Sunshine Foundation for Good 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) සේනගම දී විවෘත කරයි

Share

Share

Share

Share

දියසරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට යහපත් දේ ගෙන ඒම සඳහා වන සන්ෂයින් හි කැපවීම අවධාරණය කරයි

මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ප්‍රජාව මුහුණ දෙන ජලය ආශ්‍රිත ගැටලු විසඳීමට අඛණ්ඩව කැපවීමේ ප්‍රයත්නයක් ලෙස සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන Sunshine Foundation for Good (SFG) සිය 20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) නාඋල, සේනගම ගම්මානයේ පසුගියදා විවෘත කළේය. මෙම ව්‍යාපෘතිය මගින් එම ගම්මානයේ ජීවත් වන 2000 කට අධික ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීම සහ ජලයෙන් බෝවන රෝග අවම කිරීම අරමුණු කරයි.

20 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය (RO Plant) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආයතනික සන්නිවේදන සහ සමාජ සත්කාරක අංශයේ කළමනාකාරිනී ලලන්ති රාජපක්ෂ මහත්මිය පැවසුවේ “ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන ඉහළ නිදන්ගත වකුගඩු (CKDu) රෝගීන්ගේ සංඛ්‍යාව සුරක්ෂිත පානීය ජලය සඳහා ඇති දැඩි අවශ්‍යතාවය හොඳින් පෙන්නුම් කරනවා. එවැනි වාතාවරණයක් තුළ අප සේනගම විවෘත කළ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකකය හුදෙක් ජලය පිරිසිදු කිරීමේ පද්ධතියකට එහා ගිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එය ප්‍රජාවට වඩාත් සෞඛ්‍යමත් දිවි පැවැත්මක් සහ සනීපාරක්ෂක පානීය ජලය සඳහා ප්‍රවේශය ලබා දෙන වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. අප ස්ථාපිත කරනු ලබන සෑම ජල පිරිපහදු ඒකකයක්ම ජලයෙන් බෝවන රෝගවලින් දහස් ගණනකගේ ජීවිත ආරක්ෂා කරනවා.” යනුවෙනි.

දියසරණ ව්‍යාපෘතිය යනු නිදන්ගත වකුගඩු රෝගය මුලිනුපුටා දැමීම සඳහා සන්ෂයින් පදනම විසින් 2019 වසරේදී ගන්නා ලද වැදගත් ඉදිරි පියවරකි. සිය පළමු ජල පිරිපහදු ඒකකය කතරගම ස්ථාපිත කිරීමෙන් පසු Sunshine Foundation for Good විසින් ‘Better Water, Better Life’ යන ඔවුන්ගේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් මේ වන විට රට පුරා ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු ඒකක (RO Plant) 20 ක් සාර්ථකව ස්ථාපිත කර ඇත. තවද “පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව” (Clean Water and Sanitation) යන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය (UN SDG 4) සමඟ පෙළගැසී ඇති SFG සියලු දෙනාට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජලය සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීමට කැපවී සිටී.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ආරම්භ කරන ලද Sunshine Foundation for Good සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ප්‍රධාන අංශ දෙක කෙරෙහි අවධානය යොමු කරමින් සේවකයින්, කොටස්හිමියන් සහ ප්‍රජාවන් නගා සිටුවීමේ එක අරමුණක් යටතේ සමූහයට අයත් සියලුම ආයතනවල CSR වැඩසටහන් ඒකාබද්ධ කරයි.

 

LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
Bringing Avurudu to the Table,...
BYD மற்றும் DENZA வாகனங்களுக்கு ‘ஸ்மார்ட்...
BYD நிறுவனத்தின் 10,000 வாகன விநியோக...
புதிய வாகன மாடல்களுக்கான விரிவான லீசிங்...