TikTok නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙමින් ආරක්ෂාව සහතික කරයි

Share

Share

Share

Share

TikTok විසින් නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාවක් ප‍්‍රකාශයට පත් කරමින් ආරක්ෂාව යළි යළිත් තහවුරු කරයි. TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව යනු TikTok වේදිකාව භාවිතා කරන සෑම කෙනෙකුටම සහ සෑම දෙයකටම අදාළ වන නීති සහ ප‍්‍රමිතීන් ඇතුලත් නිවේදනයක් වන අතර මෙම නිවේදන හරහා TikTok හි ප‍්‍රජා මූලධර්ම හඳුන්වා දෙයි.
TikTok පරිශීලකයින් සඳහා ආරක්ෂිත වටපිටාවක් පවත්වාගෙන යාමට එහි හැසිරිය යුතු ආකාරය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මෙම ප‍්‍රජා මූලධර්ම පරිශීලකයින්ට උපකාර කරනු ඇත. මෙය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා TikTok හි කැපවීම පෙන්නුම් කරන අතර ජාත්‍යන්තර නීති රාමු සමඟ සමපාත වේ. මෙම මූලධර්ම TikTok හි අන්තර්ගතයන් වඩාත් ආකර්ෂණීයව සහ නිර්මාණාත්මකව නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මඟ පෙන්වයි. එවිට TikTok වේදිකාව තුළ සමබරව තම ගරුත්වය ආරක්ෂා කිරීමට සහ ප‍්‍රකාශනයේ නිදහස ආරක්ෂා කර ගැනීමට හැකිය.
මේ දක්වා TikTok හි ප‍්‍රජා මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සහ ඒ පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට Association for Suicide Prevention, Safety Advisory Council සහ SMEX ඇතුළුව ලොව පුරා සංවිධාන 100 කට වැඩි ගණනකින් උපදෙස් ලබාගෙන ඇත. ඔවුන්ගේ උපකාරය TikTok හට සිය නීති ශක්තිමත් කිරීමට සහ නව තර්ජන සහ අභියෝග වලට ශක්තිමත්ව ප‍්‍රතිචාර දැක්වීමට උපකාරී විය. එහිදී හඳුන්වා දුන් ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් නම්:
• TikTok, AI තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද හෝ වෙනස් කරන ලද අන්තර්ගතයක් වන කෘතිම මාධ්‍ය (synthetic media) හමුවේ කි‍්‍රයාකරන ආකාරය පිළිබඳව නීති හඳුන්වා දෙයි.
• TikTok වෛරී ප‍්‍රකාශ සහ ද්වේෂ සහගත හැසිරීම් වලින් සුරක්ශිත කිරීම සඳහා ‘’tribe’’ හඳුන්වාදෙයි.
• මෙහිදී විනිවිදභාවය සහතික කිරීමට ද මූලිකත්වය දෙනු ලබයි.
TikTok හි නව ප‍්‍රජා මාර්ගෝපදේශ අපේ‍්‍රල් 21 දින සිට ක‍්‍රියාත්මක වන අතර මෙම යාවත්කාලීන කරන ලද නීති සහ ප‍්‍රමිතීන් ඵලදායී ලෙස බලාත්මක කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පරිපාලකයින්ට අමතර පුහුණුවක් ද ලබා දෙනු ඇත.

TikTok වේදිකාව තුලින් ලොවක් මවිත...
Vision AI தொழில்நுட்பத்துடன் கூடிய புதிய...
JEWELS 2026 සඳහා එක්වන ලෙස...
පොත් ප්‍රදර්ශනයට ගිහින් හොඳම පොත්...
CFW Couture + Trousseau 2026...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
Softlogic Life Achieves ISO/IEC 27001:2022...
Solutions Ground Disrupts Sri Lanka’s...
2026 ஸ்ரீலங்கா AI வாரத்தில் 18...
இசை, நீர் விளையாட்டுக்களுடன் பாணந்துறையை அதிரவைக்க...