ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්රයේ දැරිය හැකි මිලකට මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය මෑතකදී තම රෝහල් කාර්ය මණ්ඩලයේ කුසලතා සංවර්ධන සහ නව දැනුමෙන් ඔවුන් යාවත්කාලීන කිරීමේ අරමුණ පෙරදැරිව Medihelp නැණසවි දිගුකාලීන අධ්‍යයන වැඩසටහන පසුගියදා දියත් කළේය.
Medihelp නැණසවි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට MediHelp hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, රසායනාගාර අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, වෛද්‍ය අධ්යක්ෂ චරිත විජේසිරිවර්ධන, විධායක අධ්යක්ෂ චන්දික විජේසිරිවර්ධන, Medihelp රෝහල් ජාලයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මෙන්ම ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද එක්ව සිටියහ.
“Medihelp රෝහල් සමූහයේ නිර්මාතෘ සහ මෙහි සභාපතිවරයා ලෙස මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකනවාග විශේෂයෙන්ම හොඳින් සැලසුම් ගතව ඉදිරිපක් කළ අධ්‍යයන වැඩසටහන් මාලාවකින් සමන්විත මෙම දිගු කාලීන සේවක කුසලතාවන් වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ විවිධ තලයන් හි සේවයකරන සේවක සේවිකාවන්ගේ කුසලතාවන් වර්ධනය කිරීමට අපට හැකිවෙතැයි විශ්වාස කරනවාග කරන අතරම සෞඛ්‍ය සේවා ජාලය පුළුල් කරමින්, අපගේ රෝගීන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා Medihelp රෝහල් සමූහයේ සේවක ප්‍රජාවගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා.” යනුවෙන් සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා පැවසුවේය.
මෙම අවස්ථාවට එක්වෙමින් Medihelp රෝහල් සමූහයේ වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ “රට ආර්ථික අර්බුදයක් සමඟ පොරබඳින කාලවකවානුවක කුසලතා සහ අද්දැකීම් සහිත සහිත සෞඛ්‍ය සේවකයින් රඳවා තබා ගැනීම සහ එම තත්වයේ සේවකයින් අලුතින් බඳවා ගැනීම විශාල අභියෝගයක්ග එබැවින් මෙවැනි වැඩසටහන් දියත් කිරීම හරහා අපගේ කාර්යය මණ්ඩලය වෙත නවීන වෛද්‍ය තාක්ෂණයල ගෝලීය ප්රශස්ත භාවිතයන්, නූතන වෛද්‍ය තාක්ෂණය ලබාදීමට හැකි වෙනවා. මෙම නව දැනුම සහ තාක්ෂණික ක්‍රම පිළිබඳව සේවකයින් යාවත්කාලීන කිරීම තුළින් අපගේ සාර්ථකත්වයට ප්‍රමුඛතම සාධකයක් ග අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන සාධකයි.” යනුවෙනි.
රටේ වත්මන් අස්ථාවර ආර්ථික වාතාවරණය මධ්‍යයේ වුවද රෝහල් ජාලය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරන මොහොතක කුසලතාවයෙන් හෙබි මානව සම්පතක් සොයා ගැනීම අතිශය අභියෝගාත්මක තත්වයකි. එමෙන්ම රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ද වන්නේ පුහුණු ශ්‍රම බලකායේ හිඟයයි. මෙයට උපායමාර්ගික ප්‍රතිචාරයක් වශයෙන්, Medihelp රෝහල් ජාලයෙහි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නිශාන්ත ජයමාන්න මහතාගේ සංකල්පයක් අනුව Medihelp රෝහල් ජාලය විසින් Medihelp නැණසවි වැඩසටහන හඳුන්වා දෙන ලද අතර මෙම වැඩසටහන තුළින් තම ආයතනය තුළින්ම කුසලතාවන් සහ නව දැනුමෙන් යාවත්කාලීන වූ රෝහල් කාර්ය මණ්ඩලයක් බිහිකර ගැනීමට Medihelp රෝහල් ජාලයට හැකි වනු ඇතග
Medihelp නැණසවි වැඩසටහනෙහි ප්‍රථම අදියර ලෙස Medihelp ඔසුසල් කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩසටහන ^PSCDP& දියත් කිරීම ද මෙම උත්සවයේදී සිදු විය. Medihelp රෝහල් ජාලයේ ඔසුසල් නවයක සහ හොරණ , නුගේගොඩ, මොරටුව, පිළියන්දල, හෝමාගම, බණ්ඩාරගම, අතුරුගිරිය සහ මතුගම යන ප්‍රදේශවල පිහිටි ඔසුසල් 9ක සේවය කරන සාමාජිකයින් 30 ක් මෙම පළමු කණ්ඩායම සඳහා තෝරාගන්නා ලදි.
Kalbe Pharma ආයතනය සමඟ සහයෝගීතාවයෙන් දියත් කරන PSCDP, වැඩසටහන ඖෂධ ක්ෂේත්රයේ සුදුසුකම් ලත් කර්මාන්ත විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් පවත්වනු ලබන මාස හයක සහතික පත්‍ර පාඨමාලාවකි.
වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Medihelp Hospitals රෝහල් ජාලයෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා සඳහන් කළේ, “Medihelp නැණසවි වැඩසටහනෙහි ප්‍රථම අදියර Medihelp ඔසුසල් කාර්ය මණ්ඩලය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන අතරම නුදුරු අනාගතයේ දී රසායනාගාර, හෙද, පරිපූරක සහ සියලු උපකාරක සේවා ඇතුළු අනෙකුත් අංශ වෙනුවෙන් ද මෙැවනිම මානව සම්පත් සංවර්ධන සහ දැනුම යාවත්කාලීන කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. අපි අපගේ සේවාවන් පුළුල් කිරීම හෝ නොකිරීම සිදු කළද රෝහල් සමූහයේ සියලු අංශයන්හි සේවය කරන සේවක මඩුල්ලේ කුසලතා සංවර්ධනය ල දැනුම යාවල්කාලීන කිරීම සහ නව දැනුමෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍ය වන්නේ පාරිභෝගිකයින් වෙත ලබා දෙන සේවයෙහි ගුණාත්මක භාවය ප්රශස්ත ලෙස වර්ධනය කිරීම සඳහා වඩාත් වැදගත්ම සාධකය මෙය වන නිසයිග එබැවින් දැනුමෙන් සහ කුසලතාවයෙන් පරිපූර්ණ සේවක මඩුල්ලක් සමග රෝහල් සමූහයේ සමස්ත සේවා තත්වය සහ පාරිභෝගික අත්දැකීම වඩාත් ප්‍රශංසනීය මට්ටමකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙනිග
පාරිභෝගිකයා කෙන්ද්‍රගත වූ උසස් සේවවල පහසුකම් සහ නවීන තාක්ෂණය නිරතුරුව හඳුන්වාදීම යන හේතුන් මත වසර ගණනාවක් පුරා සුවහසක් පාරිභෝගික ජනතාවගේ මූලික ප්‍රතිකාර සඳහා පළමු තෝරා ගැනීම බවට පත් වීමට Medihelp රෝහල් සමූහය සමත් වී ඇති අතර තම රෝහල් සමූහයේ හැකියාවන් තව දුරටත් ප්‍රගුණ කරගනිමින් ජාත්‍යන්තර තත්වයේ මූලික ප්‍රතිකාර අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින්ට ලබා දීමට Medihelp රෝහල් සමූහය කටයුතු කරමින් සිටී.