TikTok වේදිකාවෙන් දැයට දායද කරන ඩිජිටල් අධ්‍යාපනයේ සහයෝගී අනාගතය

Share

Share

Share

Share

ඉන්දික ද සොයිසා විසිනි

වත්මන් අධ්‍යාපනය පන්ති කාමරයකට හෝ සාම්ප්‍රදායික විෂයය නිර්දේශයකට සීමා වන්නක් නොවේ. අද වන විට එය තත්පර කිහිපයකින් මිලියන ගණනකගේ දැනුම දියුණු කරන අන්තර්ජාලය වේදිකාව කරගත් නිර්මාණයක් බවට පත්ව ඇත්තේ නූතන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කරමිනි. ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ගමනක යෙදෙන ශ්‍රී ලංකාව අධ්‍යාපනය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතය යන සියලු අවස්ථාවන් මනාව කළමනාකරණය කරගනිමින් තාරුණ්‍යය සවිමත් කිරීමට මේ තුලින් කටයුතු කොට ඇත.

මෙහි විශේෂ අවස්ථාවක් වනුයේ TikTok හි අවකාශය සඳහා ශ්‍රී ලංකා රජයේ හවුල්කාරීත්වය හිමි වීමයි. විශේෂයෙන් අධ්‍යාපනයේ නව පෙරලියක් සිදු කිරීම වෙනුවෙන් වූ මෙම සහයෝගීතාව තුලින් පළමු වරට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිත අන්තර්ගතයන් සඳහා විවෘත වේදිකාවක් සියලු දෙනා වෙත ලබා දීමට හැකිව තිබේ. රාජ්‍ය අංශයේ අධ්‍යාපන බලධාරීන් මෙරට තාරුණ්‍යය සඳහා ලබා දී ඇති මේ සුවිසල් අවස්ථාව රජය, තාරුණ්‍යය හා සමාජ මාධ්‍ය අතර වන තෛපාර්ශවීය ශක්තියේ නවෝත්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.

ඩිජිටල් ඉගෙනුම් පරිසර පද්ධතියක් සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති හා යටිතල පහසුකම්
සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ආරක්ෂිත සහභාගීත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට රජය කටයුතු කර ඇති අතර ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වන ආයෝජනයන් සමඟ එක්ව මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිය සඳහා STEM ප්‍රමුඛතා එක් කිරීමටද කටයුතු කර ඇත. පාසල් පන්ති කාමරයෙන් ඔබ්බට යමින් ස්මාර්ට් පන්ති කාමර, ග්‍රාමීය ඩිජිටල් ඉගෙනුම් මධ්‍යස්ථානය වැනි වැඩසටහන් හරහා අනාගත තාරුණ්‍යය කුසලතාවන්ගෙන් පෝෂණය කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිවලට හැකියාව ඇති බව මේ තුලින් පැහැදිලි වේ.

හරවත් අධ්‍යාපනයක් සඳහා යටිතල පහසුකම් පමණක් ප්‍රමාණවත් නොවන අතර දුප්පත් පොහොසක් භේදයකින් හෝ නාගරික, ග්‍රාමීය භේදයකින් තොරව සියලු දෙනාට සම්බන්ධ විය හැකි ඩිජිටල් සහභාගීත්වයක් දිරිමත් කරන ප්‍රතිපත්තියක්ද අත්‍යාවශ්‍ය වේ.

පාරිභෝගිකයින්ගේ සිට සම නිර්මාණකරුවන් දක්වා තාරුණ්‍යයේ හැකියාව
දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂී පරම්පරාවන් අතරට ගැනිය හැකි මෙරට තාරුණ්‍යය සෑම දිනකම නව්‍ය තාක්ෂණයට සමීප වෙමින් නිර්මාණාත්මක දේ ඉදිරිපත් කිරීමට මෙන්ම සහයෝගයෙන් කටයුතු කරමින් සන්නිවේදනය වඩා ඵලදායී ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටිති. මෙම සහභාගීත්ව සංස්කෘතිය තාරුණ්‍යයේ ඉගෙනීමේ අනාගතය සවිබල ගැන්වීමේ ශක්තිමත් නියෝජිතයින් ලෙස කටයුතු කරයි.

