TikTok නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙමින් ආරක්ෂාව සහතික කරයි

Share

Share

Share

Share

TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි.
TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාමට එහි හැසිරිය යුතු ආකාරය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙම ප‍්‍රජා මූලධර්ම පරිශීලකයින්ට උපකාර කරනු ඇත. මෙය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා TikTok හි කැපවීම පෙන්නුම් කරන අතර ජාත්‍යන්තර නීති රාමු සමඟ සමපාත වේ. මෙම මූලධර්ම TikTok හි අන්තර්ගතයන් වඩාත් ආකර්ෂණීයව සහ නිර්මාණාත්මකව නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වයි. එවිට TikTok වේදිකාව තුළ සමබරව තම ගරුත්වය ආරක්ෂා කිරීමට සහ ප‍්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට හැකිය.
මේ දක්වා TikTok හි ප‍්‍රජා මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සහ ඒ පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට Association for Suicide Prevention, Safety Advisory Council සහ SMEX ඇතුළුව ලොව පුරා සංවිධාන 100 කට වැඩි ගණනකින් උපදෙස් ලබාගෙන ඇත. ඔවුන්ගේ උපකාරය TikTok හට සිය නීති ශක්තිමත් කිරීමට සහ නව තර්ජන සහ අභියෝග වලට ශක්තිමත්ව ප‍්‍රතිචාර දැක්වීමට උපකාරී විය. එහිදී හඳුන්වා දුන් ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් නම්:
• TikTok, AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද හෝ වෙනස් කරන ලද අන්තර්ගතයක් වන කෘතිම මාධ්‍ය (synthetic media) හමුවේ කි‍්‍රයාකරන ආකාරය පිළිබඳව නීති හඳුන්වා දෙයි.
• TikTok වෛරී ප‍්‍රකාශ සහ ද්වේෂ සහගත හැසිරීම් වලින් සුරක්ශිත කිරීම සඳහා ‘’tribe’’ හඳුන්වාදෙයි.
• මෙහිදී විනිවිදභාවය සහතික කිරීමට ද මූලිකත්වය දෙනු ලබයි.
TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ අපේ‍්‍රල් 21 දින සිට ක‍්‍රියාත්මක වන අතර මෙම යාවත්කාලීන කරන ලද නීති සහ ප‍්‍රමිතීන් ඵලදායී ලෙස බලාත්මක කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පරිපාලකයින්ට අමතර පුහුණුවක් ද ලබා දෙනු ඇත.

SLIM Brand Excellence Award උළෙලේදී...
KAL, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්යංක්‍රීය...
டிட்வா புயலால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவ...
සම්ප්‍රදාය සහ අනාගත දැක්මත් සහිත...
HNB ‘’2025 ශ්‍රී ලංකාවේ වසරේ...
HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව...
Keells and Enfection Win the...
Huawei and Partners Win 2025...
HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව...
Keells and Enfection Win the...
Huawei and Partners Win 2025...
Samsung QLED TV සැබෑ තාක්ෂණික...