South Asia Textiles හි ‘MIDNIGHT’ කාබනික වර්ණක දේශීයව සහ ජාත්‍යන්තරව ඇගයීමට ලක් වෙයි

Share

Share

Share

Share

Hayleys Fabric PLC හි අනුබද්ධිත South Asia Textiles (SAT) සමාගම, Bio mass අඟුරු අපද්‍රව්‍යවලින් ලබාගත් කාබනික වර්ණක වර්ග ඇතුළත් නව රෙදිපිළි පෙළක් ‘Midnight by Charcoal’ හඳුන්වාදීමත් සමඟින් ගෝලීය සහ දේශීය විලාසිතා කර්මාන්තය තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත.

ලොව වඩාත්ම නව්‍ය සහ තිරසාර රෙදිපිළි හදුන්වාදීම සහ ප‍්‍රදර්ශනය කිරීම සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO මියුනිච් ‘Street Sports සඳහා වන හොඳම නවෝත්පාදන 10’ අතර ස්ථාන ගත වීමෙන් පසු SAT හි ‘MIDNIGHT’ පරාසය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගත්තේය. පසුගිය වසර තුළ දී ISPO විසින් හේලීස් ෆැබ්රික් හි පරිසර හිතකාමී රෙදි වර්ණක අගය කරන ලද දෙවන අවස්ථාව මෙයයි.

‘Midnight’ නවෝත්පාදනය ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2022 හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ව්‍යාපෘති තිරසාරත්ව සම්මානය ද දිනා ගත්තේය.

”හේලීස් ෆැබ්රික් සහ South Asian Textiles සිය ‘Midnight by Charcoal’ එළිදැක්වීම සම්බන්ධයෙන් ඉහළින් ඇගයීමට ලක්විය. මෙම පරිසර හිතකාමී නවෝත්පාදනයන් පෙළ හරහා රෙදිපිළි කර්මාන්තයට නිර්මාණාත්මක සහ තිරසාර විසදුම් ලබාදෙයි. අපගේ අරමුණ වන්නේ අපගේ සෑම නිෂ්පාදනයක්ම පරිසරය සමඟ ඒකාබද්ධ කරමින් ගෝලීය විලාසිතා කර්මාන්තය පුරා නව පෙරළියක් ඇති කිරීමයි.” යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

පාරිසරික, සමාජීය සහ පාලන (ESG) නායකත්වය ප‍්‍රදර්ශනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම තරඟකාරී සහ ඉහළම වේදිකාව ලෙස සැලකෙන BCCSA ඇගයීමට ලක් වූ එකම රෙදිපිළි නිෂ්පාදකයා වන්නේ ද SAT ය.

හේලීස් සමූහයේ රෙදිපිළි නිෂ්පාදන අංශයේ මෙම තිරසාර නවෝත්පාදනයන්, Hayleys Lifecode හි දක්වා ඇති ප‍්‍රතිපත්ති සහ ඉලක්ක සඳහා වූ කැපවීමෙහි ප‍්‍රතිඵලයකි. මෙම පරිසර හිතකාමී රෙදි සායම් හදුන්වාදීම සඳහා නායකත්වය දෙනු ලබන්නේ හේලීස් ෆැබ්රික් තිරසාරත්ව ප‍්‍රධානියා සහ Responsible production සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පුරෝගාමියා වන ලියෝනි වාස් මහත්මියයි.

”හේලීස් ෆැබ්රික් හි පුරෝගාමී වූ තිරසාර නවෝත්පාදනයන් ගෝලීය විලාසිතා සඳහා නව අර්ථකතනයක් සපයනවා. අපට සින්තටික් සිට ස්වභාවික වර්ණක වලට සම්පූර්ණයෙන්ම මාරු විය හැකි නම්, අපට හරිතාගාර වායු විමෝචනය 36% කින් පමණ අඩු කළ හැකි බව ඇස්තමේන්තු කර තිබෙනවා.”

 

”2024 වන විට ස්වභාවික වර්ණක සඳහා වූ ගෝලීය වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 5 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් මෙය පරිසරයට අතිමහත් ධනාත්මක බලපෑමක් ඇති කරයි. මෙම ස්භාවික වර්ණක වෙත ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් හිමි වී තිබීම ඊට හේතුවයි.” යනුවෙන් ඇය පැවසුවාය.

හේලීස් ෆැබ්රික් පීඑල්සී යනු ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමියා වන අතර නිර්මාණයේ සිට නිෂ්පාදනයේ අවසානය දක්වා විසඳුම් ලබා දීමට හැකියාව සහිත 2003 දී කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කළ පළමු ඇඟලූම් සමාගම වේ. මසකට රෙදි මීටර් මිලියන 4.5 ක නිෂ්පාදන ධාරිතාවක් පවත්වා ගනිමින් සමාගම ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා, ඇඟලූම් සහ උපාංග සන්නාම සඳහා ප‍්‍රමුඛ හවුල්කරුවෙකු ලෙස සිටී. Nike, Victoria’s Secret, Calvin Klein, Tommy Hilfiger, Decathlon, NEXT, PVH, Asics, PINK Intimissimi, Marks and Spenser සහ Calzedonia එම ගෝලීය සන්නාම අතර ප‍්‍රධාන වෙයි. South Asia Textiles යනු ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයෙක් සහ අපනයනකරුවෙකි.

රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන South Asia Textiles සිය මව් සමාගම අනුව යමින් තිරසාරත්වය කරා යන ගමනේදී 2050 වන විට හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBTi (Science Based Targets initiative) වෙනුවෙන් කැපවී ඇත. SAT විසින් තම පාරිසරික තිරසාරභාවය සහ සේවක සෞඛ්‍ය සහ ආරක්ෂිත පද්ධති ගෝලීය හොඳම භාවිතයන් හා සමගාමීව ඉහළ නැංවීම වෙනුවෙන් ISO 14001 සහ ISO 45001 සහතිකයන් ද මෑතකදී ලබා ගන්නා ලදී.

Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම කාන්තාවන්ගේ මූල්‍යමය...