MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්ර වෙයි

Share

Share

Share

Share

  • වසරේ විශිෂ්ටතම අපනයනකරු සහ වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා ඇතුළු සම්මාන 7ක් දිනා ගනී
  • තිරසාර අපනයන, නිෂ්පාදන විවිධාංගීකරණය සහ වෙළඳපල ව්‍යාප්තිය වෙනුවෙන් ඇගයීමට ලක් වෙයි

 

ගෝලීය ඇඟලු‍ම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් ලැබීය.

මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි 7 වන දින කොළඹ BMICH හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට ලබා දෙන කැපී පෙනෙන දායකත්වය පිළිබිඹු කරමින් සමස්ත සහ ආංශික යන සම්මාන ද්විත්වයම තමන් සතු කරගනිමින් MAS අනෙකුත් ජයග්‍රාහකයින් අතර විශේෂයෙන් කැපී පෙනුණි. මෙම සම්මාන උළෙලේදී MAS විසින් එහි ඉහළම සම්මානය වන වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළුව වසරේ විශිෂ්ටතම ශුද්ධ විදේශ විනිමය උපයන්නා, නිෂ්පාදන විවිධාංගීකරණය සඳහා විශිෂ්ටතම අපනයනකරු, අපනයන ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය, අපනයන සැපයුම් දාමයට කලාපවලින් දැක්වූ විශිෂ්ට දායකත්වය සහ නැගී එන වෙළෙඳපොළවල හොඳම ක්‍රියාකාරී අපනයනකරු යන සම්මාන දිනා ගන්නා ලදී. මීට අමතරව ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රයේ මහා පරිමාණ කාණ්ඩය යටතේ විශිෂ්ට අපනයනකරු ලෙසද MAS සම්මානයට පාත්‍ර විය.

මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් MAS Holdings ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ “මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ අපගේ කණ්ඩායම් සාමාජිකයින් 70,000 කගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීමේ ප්‍රතිඵලයක්. අපගේ සෑම තරාතිරකම සිටින MAS සාමාජිකයින්ගේ ඇති දැඩි ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය, තිරසාරභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන හැකියාවන්වල විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා. එමෙන්ම රටේ ආර්ථිකයට දායක වීමට මෙන්ම සදාචාරාත්මක සහ ජාත්‍යන්තර තලයේ ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති කීර්තිය තව තවත් ශක්තිමත් කිරීමට හැකි වීම ගැන අප ආඩම්බර වනවා.” යනුවෙනි.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙල අපනයන විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම අවස්ථාව වෙයි. රටේ අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අපනයනකරුවන් මෙහිදී ඇගයීමට ලක් කරනු ලබයි.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...