TikTok තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා Family Pairing විශේෂාංගය යාවත්කාලීන කරයි

Share

Share

Share

Share

 

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම (app) භාවිතා කරන අතරතුර ඔවුන්ගේ දරුවන් නරඹන අන්තර්ගතය තවදුරටත් තමන්ට කැමති පරිදි සකස් කිරීමට හැකියාව ලබා දෙයි.

Content filtering මෙවලම භාවිතා කිරීමෙන්, වැඩිහිටියන්ට දැන් ඔවුන්ට නුසුදුසු යැයි සලකන විශේෂිත වචන, හැෂ්ටැග් සහ තේමා filter කිරීමෙන් ඔවුන්ගේ දරුවන් සඳහා ගැලපෙන නැරඹුම් අත්දැකීමක් ලබා ගත හැකිය. TikTok සෑම තරුණ තරුණියකගේම අවශ්‍යතා පිළිගන්නා අතර යෙදවුම තුළ ඔවුන් සඳහා ආරක්ෂිත සහ ඒ ඒ පුද්ගලයාට ගැලපෙන පරිසරයක් නිර්මාණය කිරීමට වැඩිහිටියන් දිරි ගන්වයි.

ආරක්ෂිත පරිසරයක් සංවර්ධනය කිරීම සහතික කිරීම සඳහා, TikTok, Family Online Safety Institute ඇතුළු කීර්තිමත් ප‍්‍රවීණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. ඔවුන්ගේ ප‍්‍රවීණත්වය සහ තීක්ෂණ බුද්ධිය නිසා TikTok හට වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීම මෙන්ම තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම යන කාරණා අතර සමතුලිතතාවයක් ඇති කර ගැනීමට හැකි විය. මෙම ප‍්‍රයත්නයේ කොටසක් ලෙස, TikTok විනිවිදභාවයක් ලබා දෙයි. නව යොවුන් වියේ පසුවන්නන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් මෙහි සැරිසැරීමට ඉඩ සලසයි. මෙම විනිවිදභාවය සබැඳි සීමාවන් සහ ආරක්ෂාව පිළිබඳ විවෘත සංවාද ඇති කරනවා පමණක් නොව තරුණ ප‍්‍රජාව සහ ඔවුන්ගේ දෙමාපියන් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරයි.

නව content filtering විශේෂාංගය TikTok හි පවතින අන්තර්ගත මට්ටම් පද්ධතිය මත ගොඩනැගී ඇති අතර එය පරිණත හෝ සංකීර්ණ තේමාවන් සහිත අන්තර්ගතයන් වයස අවුරුදු 13 සහ 17 අතර පරිශීලකයින් වෙත ළඟා වීම වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇත. දෙමාපියන්ට ආවේණික වූ content filters ඒකාබද්ධ කිරීමෙන්, TikTok විසින් අන්තර්ගතයන් නිර්මාණ කිරීමට ඇති හැකියාව ශක්තිමත් කරමින් වේදිකාව මත යෞවනයන් සඳහා ආරක්ෂිත සහ වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කරයි.

Family Pairing වලට අමතරව, TikTok තරුණ පරිශීලකයින්ට සිය අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩක් ලබා දීමට සහ TikTok හි ප‍්‍රතිපත්ති සහ විශේෂාංග හැඩගැස්වීමට ඔවුන් සක‍්‍රීයව සම්බන්ධ කර ගැනීමට කැප වූ මුලපිරීමක් ලෙස Youth Council හඳුන්වා දීමට ලැබීම ගැන TikTok ආඩම්බර වේ. Youth Council නව යොවුන් දරුවන්ට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට වේදිකාවක් වන අතර ආරක්ෂිත TikTok ප‍්‍රජාවක් වෙනුවෙන් ඔවුන්ව බලගන්වයි.

කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛ වේදිකාවක් ලෙස, TikTok එහි පරිශීලකයින්ගේ විශේෂයෙන් නව යොවුන් වියේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ප‍්‍රමුඛත්වය දෙයි. වැඩිදියුණු කරන ලද Family Pairing විශේෂාංග හඳුන්වාදීම සහ Youth Council හඳුන්වා දීමත් සමඟ, TikTok ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සඳහා ධනාත්මක සහ වගකිවයුතු සබැඳි අත්දැකීමක් පෝෂණය කිරීම සඳහා ක‍්‍රියාකාරීව පියවර ගනිමින් සිටී.

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට...
யாழ். நல்லூர் திருவிழாவில் சுவை மற்றும்...
Perituza concludes second AI workshop,...
BYD සහ Denza පාරිභෝගිකයින්ට HNB...
John Keells Foundation and City...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
2026 முதல் அரையாண்டில் ரூ. 7.2...