SMEs සඳහා කාඞ් ගෙවීම් පිළිගැනීමේ විසඳුම් සඳහා හැකියාව ලබා දීමට HNB, Pay&Go සමඟ අත්වැල් බැඳගනී

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව MegaPay (Pvt) Ltd සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සඳහා ඉතාමත් පහසුවෙන් සහ අඩු වියදමින් කාඞ්පත් ගෙවීම් ගනුදෙනු පිළිගැනීමේ විසඳුමක් හඳුන්වා දීමට ප‍්‍රමුඛ පෙළේ ඩිජිටල් ගෙවීම් විසඳුම් සපයන්නෙකු වන Pay&Go සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරීත්වය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට Pay&Go ඇන්ඩ්‍රොයිඞ් POS යන්ත‍්‍ර හරහා සම්බන්ධතා සහිත, සම්බන්ධතා රහිත සහ QR භාවිතා කරමින් ගනුදෙනු කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි උසස් තත්වයේ POS පද්ධතියක් සමඟින් පහසුකම් සැලසෙනු ඇත. මෙම අවස්ථාවට HNB කාඞ්පත් අංශයේ ප‍්‍රධානී ගෞතමී නිරංජන් සහ MegaPay (Pvt) Ltd හි අධ්‍යක්ෂ වාර්ඩන් ඇස්ලිබෙක්යන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

”කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යනු ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රධාන අංශයක්. ඔවුන් මෙරට සමස්ත රැකියාවලින් 45% ක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා දායකත්වය ලබා දෙනවා. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හමුවේ, යළි නැගී සිටීමට හැකි එක් ස්ථිර මාර්ගයක් වන්නේ, මෙම ව්‍යාපාරයන් සඳහා තාක්ෂණය, මෙවලම් සහ විශේෂඥ දැනුම ලබා දීම සඳහා වේගයෙන් දියුණු වෙමින් පවතින ඩිජිටල් ලෝකයට අවතීර්ණ වීමට ඔවුන්ව වෙනස් කිරීම යි. Pay&Go සමඟ ඇති කරගත් අපගේ මෙම හවුල්කාරිත්වය, ශ‍්‍රී ලංකාවේ SME ව්‍යවසායකයින් තාක්ෂණිකව සවිබල ගැන්වීමේ වැදගත් ප‍්‍රයත්නයේ තවත් එක් ප‍්‍රධාන ඉදිරි පියවරක් ලෙස හඳුන්වා දිය හැකියි.” යනුවෙන් HNB කාඞ්පත් ප‍්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය පැවසුවාය.

මෙම හවුල්කාරිත්වය හරහා HNB SME ව්‍යවසායකයින්ට බිල්පත් ගෙවීම්, ඩිජිටල් ගනුදෙනු කටයුතු සහ QR කේත මගින් ගෙවීම් කිරීම් ඇතුළුව ව්‍යාපාරික කටයුතු වලදී දියුණු ගනුදෙනු පිළිගැනීමේ විසඳුම් සඳහා ප‍්‍රවේශය ලැබෙනු ඇත. තවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව පාරිභෝගික අංශ වෙත සුවිශේෂී ප‍්‍රවේශයක් ලබා දීම සඳහා ශක්තිමත් ඊ-වාණිජ්‍ය හැකියාවන් වඩාත් උපරිම ලෙස භාවිත කරමින් නිර්මාණය කර ඇති අගය එකතු කළ සේවාවන් කිහිපයක් සමඟින් අඩු වියදම් ගෙවීම් පිළිගැනීමට හැකියාව ලබා දෙයි.

Sampath Bank PLC Appoints Dilip...
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂිකමහා සභා...
ආචාර්ය ප්‍රසාද් සමරසිංහ HNB FINANCE...
සංචාරක සේවාවේ පරිවර්තනයක් සමඟින් NÜWA,...
Beyond Revival: How a Public-Private...
ආසියානු කලාපය රස ගැන්වූ Hot...
Have You Noticed the Democratisation...
Coke Kottu Beat Party කටුනායක...
ආසියානු කලාපය රස ගැන්වූ Hot...
Have You Noticed the Democratisation...
Coke Kottu Beat Party කටුනායක...
Creator Search Insights සමඟින් ඉහළ...