තරුණ නිර්මාණකරුවන් TikTok, YouTube හෝ EdTech යෙදුම් වැනි වේදිකා භාවිත කරමින් දේශගුණික විද්‍යාවේ සිට රොබෝ තාක්ෂණ විද්‍යාව දක්වා වන සංකීර්ණ මාතෘතාවන් පිළිබඳ තොරතුරු වීඩියෝ අනෙකා සමඟ බෙදා ගැනීමට කටයුතු කරති. දැනුම සංස්කෘතියක් බවට පරිවර්තනය කරමින් සියලුදෙනාට සියලු දේ දැන ගැනීමේ අවස්ථාව උදා කර දීමට පෙළ ගැසී සිටින ඔවුන් රාජ්‍ය සහයෝගීතාවය තුලින් අධ්‍යාපන දැනුම ලබා දීමේ සමාජ මාධ්‍යය අවස්ථාවන් මනාව ප්‍රයෝජනයට ගනිමින් සිටිති.

සම්බන්ධතා හා අධ්‍යාපනය යා කරන සමාජ මාධ්‍ය
සමාජ මාධ්‍යයන්හි සාම්ප්‍රදායික කාර්යභාරය වන්නේ විනෝදාස්වාදය හා සබඳතා වර්ධනය වුවත් මෙම උත්සාහයන් හරහා අධ්‍යාපන දැනුම ඉහළ නැංවා ගැනීමේ වේදිකාවක් බවටද එය පත් කර ගැනීමට හැකිව ඇත. ඒ නිසාම සමාජ මාධ්‍ය අද ලොව විශාලතම පන්ති කාමරය බවට පත්ව තිබේ. එහෙයින් මේවා තාරුණ්‍යයේ සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් යොදා ගැනීම ඉතා වැදගත් වේ.

අන්තර්ගත අඛණ්ඩතාව, දත්ත විනිවිදභාවය සහ පරිශීලක ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අධ්‍යාපනඥයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අඛණ්ඩව කටයුතු කළ යුතුය. මෙහිදී TikTok හි නව්‍ය විශේෂාංග සමඟින් ආරක්ෂාව හා නිර්මාණශීලීත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීමද ඉතා වැදගත් වේ.

මේ හා සමාන සේවාවක් අනෙකුත් ඩිජිටල් වේදිකාවන් තුලින් ද මෙම සේවාවන් ලබා දීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා තිරසාර හා පරිමාණය කළ හැකි ජාතික ඩිජිටල් අධ්‍යාපන රාමුවක වර්ධනය අපට දැකිය හැකි වනු ඇත.

ඩිජිටල් ඉගෙනීම සඳහා පොදු අරමුණක්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනාගතය රඳා පවතින්නේ රජයේ නියාමන මඟ පෙන්වීම්, පෞද්ගලික අංශයේ නවෝත්පාදනය සහ තරුණයින්ගේ නිර්මාණශීලීත්වය තුලිනි.

ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් සුඛෝපභෝගී සේවාවක් නොවන අතර ජාතික අවශ්‍යතාවක් ලෙස සියලු දෙනාට අත්විඳිය හැකි අවස්ථාවකි. අනාගතය උදෙසා සූදානම් වන තාරුණ්‍යයේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීමට සමාජ මාධ්‍ය සතු හැකියාව තුලින් ඔවුන් මනාව අනාගතය වෙත හුරු කිරීමට කටයුතු කිරීම රටේ සුබසිද්ධියට බෙහෙවින් වැදගත් වනු ඇත.
(කතුවරයා – ශ්‍රී ලංකා පරිගණක සංගමයේ උප සභාපති සහ ප්‍රවීන තොරතුරු හා සන්නිවේදන විශිෂ්ටයකු වේ)

Stopping Financial Fraud Before It...
Janashakthi Life strengthens commitment to...
HNB FINANCE PLC, BMPC 2026...
City of Dreams Sri Lanka,...
බ්‍රිතාන්‍යයේ දොරටු විවරවීමත් සමගම මෙහි...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
Dijital Team Sri Lanka reaffirms...
TikTok வழியாகக் கொண்டாடப்படும் சிங்கள மற்றும்...
இலங்கையின் டிஜிட்டல் பொருளாதாரத்தை வலுப்படுத்தும் Huawei:...
ජනශක්ති ෆිනෑන්ස් සමාගම කාන්තාවන්ගේ මූල්‍යමය...