Samsung TVs ඕනෑම කෙනෙකුට හා සැමටම පහසුවෙන් ලෝකය සමඟ සම්බන්ධ විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයකින් යුතු රූපවාහිනී ඔබ වෙත ගෙන එන අයුරු

Share

Share

Share

Share

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් ඕනෑම කෙනෙකුට සහ සැමටම තම රූපවාහිනිය හරහා ලෝකය සමඟ සම්බන්ධ විය හැකි බව සහතික කිරීමේ ඉලක්කය සමඟින් ඔවුන්ගේ පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් වැඩිදියුණු කර ඇති අතර එහි ප‍්‍රතිඵල 2014 වසරේ පටන් ලොව පුරා සිටින පරිශීලකයින් අත්විඳිමින් සිටී.
පහසුවෙන් ළඟා විය හැකි වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුත් නව්‍ය රූපවාහිනී අත්දැකීමක් ගෙන ඒම සඳහා සමාගමේ දැනට සිදු කරමින් පවතින ප‍්‍රයත්නයන් පිළිබඳ අපි විමසා බලමු.
ඔබ යමක් නැරඹීමේදී තිරයේ දිස්වන captions වලින් ඔබ නරඹන අන්තර්ගතයට හානියක් නොවීම සඳහා සැම්සුන් විසින් Auto Caption Position විශේෂාංගය හඳුන්වා දී තිබේ. Video analysis තාක්ෂණය භාවිතයෙන් තිරයේ ඇති text සමඟ සම්බන්ධ නොවී captions වලට එය ඉඩ ලබා දෙයි.
මෙම වැඩිදියුණු කළ තාක්ෂණයෙන් යුත් රූපවාහිනී මාලාව මගින් ඔබට ලබා දෙන තවත් නවාංගයක් වන්නේ TV Menus හි ඇති සංඥා භාෂාවයි (Sign Language). මෙහිදී කාටුන් avatar එකක් තිරයේ පහළින් දිස්වී සංඥා භාෂාව මගින් TV Menu එක ඔස්සේ ඔබට මග පෙන්වනු ඇත.
තාක්ෂණයේ විප්ලවයක් ඇති කිරීමට සහ සෑම දෙනාටම ප‍්‍රවේශය ලබා දීමට සැම්සුන් කැප වී සිටින අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සැම්සුන් නිෂ්පාදන සහ සේවාවන් පහසුවෙන් භාවිතා කළ හැකි බවට සහතික වෙයි. ඔවුන් සිය තාක්ෂණයේ අසීමිත බලය සහ ඔවුන්ගේ හැකියාවන් නොසලකා හරිමින් වඩාත් විශිෂ්ට වූ පරිශීලක අත්දැකීමක් ලබා දෙන සහ මිනිසුන්ගේ ජීවිත සමෘද්ධිමත් කරන විශේෂාංග සහ ක‍්‍රියාකාරීත්වයන් සැලසුම් කිරීමේ හැකියාව ලබා ගනිමින් සිටියි.
සැම්සුන් දීර්ඝ කාලයක් පුරාවට සැමටම පුළුල් පරාසයක විහිදුනු තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා ප‍්‍රමුඛත්වය දී තිබේx විවිධත්වය හඳුනන සහ වෙනස්කම් පිළිගන්නා මිනිසා කේන්ද්‍ර කොටගත් දර්ශනයක් වටා සැම්සුන් නිෂ්පාදන සහ සේවා ගොඩනැගී පවතී.
පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි සැම්සුන් හි නවතම නවෝත්පාදනයක් වන SeeColors යෙදවුම මගින් දෘශ්‍ය ආබාධ ඇති පුද්ගලයින්ට බිලියන ගණන් වර්ණ වඩා හොඳින් බැලීමට උපකාරී වේ. මෙම යෙදවුම වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන (CVD) පරිශීලකයින්ට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇත. එමගින් ලොව පුරා මිලියන 300 ක පමණ ජනතාවකට පහසුකම් සලසන අතර ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ සැම්සුන් QLED රූපවාහිනීවල වර්ණ සැකසුම් සැකසීමට සහාය වෙයි. පරිශීලකයෙකුගේ CVD මට්ටම් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ නැරඹුම් අත්දැකීම ස්වයංක‍්‍රීයව ප‍්‍රශස්ත කිරීමට සැම්සුන් විසින් SeeColors යෙදවුමෙහි Colorlite® Test හෝ C-test යොදා ගෙන තිබේ.
සැම්සුන් හි 2021 Neo QLED TVs රූපවාහිනී පරාසය ඔස්සේ මෙය දැන් ලබා ගත හැකි අතර සැම්සුන් හි Sign Language Zoom සහ Caption Moving විශේෂාංග මගින් ශ‍්‍රවණ දෝෂ අවම කරයි. Sign Language Zoom ශ‍්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා වන sign language ප‍්‍රදේශය ස්වයංක‍්‍රීයව හඳුනාගෙන 200%ක් දක්වා එම ප‍්‍රදේශය විශාල කරයි. පරිශීලකයින්ට සංඥා භාෂා ප‍්‍රදේශයක් සඳහන් කර සහ වෙනස් කිරීම් සිදු කළ හැකි අතර උපසිරැසිවලට අවහිරයක් නොවී captions එහා මෙහා ගෙන යා හැක.
මෙම Neo QLED 8K නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන් ලබා ගත හැකිය.

 

ஜனாதிபதி தேர்தலுக்கு முன்னதாக தேர்தல் ஒத்துழைப்பு...
Sunlight’s ‘Manudamin Wadiyamak’ Campaign Inspires...
TikTok ஏற்பாட்டில் இலங்கையில் நடைபெற்ற சிறு...
HNB Finance wins Silver at...
සොෆ්ට්ලොජික් ලයිෆ් රුපියල් බිලියන 14.5ක...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
TikTok Shares Election Integrity Measures...
සුව දිවිය පදනම සහ McKinsey...
TikTok ශ්‍රී ලංකාවේ සුළු හා...
ஆறு மாதங்களில் 16.2 பில்லியன் ரூபா...