SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB විකුණුම් විශිෂ්ටතාව සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත‍්‍රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
සේවකයින්ගේ දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත් පුද්ගලයින්ට ඔවුන් සේවය කරන අංශවල සිය විශිෂ්ටත්වය පෙන්වීමට පරිසරයක් නිර්මාණ කිරීමෙහිලා බැංකුව ලබා දෙන දායකත්වය හා බැංකුවේ දැක්ම HNB සාමාජිකයින් ලබා ගත් මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණ පිළිබඳ කදිම සාක්ෂියකි. එබැවින්, HNB සාමාජිකයින් කිහිප දෙනෙකු අලෙවි වෘත්තියේ විශිෂ්ටතමයන් බවට පත්වීමට ඔවුන් දක්වන ලද උපරිම වෙහෙස සහ කැපවීම අගයමින් මෙසේ සම්මානයට පාත‍්‍ර වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
චතුර කොඩිකාර ප‍්‍රබල තරගකාරීත්වයක් ලබා දෙමින් සමස්ත කර්මාන්ත කාණ්ඩය සඳහා රිදී සම්මානයක් දිනා ගත්තේය. ඔහු පසුගිය වසරේදී මෙම කාණ්ඩයේ රන් සම්මානය දිනා ගැනීම විශේෂිතය. කාංචන සුභසිරි මෙරට විශිෂ්ටතම විකුණුම් අධීක්ෂක ලෙස සිය ස්ථානය තහවුරු කරමින් බැංකුකරණ ක්ෂේත‍්‍රය සඳහා රන් සම්මානය සමඟින් සමස්ත කර්මාන්ත කාණ්ඩයේ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබුවේය. කීර්තිමත් සමස්ත කර්මාන්ත කාණ්ඩයේ තවත් සම්මානයක් දිනාගත් තෙවැනි සාමාජිකයා වූයේ ප‍්‍රධානී – නිෂ්පාදන කළමනාකාර – SOLO, හැරල්ඞ් එලන්කෝය. ඔහු එහිදී රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. මීට අමතරව, 2021 දී කාන්තාවන්ට ආකර්ෂණීය සේවා සංස්කෘතියක් ඇති කිරීමට දිරිගන්වමින් සහ සේවා ස්ථානයේ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමාන අවස්ථා සඳහා HNB හි කැපවීම ශක්තිමත් කිරීම උදෙසා කුසලතා සම්මානයක් දිනාගත් තාරුකා ඇන්තනී ඇතුළත් වීම ගැන HNB සැබවින්ම ආඩම්බර විය.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ රට මුහුණ දුන් අභියෝග නොතකා සිය විශිෂ්ටත්වය පෙන්වීමට ඔවුන් කළ කැපවීම නැවත අවධාරණය කරමින්, චතුර කොඩිකාර (විකුණුම් සහය විධායක – සමස්ත කර්මාන්ත), මහේෂ් රත්නායක (කලාපීය කළමනාකරු – බැංකුකරණය), අමිල ගල්ලොලූව (විකුණුම් අධීක්ෂක – බැංකුකරණය) යන අය ඔවුන්ගේ කාණ්ඩවල රන් සම්මානවලින් සහ තාරුකා ඇන්තනී Frontliner කාණ්ඩයේ කුසලතා සම්මානයකින් ද SLIM NSA 2021 දී පිදුම් ලැබීය.
පසුගිය වසරේ පෙන්නුම් කරන ලද විශිෂ්ටත්වය අභිබවා යමින් තමන් ලබා ගත් ජයග‍්‍රාහණයන් තව තවත් ඉස්මතු කිරීමට 2022 සම්මාන උළෙලේදී HNB සේවකයින්ට හැකි විය. කාංචන සුභසිරි, මෙරට විශිෂ්ටතම විකුණුම් අධීක්ෂක ලෙස බැංකුකරණ ක්ෂේත‍්‍රය සඳහා රන් සම්මානය සමඟින් සමස්ත කර්මාන්ත කාණ්ඩයේ විශිෂ්ටතම සම්මානය දිනා ගත් අතර හැරල්ඞ් එලන්කෝ (සහකාර කළමණාකරු – සියලූම කර්මාන්ත) සහ චතුර කොඩිකාර (විකුණුම් සහය විධායක – සියලූම කර්මාන්ත) ඔවුන් නියෝජනය කළ කාණ්ඩ යටතේ රිදී පදක්කම් දිනා ගත්තේය. අමිල ගල්ලොලූව (විකුණුම් අධීක්ෂක – බැංකුකරණය) සහ හර්ෂණ මුණසිංහ (Frontliner) ද ඔවුන් නියෝජනය කළ අංශවල ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

 

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට...
யாழ். நல்லூர் திருவிழாவில் சுவை மற்றும்...
Perituza concludes second AI workshop,...
BYD සහ Denza පාරිභෝගිකයින්ට HNB...
John Keells Foundation and City...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
2026 முதல் அரையாண்டில் ரூ. 7.2...