TikTok නවතම AI තාක්ෂණයේ නිර්මාණ හඳුනා ගැනීම හා මාධ්‍ය සාක්ෂරතා වැඩසටහන් දියත් කරයි

Share

Share

Share

Share

සෑමවිටම නව්‍ය නිර්මාණකරණය තුළින් නවතම අත්දැකීමක් එක් කිරීමට සමත්ව සිටින TikTok, AI පිළිබඳ විනිවිදභාවයේ හා මධ්‍ය සාක්ෂරතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් අතපත් කරගෙන ඇති බව සතුටින් නිවේදනය කර සිටියි. විශේෂයෙන් නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව ^Authenticity& සමඟින් විවිධ වේදිකා යටතේ නිර්මාණයන් එක් වන විට AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් ස්වයංක්‍රීය ආකාරයෙන් හඳුනා ගැනීම සඳහා Content Credentials තාක්ෂණය භාවිත කරන පළමු වීඩියෝ නිර්මාණය සහිත වේදිකාවට බවට පත්වීමටද TikTok හට හැකියාව උදා විය.

AI මඟින් නිර්මාණය කරන අන්තර්ගතයන් තුළින් ඇති විය හැකි අභියෝගයන් පිළිබඳව අවබෝධ කර ගනිමින් විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ශක්තිමත් ආකෘතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති TikTok හි මෙම වැඩසටහන AI බලපෑම් තුළින් සියලු ස්වයංක්‍රීයව ලේබල් කරනු ලබයි. පසුගිය වසර තුළ එම නිර්මාණයන්හි ආරම්භය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙමින් මිලියන 37කට වැඩි නිර්මාණකරුවන් මේ වන විට ලේබල් කිරීම් තුළින් ප්‍රතිලාභ ලැබීමට සමත්ව ඇත.

සිය නිර්මාණයන්හි විනිවිදභාවය තවදුරටත් ඉදිරියට ගනිමින් එහි සියලු අන්තර්ගතයන් වෙත ඉතා ඉක්මණින් පිළිගැනීම ලබා දීම දීර්ඝ කිරීමට කටයුතු කර ඇති TikTok එම අන්තර්ගතයන් metadata ඩවුන්ලෝඩ් කළ විට පවා එහි රැඳී සිටින අයුරින් සළස්වා දී තිබීම විශේෂත්වයකි. පරිශීලකයන්ට මෙන්ම වෙනත් වේදිකාවන්හි අන්තර්ගත නිර්මාණයන්හි නිවැරදි බව තහවුරු කිරීමට අවැසි ඩිජිටල් ප්‍රමිතියක් ගොඩ නැගීමටද TikTok මේ තුළින් සමත් විය.

තවද MediaWise සහ WITNESS සමඟ එක්ව මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් අධ්‍යාපන වැඩසටහන් මාලාවක් දියත් කිරීමටද TikTok කටයුතු කර ඇත. මෙහිදී AI මඟින් නිර්මාණය කරන ලද සත්‍ය හා අසත්‍ය අන්තර්ගතයන් අතර වෙනස හඳුනා ගනිමින් සබැඳි තොරතුරු විශ්ලේෂණය කිරීමට පරිශීලකයන් බලගැන්වීමට TikTok සමත්ව සිටියි. මෙම සහයෝගීතාව තුළින් ගෝලීය මාධ්‍ය සාක්ෂරතාව පෝෂණය කිරීමේ අරමුණින් සම්පාදිත වීඩියෝ 12 ක පාඩම් මාලවක් නිකුත් කිරීමට TikTok කටයුතු කර ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ Adobe හි පොදු උපදේශක සහ ප්‍රධාන භාර නිලධාරී මහතා සඳහන් කර සිටියේ “ගෝලීය වශයෙන් නිර්මාණ කරුවන් හා පරිශීලකයින් විශාල ප්‍රමාණයක් සමඟ නිර්මාණ උපත සිදුවන ස්ථානය (Content Provenance) හා සත්‍යතාව (Authenticity) සහ CAI යන දෙක සඳහාම TikTok හි මැදිහත් වීම ඉතා වැදගත් වනවා. මෙම හවුල්කාරීත්වය තුළින් ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට හැකිවනු ඇති බව මගේ විශ්වාසයයි.” යනුවෙනි.

මෙහිදී අදහස් පළකල MediaWise හි අධ්‍යක්ෂ ඇලෙක්ස් මහදේවන් මහතා “2019 වසරේදී TikTok තුළ අපගේ Teen Fact-Checking Network දියත් කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් සැලකිය යුතු ආකාරයෙන් මැදිහත් වීමට අපි කටයුතු කළා. මෙම නවතම වැඩසටහන හරහා සත්‍ය නොවන අන්තර්ගතයන් හඳුනාගැනීමට තවදුරටත් අවස්ථාව ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටුයි.’’ යනුවෙන් පවසා සිටියේය.

Adobe-led Content Authenticity Initiative (CAI) සමඟ එක්වීම තුළින් සිය අන්තර්ගතයන්හි නිවැරදි බව වර්ධනය කිරීමට TikTok කටයුතු කර ඇත්තේ නිවැරදි ප්‍රමිතීන් අනුගමනය කිරීමේ පෙරමුණ ගනිමිනි. මෙම සහයෝගී ප්‍රයත්නය තුළින් TikTok හි ස්වයංක්‍රීයව හඳුනාගනු ලබන AIGC ප්‍රමාණය ඉහළ නංවා ගනිමින් පරිශීලක අත්දැකීම් හා විශ්වාසය ඉහළ නැංවීමට හේතු වනු ඇත.

 

කොකා-කෝලා පදනම සහ හේලීස් වැවිලි...
සම්ප්‍රදාය සහ නවීනත්වය එක්තැන් කළ...
Jazz Powers 1,000 Telecom Sites...
5G-A மற்றும் 6G தொழில்நுட்பத்தில் புதிய...
LankaPay Technnovation Awards 2026 හිදී...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
BYD ශ්‍රී ලංකාව තුළ වාහන...
TikTok releases Q4 2025 Community...
ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජයන්ත ප්‍රේමචන්ද්‍රයන්ගේ...
ITC Ratnadipa Presents The Art...