී ලංකාව නියෝජනය කරන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශක්තිමත් කිරීමට ඔවුන් ශක්තියක් වීමට ලැබීම අපට විශාල ගෞරවයක්.” යනුවෙනි.

ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා ඇඟළුම් නිෂ්පාදකයෙකු වන MAS සමූහය වසර ගණනාවක් පුරාවට විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරන මෙරට ජාතික කණ්ඩායම් වෙනුවෙන් තම වෘත්තීය නිපුණතාවය සහ දායකත්වය අඛණ්ඩව ලබා දී ඇත.

“නිෂ්පාදන හැකියාව සහ වෘත්තීය නිපුණත්වය වැදගත් වුවත්, අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇඟළුම් නිර්මාණය කිරීමට දායක වීම හුදු ව්‍යාපාරික කටයුත්තකට වඩා අපගේ දැඩි කැමැත්ත සහ කැපවීම පෙන්වන අවස්ථාවක්- සමූහයක් ලෙස, අපේ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේදී ඔවුන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට ශක්තියක් වීමට අප සැමවිටම කැපවී සිටිනවා. ඔවුන් අඳින පළඳින ඇඳුම් ඔවුන්ගේ ජයග්‍රහණවලට බාධාවක් නොවී, රුකුලක් විය යුතුයි. ඊට දායකත්වයක් ලබා දීමට හැකි වීම සැබවින්ම අභිමානයක්.” යනුවෙන් MAS Holdings, Bodywear ප්‍රධාන විධායක නිලධාරී රජීව් ධර්මේන්ද්‍ර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදු කරනු ලබන අඛණ්ඩ ආයෝජනයන් ඔස්සේ, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමට MAS සමූහය නිරන්තරයෙන් කැපවී සිටී.

Huawei Cloud Named a Leader...
Softlogic Life Pioneers AI-Powered Corporate...
විබ්මෝ වංචා සහ අවදානම් කළමනාකරණ...
A Milestone Achievement: Barista Coffee...
ஜனசக்தி லைஃப், வாழ்வைப் பாதுகாத்து, நம்பிக்கையைக்...
Darin Leads Sri Lanka’s Powerlifting...
2026 Calin Popular Awards மற்றும்...
Sumathi IT Marks 25 Years...
Darin Leads Sri Lanka’s Powerlifting...
2026 Calin Popular Awards மற்றும்...
Sumathi IT Marks 25 Years...
ஜனசக்தி லைஃப், யாழ்ப்பாணத்தில் சமூக ஈடுபாட்டை...