MAS Holdings අඛණ්ඩව තෙවන වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය දිනා ගනී

Share

Share

Share

Share

ඇඟලූම් කර්මාන්තයේ ප‍්‍රගතිය සහ තිරසාර නවෝත්පාදනය කෙරෙහි MAS හි සුවිශේෂී අවධානය

ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල මඟින් නව්‍යකරණයන් කෙරෙහි මූලික අවධානයක් ලබාදෙන සංවිධාන හඳුනාගෙන අගයනු ලබයි.

දකුණු ආසියානු නවෝත්පාදන සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය ලොව පුරා නවෝත්පාදන නායකයින් හඳුනාගැනීමේ මිණුම් ලකුණක් වන Clarivate’s Top 100 Global Innovators™ හි ක‍්‍රමවේදයට සමාන්තර වේ. Clarivate විසින් derwent World Patents Index™ ^DWPI™& iy Derwent Patents Citation Index™ වෙතින් ලැබෙන දත්ත මත පදනම්ව පේටන්ට් බලපත‍්‍ර කොපමණ තිබේද සහ එක් එක් පේටන්ට් බලපත‍්‍රලාභීන්ගේ නවෝත්පාදන ශක්තිය කෙසේද යන කාරණා දෙකම ඇගයීමට ලක් කරයි.

MAS Holdings හි නවෝත්පාදනයන්ට නායකත්වය ලබාදෙන රනිල් විතාරණ මහතා පැවසුවේ, ‘’Clarivate වෙතින් නැවතත් දකුණු ආසියානු නවෝත්පාදන සම්මානය දිනා ගැනීමට ලැබීම අපට මහත් සතුටක්. අප තෙවන වරටත් හිමිකරගත් මෙම ජයග‍්‍රහණය, පෙරළිකාර නවෝත්පාදනයන් වෙනුවෙන් සහ උසස් තත්වයේ බුද්ධිමය දේපළක් පවත්වා ගැනීම වෙනුවෙන් වූ MAS හි නොසැලෙන කැපවීම පිළිබඳව සාක්ෂි සපයනවා. නවෝත්පාදනය සඳහා අපගේ කැපවීම ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරනවා පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන්ගේ සාර්ථකත්වයට ද දායක වෙනවා.” යනුවෙනි.

ආයතනික කාණ්ඩය යටතේ දකුණු ආසියානු නවෝත්පාදන සම්මානය ලබා ගැනීම තුළින් MAS හි බුද්ධිමය දේපල (IP) ශක්තිමත් වන අතර, කලාපයේ ප‍්‍රමුඛ නවෝත්පාදකයෙකු ලෙස එහි ස්ථානය තවදුරටත් ශක්තිමත් වී ඇත.

MAS හි කැපී පෙනෙන නවෝත්පාදන මාවතේ කේන්ද්‍රය ලෙසින් හැඳින්විය හැකි එහි නවෝත්පාදන හස්තය වන Twinery, ස්මාර්ට් ඇඟලූම් තාක්ෂණයන් සංවර්ධනය කිරීම සහ භාවිතා කිරීම වේගවත් කිරීම සඳහා කැපවී ඇත. Twinery ඇඟලූම් කර්මාන්තයේ අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම සඳහා ගෝලීය විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, නිර්මාණකරුවන් සහ ව්‍යවසායකයින් එකට එක් කරයි.

Femography සහ Softmatter, ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සීමා මායිම් පුළුල් කිරීමට MAS හි කැපවීම පෙන්නුම් කරයි. Softmatter, ඇඟලූම් තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදු කර ඇති අතර සේදිය හැකි සංවේදක, හැප්ටික්ස්, ආලෝකය සහ තවත් දේ හරහා පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කරයි. මේ අතර, Femography, උසස්, සේදිය හැකි, නැවත භාවිතා කළ හැකි සහ වඩාත් තිරසාර FemTech නිෂ්පාදන සංවර්ධනය කිරීමෙන් කාන්තා සෞඛ්‍ය සහ සනීපාරක්ෂක විසඳුම් කෙරෙහි අවධානය යොමුකර ඇත.

Twinery යනු සම්මාන දිනූ සහ පේටන්ට් බලපත‍්‍ර 66ක් ඇති නව්‍ය සමූහයකි. ඔවුන් නව අදහස් ඉදිරිපත් කිරීමේ සංස්කෘතියක් ඇති කිරීමට දිරිමත් කරන අතර, එය White Spaces ලෙසින් හැඳින්වෙන, කිසිවකු වැඩිපුර ගවේෂණය නොකළ වපසරියන් වෙත ලඟාවීමට MAS හට උපකාර කරයි. ඒ වෙනුවෙන් Twinery හට Fast Company වෙතින් ඇගයීමක් පවා හිමි වූ අතර, ඔවුන් ලොව පුරා නව නිර්මාණ කරන පුද්ගලයින් සඳහා හොඳම ස්ථාන අතරින් 18 වැනි ස්ථානයට තේරීපත් විය.

ඇඟලූම් කර්මාන්තය වඩාත් පරිසර හිතකාමී බවට පත්කරමින් සහ මිනිසුන්ට වැඩි තේරීම් ප‍්‍රමාණයක් ලබා දෙමින් නව තාක්ෂණයන් සහ විසඳුම් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට Twinery කැපවෙයි. ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන MAS, ඇඟලූම් කර්මාන්තය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ වෙළඳපල වර්ධනයට උපකාර කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔවුන් වසරින් වසර ඒ වෙනුවෙන් ඇගයීමට පාත‍්‍රවෙයි.

• සම්මාන ප‍්‍රදානය කිරීම: Clarivate හි දකුණු ආසියා පැසිෆික් කලාපයේ බුද්ධිමය දේපල වෙළඳපල ප‍්‍රධානී නිකොලස් මේසන් 2023 Clarivate South Asia නවෝත්පාදන සම්මානය Twinery හි මානව සම්පත් ප‍්‍රධානී දිනෙලි ජයසේකර වෙත ප‍්‍රදානය කිරීම

• MAS Holdings අඛණ්ඩව තුන්වන වසරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය දිනා ගනිමින්

 

 

 

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...