SVAT අහෝසි කිරීමත් සමගම වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අවධානයට

Share

Share

Share

Share

මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය.
ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි බැවින් ඇඟලුම් ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා කාලීනව ලබා දිය යුතු විසඳුම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින් සමග තවදුරටත් සාකච්ඡා සිදු කරන බවයි- එමෙන්ම දින 45ක් ලෙස නීතියේ සඳහන් වන කාල සීමාවට පෙර වැට් බදු ප්‍රතිපූර්ණයට අදාල යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් එකඟතාව ප්‍රයෝගිකව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව පෙරහුරුවක් සිදුනොවූ බැවින් මෙය සිදුවන ආකාරය පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ දැඩි අවධානය යොමු ව තිබේ.

මුදල් ප්‍රවාහය සහ සැපයුම් දාමය පිලිබඳව අවධානය යොමු කිරීම
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රය සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමගම රුපියල් බිලියන 12ක මුදලක් වැට් බදු ලෙස ගෙවිමට සිදු වනු ඇත. අපනයනකරුවන් විසින් මෙසේ ගෙවනු ලබන වැට්බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුල ඔවුන්ට හිමි විය යුතුව ඇත. එබැවින් අනිසි ප්‍රමාදයකින් තොරව වැට් බදු ප්‍රතිපූර්ණය අපනයනකරුවන්ට හිමි වීම තුලින් දැඩි පීඩනයකින් තොරව මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමට අපනයනකරුවන්ට හැකි වන අතර එක්සත් ජනපද බදු හා ගෝලීය මිල පහල යෑම හමුවේ මේ තත්වය වඩාත් තීරණාත්මක වේ.

මීට අමතරව සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීම සැපයුම්කරුවන් සඳහා සෘජුව බලපානු ඇත. විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 1ක අමුද්‍රව්‍ය පදනමක් රට තුල ගොඩනැංවීම සඳහා දායක වීමට නියමිත අපනයනකරුවන්ට මේ නිසා ක්ෂණික තරඟකාරීත්වයකට මුහුණ දීම අභියෝගාත්මක වනු ඇත.

ක්‍රමවේදයෙහි සූදානම සහ ක්‍රියාවට නැංවීමේ අවදානම
රාජ්‍ය බලධාරීන් දැනට සහතික වී ඇති පරිදි දින 45ක් තුල වැට් ප්‍රතිපූර්ණය සිදු කිරීම නියාමන වැඩ සටහනකින් තොරව ක්‍රියාවට නැංවීමේ හැකියාව පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය තුල යම් අවිනිශ්චිත බවක් ඇති කර තිබේ. එනම් වැට් ප්‍රතිපූර්ණ ක්‍රමවේදයෙහි සූදානම පිළිබඳව ගැටලු ඇති බැවින් ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයට බාධා ඇති විය හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි මතය වී තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අපනයනකරුවන් සතුව පවතින දත්ත සමපාත නොවන විට එම තත්වය මගහරවා ගැනීම සඳහා වන පොදු වැඩපිළිවෙලක් තවමත් ඉදිරිපත් ව නැත.

“සරල කරන ලද වැට් බදු ක්‍රමය සංශෝධනයට පෙර මෙමගින් පැන නැගිය හැකි අභියෝගයන්ට මුහුණ දීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට අවධාරණය කළද RAMIS ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම කාර්යසාධන ගැටලු ගණනාවක් මතු කරන ලදී. එමෙන්ම විද්‍යුත් බදුක්‍රමයකට අවතීර්ණ වීම තුල වඩාත් සුමට ඩිජිටල් මුදල් ප්‍රතිපූර්ණ කුමයක් වෙත පිය නැගිය හැකි බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අදහස වී ඇත. මෙම සංකල්පය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීම තවමත් තාක්ෂණික අදියරෙහි පවතින අතර ඔක්තෝම්බර් පළමු වන දින වනවිට මේ සියලු කටයුතු අවසන් කළ නොහැකි බව අපගේ අදහසයි” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව
ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා සුමට ප්‍රතිපූර්ණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යෑම අතිශය තීරණාත්මක බව අපනයනකරුවෝ අවධාරණය කළහ.

“වැට්බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුල සිදු කිරීම තුලින් දහස් සංඛ්‍යාත අපනයනකරුවන්ගේ අපනයනයන්හි අඛණ්ඩතාව හෝ එය බිඳවැටීමට හේතු විය හැකියි. අපි වඩාත් ගෞරවනීය ලෙස අවධාරණය කර සිටින්නේ ඩිජිටල් සේවාවන් සඳහා වැට්බදු අයකිරීමේදී සිදු කල ආකාරයට වැට් ප්‍රතිපූර්ණ යාන්ත්‍රණය නිසිලෙස ක්‍රියාකාරී වන තුරු සරල කරන ලද බදු ක්‍රමය අහෝසි කිරීම ප්‍රමාද කිරීමට හෝ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු බවයි.” යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙහි මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය වැඩිදුරටත් පැවසුවේ මේ කරුණට අදාලව ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ අනෙකුත් අදාල රාජ්‍ය අධිකාරීන් සමග වඩාත් සමීපව කටයුතු කරනු ඇති බවත් සරල කරන ලද වැට්බදු ක්‍රමයේ සිට සාමාන්‍ය වැට්බදු ක්‍රමය දක්වා සිදු කෙරෙන පරිවර්තන ක්‍රියාවලිය තුලදී අපනයන ක්ෂේත්‍රයේ තරගකාරීත්වයට අවම බලපෑමක් එල්ල කෙරෙන ආකාරයට මෙම ක්‍රියාවලිය සිදු කෙරෙන බව සහතික කිරීමට තමන් වඩාත් අවධානයෙන් සිටින බවත්ය.

CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
Huawei 2026 ශ්‍රී ලංකා AI...
International Athletes backed by Carnage...
“பிள்ளை மடு” முதல் மருத்துவக் கல்லூரி...
இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...