TikTok යාවත්කාලීන කරන ලද ප්‍රජා මාර්ගෝපදේශ හා නවතම නිර්මාණ විශේෂාංගයන් හරහා ආරක්ෂාව ඉහළ නංවයි

Share

Share

Share

Share

ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම යාවත්කාලීන කිරීම් සඳහා පැහැදිලි නිර්වචනයන්, ප්‍රතිඵත්ති අවබෝධය සඳහා වන නවතම විශේෂාංග හා ගිණුමෙහි තත්වය පිළිබඳ දැන ගැනීමට අදාල වැඩි දියුණු කළ විශේෂාංග අයත් වේ.

වෛරී ප්‍රකාශ, නොමග යවනසුලු වෛද්‍ය තොරතුරු හා මධ්‍යස්ථ නිර්මාණකරණය පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳ සුපැහැදිලි නිර්වචන හා සවිස්තරාත්මක තොරතුරු සැපයීම වෙනුවෙන් සිය ප්‍රජා මාර්ගෝපදේශයන් යාවත්කාලීන කිරීමට TikTok කටයුතු කර ඇත. මේ තුළින් එහි නීති හා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පරිශීලක දැනුම හා විනිවිදභාවය ඉහළ නැංවීම TikTok හි අරමුණ විය.

For You’ හිදී මනා ආරක්ෂාවක් සලසාදීම වෙනුවෙන් සුදුසු නව ප්‍රමිතීන් ක්‍රියාත්මක කරනු ලබන TikTok එම ප්‍රමිතීන් උල්ලංඝනය කරන නිර්මාණකරුවන් For You’ වෙත පිවිසීම තාවකාලිකව නතර කිරීමට කිරීමට කටයුතු කරනු ඇත. තවද සෙවුම් ප්‍රතිඵලයන්හි අවම අන්තර්ගයක් ඔවුන්ට ලබා දෙනු ඇති අතර එසේ බලපෑමට ලක් වූ නිර්මාණකරුවන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති අතර ඊට එරෙහිව ඉල්ලීම් සිදු කිරීමේ අවස්ථාවද ඔවුන්ට උදා වීම විශේෂත්වයකි.

තවද තම නීති, නිර්මාණකරුවන් හට පහසුවෙන් අවබෝධ කර දීම වෙනුවෙන් අවවාද ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙහිදී කටයුතු කර ඇත. එහිදී නිර්මාණකරුවකු පළමු වරට ප්‍රජා මාර්ගෝපදේශයන් උල්ලංඝනය කරන විට ඒ සම්බන්ධ අනතුරු හැඟවීමක් ඔහුට ලැබෙනු ඇති අතර ඉන් පසුව සිදු කරන උල්ලංඝනය කිරීම් පිළිබඳ සලකා බලා පෙර සඳහන් කළ දඬුවම් පැමිණ වීම සිදු කරනු ලැබේ. TikTok විසින් ඒ ඒ නිර්මාණකරුවන් කඩ කර ඇති නීති රීති පිළිබඳව දැනුම් දෙන අතර ඔවුන්ට ඒ සම්බන්ධ අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද උදා කර දෙයි.

පරිශීලකයින්ගේ පහසුව තව දුරටත් ඉහළ නැංවීම සඳහා නවතම ‘Account Check’ විශේෂාංගය හඳුන්වා දී ඇති TikTok ඒ තුළින් නිර්මාණකරුවන් හට ඔවුන්ගේ ගිණුමේ මෑත කාලීනව පලකරන ලද අන්තර්ගතයන් විගණනය කිරීමේ අවස්ථාව ලබා දෙයි. ඊට අදාළ මාර්ගෝපදේශයන් උල්ලංඝනය කිරීමේදීද පරිශීලකයන් වෙත යම් යම් සීමාවන් පැනවීමද මෙහිදී සිදු වේ.

තවද TikTok නිර්මාණකරුවන්ගේ චර්යාධර්ම පද්ධතියක් හඳුන්වා දීමද මෙම TikTok හි නවතම යාවත්කාලීන කිරීම්වලට අදාළ වේ. ඒ යටතේ TikTok වැඩසටහන්, විශේෂාංග, සිදුවීම් හා ප්‍රඡාරණ සඳහා සහභාගී වන නිර්මාපකයින්ට අදාළ ප්‍රමිතීන් සකස් කිරීමේ සිදු වේ. නුදුරේදීම හඳුන්වාදීමට නියමිත මේ තුළින් සියලු නිර්මාණකරුවන් වෙත ස්ථාවර හා පොහොසත් අත්දැකීමක් එක් කරනු ඇත්තේ ඔවුනොවුන්ගේ වගකීම පිළිබඳවද අවබෝධ කර දෙමිනි.

 

 

SLIM Brand Excellence Award උළෙලේදී...
KAL, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්යංක්‍රීය...
டிட்வா புயலால் பாதிக்கப்பட்ட மக்களுக்கு உதவ...
සම්ප්‍රදාය සහ අනාගත දැක්මත් සහිත...
HNB ‘’2025 ශ්‍රී ලංකාවේ වසරේ...
HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව...
Keells and Enfection Win the...
Huawei and Partners Win 2025...
HNB, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව...
Keells and Enfection Win the...
Huawei and Partners Win 2025...
Samsung QLED TV සැබෑ තාක්ෂණික...