Sunshine Holdings PLC විනෝදාස්වාසය හා නිර්මාණශීලීත්වය ඔප්නංවමින් ලෝක ළමා දිනය සමරයි

Share

Share

Share

Share

Sunshine Holdings PLC සිය ළමා දින සැමරුම පසුගියදා බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට වයස අවුරුදු 16 ට අඩු Sunshine සේවකයින්ගේ දරුවන් සහභාගී වූ අතර එදින විනෝදාස්වාදය සහ නිර්මාණශීලිත්වයට මූලිකත්වය දෙමින් විශේෂාංග රැසක් සංවිධානය කර තිබුණි.

Sunshine Holdings PLC දරුවන්ගේ හැකියාවන් පිළිබඳව තරයේ විශ්වාස කරන අතර දරුවන් දීප්තිමත් අනාගතයක වර්තමාන බලාපොරොත්තුව ලෙස සලකයි. දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ීමබියසබැ ්‍යදකාසබටි හි කැපවීම මෙම ළමා දින සැමරුම සාක්ෂි දරණ අතර එදින පුරාවට දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විනෝදයෙන්, සතුටින් හා ඵලදායීව ගත කිරීමට අවස්ථාව උදා විය.

සෑම දරුවෙකුටම අනන්‍ය කුසලතාවන් ඇගයීම වෙනුවෙන් විවිධ ක‍්‍රියාකාරකම් රාශියක් මෙහිදී සංවිධානය කර තිබූ අතර විචිත‍්‍රවත් මුහුණු පින්තාරු කිරීමේ සැසිවල සිට චිත‍්‍ර, නැටුම් සහ ගායන තරඟ, සිත් ඇදගන්නා සුළු විනෝද ක‍්‍රීඩා, ආකර්ෂණීය මැජික් සංදර්ශනයක් සහ සජීවී විවිධ ඇඳුම් තරඟයක් ඊට ඇතුළත් විය. මෙම වැඩසටහන මගින් තරඟකාරී අධ්‍යාපන රටාව හමුවේ වෙහෙසටපත් ළමා මනසට අස්වැසිල්ලක් සලසන ලදි.

දරුවන්ගේ හැකියාවන් සහ නිර්මාණශීලීත්වය ඔපමට්ටම් කිරීමේ අරමුණින් සංවිධානය කළ තරඟ අංශ කිහිපයක්ම මෙහිදී පවත්වන ලදි. චිත‍්‍ර, ගායන හා නැටුම් තරඟවල ජයග‍්‍රාහකයින් ඇගයීම සහ සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

Sunshine Holdings PLC සංවිධානය කළ මෙම ළමා දින සැමරුම මගින් ළමා ලෝකය ආලෝකමත් කිරීමට සහ සිය සේවකයින් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සමාගමේ ඇති කැපවීම පෙන්නුම් කරන ලදී. මෙදින පුරාවට ආදරණීය සහ සදාතනික මතකයන් නිර්මාණය කළ අතර අනාගතයේදී රට බාර ගැනීමට සිටින වත්මන් ළමා පරපුර දිරිමත් කිරීමට සහ දක්ෂතා ඔප්නැංවීමට ද මෙය කඳිම තෝතැන්නක් විය.

 

 

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...