#ProudSriLankan සමඟින් TikTok ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය සැමරීමට එක් වෙයි

Share

Share

Share

Share

වර්තමාන ඩිජිටල් සහ online සම්බන්ධතා ලෝකයේ විවිධ පසුබිම්වලින් පුද්ගලයින් සම්බන්ධ කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එකමුතුකම සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා සංස්කෘතික මධ්‍යස්ථාන බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාව සිය 76 වැනි නිදහස් දිනය සැමරීමට සමගාමීව TikTok මෙරට සංස්කෘතික අනන්‍යතාවයේ පොහොසත්කම, විවිධත්වය සැමරීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා විචිත‍්‍රවත් අවකාශයක් ලෙස ක‍්‍රියා කරයි.

සංස්කෘතික විවිධත්වයත් සහිත අති සුන්දර දුපතක් ලෙස කීර්තියක් උසුලන ශ්‍රී ලංකාව වැනි රටක TikTok පුළුල් පරාසයක ප‍්‍රකාශන සහ සංස්කෘතික බලපෑම් එකට එකතු කර අන්තර්ජාලය හරහා අන්තර් ක‍්‍රියා කරන වේදිකාවක් ලෙස සේවය කිරීමට ඇති එයට ඇති හැකියාව මනාව පෙන්නුම් කර ඇත. TikTok වේදිකාවේ කෙටි වීඩියෝ ශ්‍රී ලංකාව අනන්‍යතාවය නිර්වචනය කරනු ලබන විවිධ ජනවාර්ගික, භාෂා සහ සම්ප‍්‍රදායන් කදිමට ප‍්‍රදර්ශනය කරයි. TikTok එහි පරිශීලකයින්ට නිදහසේ අදහස් ප‍්‍රකාශ කළ හැකි ආරක්ෂිත සහ පිළිගැනීමේ පරිසරයක් ලබා දෙයි. TikTok හි පේ‍්‍රක්ෂකයින් අතර වැඩි අවබෝධයක් සහ අගය කිරීමක් ඇති කරමින් සෑම පසුබිමකටම සහ ප‍්‍රජාවන්ට අයත් පුද්ගලයින් TikTok වේදිකාව මත ඔවුන්ගේ වෙනස් සංස්කෘතික දැක්ම බෙදාහදා ගනී.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යනු ජාතික උත්සවයක් පමණක් ම නොවේ. එය ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් සියලූ ශ්‍රී ලාංකිකයන් එක්සත් කරන සැමරුම් උත්සවයකි. TikTok භාවිත කරනු ලබන සෑම කෙනෙකුටම මාර්ගගත හෝ ඩිජිටල් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට, පුද්ගලික කථා බෙදාහදා ගැනීමට සහ නිදහස දිනා ගැනීම සඳහා සමස්ත ප‍්‍රජාව විසින් කරන ලද අතීත සිදුවීම්, කැපකිරීම් සහ උත්සාහයන් පිළිබඳව සාකච්ඡුා කිරීමට හැකිය. TikTok සියළුම දේශසීමා වලින් ඔබ්බට ගොස්, ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ උරුමයට සහ එකමුතුකමේ හැඟීම සැමරීම සඳහා එක්විය හැකි පරිසරයක් නිර්මාණය කරයි.

‘‘අපි දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා අපගේ සංස්කෘතිය, භූ දර්ශන සහ ආකර්ශනීය ස්ථාන TikTok වේදිකාව මත ප‍්‍රදර්ශනය කරමින් හි අපේ රටේ සුන්දරත්වය බෙදාහදා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරමු. අපගේ අන්තර්ගතය සංචාරකයින්ට සහ සංචාරක ලෝලීන්ට ආමන්ත‍්‍රණය කරන අපගේ විචිත‍්‍රවත් සංස්කෘතියේ සැමරුමක් ලෙස අපි දකිමු.” – ?එර්ඩැකඅසඑයඅසෙැකන

විනෝදාස්වාද වේදිකාවක්, TikTok අධ්‍යාපනය සහ ඓතිහාසික මතකයන් සඳහා ප‍්‍රබල මෙවලමකි. #ProudSriLankan අන්තර්ගත නිර්මාණකරුවන් නව පරම්පරාවක් දැනුවත් කිරීමට සහ ප‍්‍රබෝධමත් කිරීමට මෙම වේදිකාව උපයෝගී කරගනිමින් ශ‍්‍රී ලංකාවේ නිදහස සඳහා වූ අරගලය පිළිබඳ සිත් ඇදගන්නා සුළු කථා ගෙනහැර දක්වයිx ඊට අමතරව TikTok හි #SriLankanFood ශ්‍රී ලංකාවේ සූපශාස්ත‍්‍ර උරුමයට ගෞරවයක් එක් කරයි. ඒ සෑම වීඩියෝවක්ම කුඩා සැමරුමක් බවට පත්වන අතර එසේ කිරීමෙන් ඔවුන් ශ‍්‍රී ලංකාවේ විවිධත්වය සහ ඒකීයත්වය පිළිබිඹු කරන විචිත‍්‍රවත් ඩිජිටල් පරිසරයක් නිර්මාණය කරයි.

‘‘සෑම ආහාර වට්ටෝරුවකම පිටුපස කතාවක් ඇති බව මම විශ්වාස කරනවා. ශ‍්‍රී ලාංකීය ආහාර යනු අපේ රටේ ඉතිහාසය සහ පොහොසත් සංස්කෘතියේ එකතුවක්. මම නිර්මාණය කරන කෑම වර්ග හරහා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය TikTok හි කතාවක් සමඟ බෙදාහදා ගැනීමට හැකිවීම මට ගෞරවයක්.’’ – @jithmie

ශ‍්‍රී ලංකාව සිය 76 වන නිදහස් දිනය සමරන මේ අවස්ථාවේදී TikTok ශ‍්‍රී ලාංකිකයින්ට තම රට කෙරෙහි ඇති ආදරය නිර්මාණාත්මක ආකාරයෙන් ප‍්‍රකාශ කිරීමට හැකියාව ලබා දෙයි. ශ්‍රී ලාංකික ධජය එසවීමේ සිට ජාතික ගීත ගායනය කිරීම දක්වා TikTok වේදිකාව පරිශීලකයින්ට විවිධ නිර්මාණාත්මක අන්තර්ගතයන් හරහා තම රට පිළිබඳ ආදරය විචිත‍්‍රවත් හා නිරන්තරයෙන් වෙනස් වන අවකාශයක් බවට පත් වෙයි. TikTok හි මෙම ඩිජිටල් සැමරුම ශ‍්‍රී ලංකාවේ විවිධ සහ ඒකාබද්ධ ආත්මය ප‍්‍රදර්ශනය කරයි. මෙම කාලය තුළ TikTok හි බෙදාහදා ගත් අන්තර්ගතයන් ශ‍්‍රී ලාංකීය ජනතාවගේ විවිධ සංස්කෘතික පසුබිම් සහ සාමූහික එකමුතුව මූර්තිමත් කරයි.

 

 

HNB TxB ගනුදෙනුකරුවන්ට LankaPay හරහා...
The Italian Table: An Evening...
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්...
ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින්...
First Capital secures three awards...
Home to Us. A Wonder...
LANKATILES Brings Surface, Form and...
Samsung Sri Lanka Unveils New...
Home to Us. A Wonder...
LANKATILES Brings Surface, Form and...
Samsung Sri Lanka Unveils New...
உலக சுற்றுலா தினம் 2026: இலங்கையின்...