MAS KREEDA, 2023 RoSPA හිදී රන් සම්මාන දෙකකින් පිදුම් ලබයි

Share

Share

Share

Share

 

මෙය MAS ආයතනයට මෙන්ම රටට ද සුවිශේෂී සන්ධිස්ථානයකි

 

MAS KREEDA විසින් පසුගියදා ඩුබායි හි පැවති 2023 2023 RoSPA (Royal Society for the Prevention of Accidents) හි දී “Achievement” කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ලබා ගන්නා ලදී. මෙහිදී වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙන්වන විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් ආයතන ඇගයීමට ලක් කෙරෙන අතර, MAS KREEDA Synergy සහ Shadeline නිෂ්පාදන කර්මාන්තශාලා මෙම ජයග‍්‍රහණයේ සාඩම්බර හිමිකරුවන් විය. 67 වරසක් පුරා දිවෙන RoSPA Health and Safety Awards, එක්සත් රාජධානියේ විශාලතම වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ සම්මාන වැඩසටහනයි. ක‍්‍රියාකාරිත්වය, නායකත්වය, සංස්කෘතිය සහ ශ‍්‍රම බලකායේ සහභාගීත්වය වැනි භාවිතයන් ඇතුළුව අනතුරු වැළැක්වීමේ සහ සෞඛ්‍ය ගැටළු සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධති සංවිධානවල ක‍්‍රියාකාරිත්වය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සම්මාන ප‍්‍රදානය කරන ආයතනය විසින් සලකා බලනු ලබයි.

RoSPA සම්මාන ඉතා ගෞරවනීය නාමයක් දිනා සිටින අතර, ලොව පුරා රටවල් 50කට වැඩි ගණනකින් වාර්ෂිකව ඇතුළත් කිරීම් 2000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය වන අතර ඒ හරහා මිලියන 7කට අධික සේවක සංඛ්‍යාවක් වෙත ළඟා වේ. කණ්ඩායම් ශක්තිය වැඩි දියුණු කිරීම සහ සමාගමේ සෞඛ්‍ය සහ ආරක්ෂිත භාවිතයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම වේදිකාව ඉහළ කාර්යයභාරයක් ඉටුකරයි. මීට අමතරව, RoSPA සම්මාන අනතුරු වැළැක්වීම සඳහා ගෝලීය මිණුම් ලකුණක් ලෙස ද හඳුනා ගනී. එමගින් සේවකයින්ගේ ජීවිත වලට දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කරන අතරම ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දීම අරමුණු කරගත් සංවිධාන විසින් ඔවුන්ව ඉතා ඉහළින් අගයනු ලැබේ.

MAS KREEDA හි තිරසාර ව්‍යාපාර පිළිබඳ සාමාන්‍යාධිකාරී එරංග දිල්හාන් මහතා පැවසුවේ, ‘’ROSPA වෙතින් මෙම රන් සම්මාන දෙක ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම සම්මාන අපගේ සේවකයින්ගේ සහ කොන්ත‍්‍රාත්කරුවන්ගේ සංස්කෘතිය, ආකල්ප සහ කැපවීම පිළිබඳ සාක්ෂියක් වන අතර පෙර නොවූ විරූ තරම් ප‍්‍රබල ලෙස සෞඛ්‍ය සහ ආරක්ෂිත ප‍්‍රමිතීන් තහවුරු කර තිබෙනවා.” යනුවෙනි.

කර්මාන්තශාලා තුළ ක‍්‍රියාත්මක වන ආදර්ශවත් සෞඛ්‍ය සහ ආරක්ෂිත පිළිවෙත් සහ එහි සේවකයන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ පාරිභෝගිකයන් සඳහා ආරක්ෂිත පරිසරයක් ඇති කිරීමට දරණ උත්සහයන් මෙම සම්මානය හරහා තහවුරු වෙයි. මීට අමතරව, සමාගම සිය කාර්ය මණ්ඩලය සහ කොන්ත‍්‍රාත්කරුවන් සඳහා නිතිපතා පුහුණුව ලබා දීම, එහි පහසුකම් පිළිබඳ දැඩි ආරක්ෂණ විගණන කිරීම සහ ආරක්ෂාව උල්ලංඝනය කිරීම් සඳහා ශුන්‍ය-ඉවසීමේ ප‍්‍රතිපත්තියක් ඇතුළත් පුළුල් සෞඛ්‍ය සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් ක‍්‍රියාත්මක කිරීම සිදු කර ඇත. මීට අමතරව, සැපයුම්කරුවන්ගේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා උසස් තාක්ෂණයන් භාවිතා කිරීම ඇතුළුව සමාගම සිය සැපයුම් දාමයේ නව්‍ය ආරක්ෂණ පියවරයන් ක‍්‍රියාත්මක කර ඇත.

MAS KREEDA හි ප‍්‍රධාන විධායක නිලධාරී සියාන් සහීර් මහතා අදහස් දක්වමින්, ”මෙම ඇගයීම MAS KREEDA සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් පමණක් නොව, සමස්ත ශ‍්‍රී ලංකාවම ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් වෙනවා. ඒ වගේම KREEDA හා සම්බන්ධ සෑම දෙනාගේම යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා අපි සැමවිටම ප‍්‍රමුඛත්වය දී තිබෙනවා. මෙම සම්මාන අපගේ සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියේ සඵලතාවය තහවුරු කරනවා. අපගේ කණ්ඩායම් සෞඛ්‍ය සහ ආරක්ෂිත භාවිතයන්හි විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යමින් කර්මාන්තය සඳහා නව මිණුම් සලකුණු ඇති කරනු ඇතැයි මම විශ්වාස කරනවා.” යනුවෙන් පැවසුවේය.

සියලූම කර්මාන්තශාලා ISO 45001 සහතිකය ලබා ඇති අතර, වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුකූල වේ. සමාගම තිරසාර සහ වගකීම් සහිත පරිචයන් සඳහා ඇති කැපවීම පෙන්නුම් කරමින් වගකීම් සත්කාර වැඩසටහන (Responsible Care program) යටතේ සහතිකයක් ද ලබා ඇත. MAS KREEDA හි කළමනාකාරිත්වය IOSH Transformational Leadership වැඩසටහන සම්පූර්ණ කරමින් තුන්වන මට්ටමේ සහතිකය ලබා ඇත. ධනාත්මක වෙනසක් ඇති කළ හැකි සහ ආරක්ෂිත ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි ශක්තිමත් නායකත්වයක් බිහි කිරීම සඳහා මෙම වැඩසටහන සකස් කර ඇත.

MAS KREEDA නාමය කී‍්‍රඩා ක්ෂේත‍්‍රය තුළ නොමැකෙන සන්නාමයක් බවට පත්ව ඇත. එහි නිෂ්පාදන ස්ථාන ජෝර්දානය, ඉන්දුනීසියාව සහ ශ‍්‍රී ලංකාව යන රටවල එහි ප‍්‍රධාන පාරිභෝගිකයාට තරඟකාරී වාසියක් ලබා ගතහැකි අයුරින් උපායමාර්ගිකව ස්ථානගත කර ඇත. එහි සෑම සාමාජිකයෙක්ම අපගේ මිනිසුන්ට සහ මිහිතලයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට කැපවී සිටිති. MAS KREEDA වෙත අනුග‍්‍රහය දක්වන MAS Holdings, වසර 30කට අධික කර්මාන්ත ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවකින් යුත්, ලොව පුරා 50 කට අධික නිෂ්පාදන කර්මාන්තශාලා සහිත ලොව පිළිගත් නිර්මාණ බෙදාහරින්නා වේ.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...