SLIM Brand Excellence Award උළෙලේදී Giga Foods හි Full’r Burgers ඇගයීමට ලක්වේ

Share

Share

Share

Share

Giga Foods (Pvt) Ltd සිය ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් සන්නාමය වන Full’r Burgers සඳහා SLIM Brand Excellence Award 2025 හිදී වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික (SME) දේශීය සන්නාමය යන සම්මානයෙන් පිදුම් ලබනු ලැබීය. අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය වේදිකාවක් ලෙස පිළිගැනෙන SLIM සම්මාන උළෙල, ශක්තිමත් කාර්ය සාධනයක්, නවෝත්පාදනයක් සහ අර්ථවත් පාරිභෝගික බලපෑමක් පෙන්නුම් කරන මෙරට සන්නාමයන් ඇගයීමට ලක් කරයි. Full’r සන්නාමය මෙම සම්මානය දිනා ගැනීම තුළින්, නිරන්තරයෙන් වෙනස්වන දේශීය QSR සන්නාමයක් ලෙස එහි කැපී පෙනෙන වර්ධනය පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Giga Foods හි ප්‍රධාන විධායක නිලධාරී ෂිෆාස් රියාස් මහතා මෙසේ පැවසීය: “SLIM Brand Excellence Award උළෙලේදී අපව ඇගයීමට ලක් කිරීම ගෞරවයක්. මෙම සම්මානය අපගේ කණ්ඩායම්වල කැපවීම සහ අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය විදහා දක්වයි. Full’r ආරම්භයේ සිටම වේගයෙන් වර්ධනය වී ඇති අතර, දැන් අප ‘ක්ලවුඩ් කිචන්’ (Cloud-Kitchen) සන්නාමයකින්, පාරිභෝගිකයින්ට වඩාත් ප්‍රබල සහ ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙන පූර්ණ පරිමාණයේ QSR ජාලයක් බවට පරිවර්තනය වෙමින් සිටිනවා.”

Full’r Burgers එහි සුවිශේෂී රසයන් සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය වෙනුවෙන් පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රියයි. Landor & Fitch සමඟ එක්ව සංවර්ධනය කරන ලද Full’r හි සුවිශේෂී සන්නාම අනන්‍යතාව, Transform Awards India ඇතුළු ගෝලීය සම්මාන වේදිකාවලදී ද ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. මෙම ගෝලීය ඇගයීම මඟින් Full’r හි සන්නාමකරණයේ ශක්තිය සහ නිර්මාණශීලීත්වය ඉස්මතු කරන අතර, එය ශ්‍රී ලංකාවේ වඩාත් සමකාලීන සහ ආකර්ෂණීයම QSR අනන්‍යතා අතරට ස්ථානගත කරයි.

Full’r Burgers මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම බර්ගර් අලෙවි සහ බෙදාහැරීමේ සේවා දාමය බවට පත්වීමේ අරමුණින්, දිවයින පුරා වේගවත් ව්‍යාප්තියක නිරතව සිටී. SLIM හිදී ලැබූ මෙම ගෞරවනීය පිළිගැනීම, ශක්තිමත්, නව්‍ය සහ ශ්‍රී ලාංකේය සන්නාමයක් ගොඩනැගීමට, සමාගම දරන කැපවීම තවදුරටත් තහවුරු කරයි.

Hope Is Just a Scroll...
Hope Is Just a Scroll...
Samsung Sri Lanka 2026 අලෙවි...
වාහන සඳහා මූල්‍ය පහසුකම් සැලසීමට...
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
Dear Besties, Your Long-Weekend Plans...
රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ...
උතුරු පළාතේ ආ¾ථික ව¾ධනයට උරදෙමින්...
விற்பனை மற்றும் பங்களிப்பில் சிறந்து விளங்கிய...