TikTok, පරිශීලකයින්ට අවශ්‍ය සියලු දේ පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබා දීමෙන් ආරක්ෂාව තහවුරු කරයි

Share

Share

Share

Share

අද වන විට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතයෙන් අවශ්‍ය ඕනෑම දෙයක් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස TikTok සඳහන් කළ හැකිය. නව අදහස් විශාල ප්‍රමාණයක් පිළිබඳ දැන ගැනීමට, ප්‍රායෝගික හැකියාවන් ඉහළ නංවා ගැනීමට, මානසික සතුට වෙනුවෙන් මෙන්ම සංස්කෘතිය, භාෂාව සහ එදිනෙදා ජීවිතය පිළිබඳ තොරතුරු හෙලි කරන අන්තර්ගතයන් TikTok තුළ වැඩි වැඩියෙන් අන්තර්ගත වේ.

විශේෂයෙන් ඉක්මණින් පිළිතුරු ලබා ගැනීමට මෙන්ම පැහැදිලි කිරීම් සඳහා වන වීඩියෝ නැරඹීමට බොහෝ දෙනා දැන් TikTok වෙත යොමු වෙමින් සිටිති. ඒ බොහෝ අන්තර්ගතයන් සරල හා පැහැදිලි ආකාරයෙන් අවශ්‍ය දේවල් තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීම හේතුවෙන් පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත.

මේ වන විට හුදු විනෝදාස්වාදයටෙ එහා යමින් විවිධ මානව අවශ්‍යතා සපුරාලීමේ වේදිකාවක් බවට පත්ව ඇති TikTok පසුගිය වසර තුල අධ්‍යාපනය, සංස්කෘතිය, ආහාර, සංචාර, රූපලාවන්‍ය, ජීවන රටා, ප්‍රවෘත්ති යනාදී විවිධ ක්ෂේත්‍රයන් හරහා වැඩි නැරඹුම් සංඛ්‍යාවක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ තුලින් ප්‍රජාව තමන්ට අවශ්‍ය දේ සොයා ගැනීමට ඒ වෙත බහුලව පිවිසෙමින් සිටින බව සාක්ෂි සහිතව පෙන්වා දිය හැකිය.

මේ පිළිබඳ තොරතුරුවලින් පෙනී යන්නේ ප්‍රජාව තමන්ගේ ගැටලුවලට පිළිතුරු සෙවීහුමට මෙන්ම පුද්ගලිත අවශ්‍යතා සඳහා TikTok වේදිකාව භාවිත කරන බවයි. ඒ අනුව සංචාරක, ආහාර, අධ්‍යාපන සහ ශාරීරික යෝග්‍යතාව වැනි අන්තර්ගතයන් වෙත පසුගිය වසරේදී බහුලව පරිශීලකයින් යොමු වී ඇති අතර ඒ තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා අවබෝධය මෙන්ම මඟ පෙන්වීමක් ලබා ගැනීමට හැකි වී ඇත.

අන්තර්ගතයන් ගවේෂණයේදී සැබෑ ආරක්ෂාවක් වෙනුවෙන් මැදිහත් වන TikTok
තම අවකාශය තුළ පරිශීලකයින් අන්තර්ගතයන් සෙවීම අඛණ්ඩව ඉහළ යන විට එය පරිශීලකයින්ට ආරක්ෂිත හා වගකීම් සහගත වේදිකාවක් බවට පත් කිරීමට TikTok පියවර ගෙන ඇත. විශේයෙන් අධි අවදානම් හෝ සංවේදී මාතෘකා පිළිබඳ සෙවීමේදී ඒ සඳහා වැඩි ආරක්ෂාවක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

පරිශීලක විමසුම් මත පදනම්ව ආරක්ෂිත මැදිහත් වීම් සඳහා TikTok කටයුතු කරයි.
• දේශීය උපකාරක දුරකතන සහ යහපැවැත්ම ඇතුලු මානසික සෞඛ්‍ය සහාය
• ස්වාභාවික විපත් හා වේගයෙන් ව්‍යාප්ත වන හදිසි අවස්ථා වැනි අර්බුදවලදී මග පෙන්වීම
• වැරදි තොරතුරු වෙත පිවිසීම අවම කරමින් විශ්වාසදායී මූලාශ්‍රයන් ඇසුරින් තොරතුරු ලබා දීම
• පීඩා, ප්‍රචණ්ඩත්වය හෝ මහජන ආරක්ෂාව වැනි සුවිශේෂී ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ තොරතුරු
මෙහිදී පහසුවෙන් ලබා ගැනීමට හැකි වේ.

මෙහි ඇති වැදගත්ම දේ වන්නේ පරිශීලකයින්ගේ වයස් සීමාවන් අනුව එම අන්තර්ගතයන් වෙත පිවිසීමේ සීමාවන් පනවා තිබීමයි. සෑම විටම පරිශීලක ආරක්ෂාව හා ඩිජිටල් යහපැවැත්ම වෙනුවෙන් මඟ පෙන්වන ලිංගික අපයෝජන පිළිබඳ දැනුවත්භාවය සහ ඒ සඳහා වන මාර්ගෝපදේශයන් ලබා දීමට TikTok කටයුතු කර ඇත. ලිංගික අපයෝජනයට අදාළ පද සොයන පරිශීලකයින් හට දේශීය උපකාරක දුරකතන සහ ආරක්ෂිත මධ්‍යස්ථාන තුළ TikTok හි ලිංගික අපයෝජන සහාය පිටුව වෙත හරවා යවන යෙදුම අන්තර්ගත වේ.

ඊට අමතරව ජාතික මැතිවරණයන්හිදී කාලෝචිත, විශ්වාසදායී හා විනිවිද පෙනෙන තොරතුරු පරිශීලකයින් වෙත ලබා දීමට කටයුතු කරන TikTok වර්ෂාව අධික කාලයන්හිදී ආපදා ආශ්‍රිත සෙවුම් අවස්ථා උදා කර දී ඇත. මේ වන විට සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම ඇතුළත් බහු භාෂා මධ්‍යස්ථානයක් දියත් කිරීමටද TikTok කටයුතු කර ඇත්තේ පරිශීලක හිතකාමී මාධ්‍ය අවකාශයක් නිරන්තරයෙන් ඔවුන් වෙත ලබා දීමට කැප වෙමිනි.

2026 முதல் அரையாண்டில் ரூ. 7.2...
ஆசியாவின் புகழ்பெற்ற ‘Hot Pot’ உணவு...
இலங்கைப் படைப்பாளர்களுக்காக TikTok அறிமுகப்படுத்தும் ”Creator...
இலங்கை வாகனத் துறையில் புதிய டிஜிட்டல்...
BYD Launches RACCO in Japan,...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
Fanta at Nallur: Celebrating Faith,...
மண் அடுப்பில் தயாராகும் சுவையான உணவுகளால்...
இசை, சுவையுடன் கட்டுநாயக்கவை அதிரவைத்த Coke...
விசேட சலுகைகளுடன் Samsung Galaxy Z...