TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව

Share

Share

Share

Share

TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ.

නර්තන ශිල්පිනියක්, අන්තර්ගත නිර්මාතෘවරියක් සහ ව්‍යවසායිකාවක් වන දෙනති පුස්සෙගොඩ TikTok වේදිකාව හරහා සිය නර්තන කුසලතාවන් බබළවන තරුවකි. මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය Denathi Dance Inspire හි නිර්මාතෘවරියයි. ඇයට අද වන විට TikTok හි 3.7M Likes සහ 481.1K අනුගාමිකයින් (Followers) සංඛ්‍යාවක් සිටින අතර ඒ හරහා ඇය සිය හැකියාව ලෝකයා ඉදිරියට රැගෙන යන්නේ මහත් අභිමානයෙනි.

දෙනති පුස්සෙගොඩ කියන්නේ කවුද?

මගේ නම දෙනති පුස්සෙගොඩ, මම නුවර ඉඳන් ආවේ. මම නර්තන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් සහ TikToker කෙනෙක්. මට මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ උපාධියක් තියෙනවා. මට සහෝදරයන් දෙදෙනෙක් සිටින අතර මම පාසල් අධ්‍යාපනය ලැබුවේ මහනුවර Gateway ජාත්‍යන්තර පාසලෙන්.

ඔබ තුළ නර්තනය තිබෙන බව ඔබ දැනගත්තේ කවදාද?

පුංචි කාලේ ඉඳන්ම මට නර්තනයට ආසාවක් තිබුණා. ඒක මට නිතැතින්ම ආපු දෙයක්. මගේ දක්ෂතාව මුලින්ම හඳුනා ගත්තේ මගේ අම්මා. සංගීතය වාදනය වන සෑම විටම මම මගේ පාද තාලයට හසුරුවන ආකාරය හෝ රිද්මයට යන ආකාරය ඇය දුටුවා.

අවුරුදු 15කට වැඩි කාලයක් උඩරට සහ භරත නැටුම් මම ඉගෙන ගත්තා. මම භරතනාට්‍යය සහ උඩරට නැටුම් දෙකෙන්ම මගේ විශාරද විභාග සාර්ථකව නිම කළ අතර ශීර්ෂාභරණ ද පළඳවා තිබෙනවා.

නර්තනය මගෙ ජීවිතයේ වෙනස් කළා. නර්තනය මට මාව සොයා දුන්නා. ඒ වගේම මගේ සංස්කෘතිය රැකගනිමින් මගේ ආශාවන් හඹායන්න මට පාර පෙන්නුවේ නර්තනයයි. ඒ වගේම මම අද සිටින තැනට එන්න ලැබුණේ මගේ පවුලේ අයගේ සහයෝගය සහ මගේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසා. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ඔබ ඔබේම නර්තන ස්ටුඩියෝ එක ආරම්භ කළ ආකාරය ගැන වැඩි විස්තර අපට කියන්න.

2017 ජනවාරි මාසයේදී අපි අපගේ නර්තන ස්ටුඩියෝ එක Dance Inspire LK ආරම්භ කළා. මුලදී, අපට සිටියේ සිසුන් දෙදෙනෙක් පමණයි. ඔවුන් දෙදෙනාම මම පාසල් කාලයේ පටන් දන්නා අය. එතැන් සිට අපගේ ස්ටුඩියෝ එක ක‍්‍රමානුකූලව දියුණු වූ අතර, දැන් සිසුන් 150 කට වඩා ඉන්නවා.

අපගේ ස්ටුඩියෝ එක ඉදිරියට ගෙනයද්දී, අපි YouTube හි අපගේ නර්තන කුසලතා සහ නර්තන නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමට ද තීරණය කළා. සමාජ මාධ්‍ය හැසිරවීමේදී මගේ සහෝදරයා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. වීඩියෝකරණයේ සිට සංස්කරණය කිරීම දක්වා සියල්ල හසුරුවන්නේ ඔහුයි.

ඔබ TikTok පටන් ගත්තේ කවදාද?

මම නිර්මාණාත්මක නර්තන චලනයන් එක් කිරීමට මගේ දුරකතනය භාවිතා කරමින් තොල් හසුරුවන වීඩියෝ නිර්මාණය කළ Musically නම් යෙදවුමට සම්බන්ධ වුණා. සංගීතයට නැඹුරු වූ පවුලකින් පැමිණි මා එහි ඇති හැකියාවන්ට වඩාත් ප‍්‍රිය කළා.

කෙසේ වෙතත්, මම එක්තරා කාලයක එම යෙදවුම නිතර භාවිතය නතර කළා. මට TikTok හමු වූ පසු Musically යෙදවුම මම භාවිතා කළේම නෑ. මම TikTok වීඩියෝ හදන්න පටන් ගත්තේ විනෝදය සඳහා පමණයි. මම මගේ බල්ලා සමඟ හෝ ක්ෂණිකව වෙනස් වීමේ වීඩියෝ (random transition videos) පළ කළා. මෙලෙස කලක් යන විට මම දැක්කා TikTok හරහා ලොව පුරා සිටින විශාල පිරිසක් විවිධ නර්තන ප‍්‍රවණතා වටා එක්රොක් වී සිටිනවා. ඉතින් මමත් මගේ නර්තන කුසලතා, ලෝකයා ඉදිරියට ගෙන යාමට කදිම මඟක් ලෙස මෙම වේදිකාව තෝරාගත්තා. අද වන විට මගේ ඒ පියවර වඩාත් සාර්ථක වී තිබෙනවා.

අන්තර්ගත නිර්මාණකරණයට පිවිසෙන කෙනෙකුට ඔබ දෙන උපදෙස් මොනවාද?

එහිදී අන් අය අනුකරණය නොකිරීම, අව්‍යාජ වීම යන කාරණා ප‍්‍රධානයි වගේම අර්ථාන්විත විනෝදාස්වාදයක් තම නිර්මාණය හරහා ලබාදීම වඩාත් වැදගත් වෙනවා. එමෙන්ම ඔබේ විශ්වාසය සහ ඔබේ පෞරුෂය මිනිසුන්ගේ හදවතට සමීප වන ආකාරයේ අන්තර්ගතයන් නිර්මාණය කිරීමට උත්සහ කරන්න. මම මගේ පන්තිවලදී පවා විශ්වාසයෙන් හා අව්‍යාජව සිටීමේ වැදගත්කම නිතරම අවධාරණය කරනවා.

 

HNB 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට...
Power World joins hands with...
Janashakthi Finance Wins Bronze Effie...
ரமழான் கால உணவுகளும், சமூகப் பிணைப்பும்:...
චීන සංස්කෘතියේ අභිමානය පෙරටු කොට...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
T20 உலகக் கிண்ணத்தில் பிளாஸ்டிக் மீள்சுழற்சியை...
Ramadan in the Digital Age:...
தெற்காசியாவில் முதன்முறையாக BYD-இன் ஏழு ஆசனங்களைக்...
Huawei Unveils Three Key Values...