Sunshine Holdings 22/23 SUN Awards සම්මාන උළෙලේ දී සිය සේවක ප‍්‍රජාව අගයයි

Share

Share

Share

Share

විවිධාංගීකරණ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂය තුළ ඔවුන්ගේ හොඳම කාර්ය සාධනය වාර්තා කළ සේවකයින්ව මෑතකදී පැවති SUN Awards සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන සන්ෂයින් සමූහයේ ව්‍යාපාරික අංශ තුන විසින් ‘’Dare to Dream’’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන ලදි.
සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා, සන්ෂයින් සමූහ ව්‍යාපාරයේ විධායක කමිටුවේ ප‍්‍රධාන සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන් සහ සේවක සේවිකාවන් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට සහභාගී විය SUN Awards සම්මාන උළෙලේදී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ පුද්ගලයින්හට සහ කණ්ඩායම් වලට කාර්ය සාධනය, විශිෂ්ටත්වය සහ සභාපති සම්මාන (Chairman’s Awards) යන කාණ්ඩ යටතේ සම්මාන 159 ක් පිරිනැමිණි.
සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ විශ් ගෝවින්දසාමි මහතා රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවේ, ”අපගේ විශාලතම වත්කම අපගේ ශ‍්‍රම බලකාය බව අපි තරයේ විශ්වාස කරනවා. අභියෝග ජය ගැනීමට, ව්‍යාපාරික අවස්ථාවන් අත්පත් කර ගැනීමට සහ කැපී පෙනෙන ජයග‍්‍රහණ කරා ළඟා වීමට අපට හැකි වන්නේ ඔවුන්ගේ කැපවීම, විශේෂඥභාවය සහ විශිෂ්ටත්වය නිසයි. ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය සහ ආදර්ශමත් කාර්ය සාධනය වෙනුවෙන් සියලූම සම්මානලාභීන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා.” යනුවෙනි.
”පසුගිය මූල්‍ය වර්ෂය තුළ, අපගේ ව්‍යාපාරය ද රටම මුහුණ දුන් සියලූ අභියෝගවලට ඔරොත්තු දෙමින් අභියෝගාත්මක වසරක් පසු කළා. ඔබ, ආයතනය වෙනුවෙන් කැපකිරීම් නොකළා නම් පැවති අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වන්නට තිබුණා. මේ රාත‍්‍රිය ඔබ සැමගේමයි. මෙම ව්‍යාපාරයේ ශක්තිය ද ඔබමයි. සන්ෂයින් හෝල්ඩිංග්ස් හි කොටස්කරුවන් සතුටු කිරීමට හා ආයතනයේ අභිමානය වෙනුවෙන් ඔබ කරන්නා වූ කැපකිරීම සඳහා ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් ගෝවින්දසාමි මහතා ප‍්‍රකාශ කළේය.
Sunshine 2023 මාර්තු 31 න් අවසන් වසර සඳහා රුපියල් බිලියන 51.9 ක ඒකාබද්ධ සමූහ ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට වඩා 61.3% ක වර්ධනයකි. දළ ලාභය රුපියල් බිලියන 3.3 කින් වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 31.9% ක වර්ධනයකි. මෙම කාලපරිච්ෙඡ්දය සඳහා දළ ලාභ ආන්තිකය 26.0% ක් වූ අතර එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව පදනම් ලකුණු 580 ක හැකිලීමකි. සමූහයේ Healthcare ව්‍යාපාරය Sunshine හි ආදායමේ විශාලතම දායකයා ලෙස ඉස්මතු වූ අතර එය මුළු සමූහ ආදායමෙන් 46.1% ක් වෙයි. එමෙන්ම සමූහයේ පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශයන් සමස්ත සමූහයේ ආදායමෙන් පිළිවෙලින් 36.6% ක් සහ 16.9% ක් වශයෙන් සිය දායකත්වය ලබාදෙන ලදි.

தொழிலாளர் தட்டுப்பாடு காரணமாக இயந்திரங்கள், தரவுகள்...
පුල්ලේ මඩුවෙන් වෛද්‍ය පීඨයට වැවිලි...
The cost of hesitation: lessons...
TikTok strengthens AI transparency and...
රෙදිපිළි හා ඇඟලුම් උපාංග නිෂ්පාදකයින්ගේ...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
Deleted Scenes by BBDO Sri...
150 years of rubber: A...
Swisstek strengthens integrated building solutions...
පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් පිරිනමමින්...