ශ්‍රී ලංකාව යනු සුන්දරත්වයෙන් අනූන සුවිශේෂී දිවයිනක් බව අපට වඩා විදේශිකයින් හොඳින්ම දනිති. අප එදිනෙදා දකින සුන්දරත්වය නිසාම එහි අගයක් අපට නොමැති වුවද විදේශිකයින්ට එහි ඇති අගය අපමණය. රටවටා මුහුදු වෙරළේ සිට මධ්‍යම කඳුකරය දක්වා සෑම බිම් අඟලකම නිර්මාණය වන සුන්දරත්වය මෙන්ම අප අත්විඳින ආහාර සංස්කෘතියද ලෝකයේ අනෙකුත් රටවල ජනතාවට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් බව නොරහසකි. මේ ලෝක සංචාරක දිනයේ එවන් පාරාදීසයක් පිළිබඳ තවදුරටත් ලොවට ගෙන යාමට හැකි හොඳම වේදිකාව වන්නේ TikTok ය. එය ශ්‍රී ලංකාව පිළිබඳ ඔබ නොදත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එනු නිසැකය.
TikTok හි #TravelSriLanka පිටුව තුල ඇති 17200කට අධික පලකිරීම් තුලින් මේ පිළිබඳ බොහෝ දේ අත් විඳීමට ඔබට හැකියාව උදා කර දී ඇත්තේ සැබෑ සුන්දර පාරාදීසයක් ඔබ සිතෙහි විචිත්‍රවත් කරමිනි.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය (Digital Agenda and Artificial Intelligence to Redesign Tourism) යන නිල තේමාව යටතේ සමරන 2026 ලෝක සංචාරක දිනයේදී, ලෝකයේ විවිධ සුන්දර ස්ථාන සහ ඒවා සුවිශේෂී කරන මිනිසුන්ව සොයා ගැනීමට නවීන තාක්ෂණය ලොවටම උපකාර කරන ආකාරය අප ඉතාමත් ඉහළින් සමරනු ලබයි.
රසවත් අත්දැකීමක්
අප අපගේ දේශීය ආහාරවල රසය හොඳින්ම දන්නා නමුත්, විදේශීය සංචාරකයෙකු ප්‍රථම වරට ආප්පයක රස බලන අයුරු, පාර අයිනේ කොත්තු සාදන ආකාරය පුදුමයෙන් නරඹන අයුරු හෝ ශ්‍රී ලාංකීය බත් සහ ව්‍යාංජන වේලක රස විඳින අයුරු දෙස බැලීම, අපට ඉතාමත් හුරුපුරුදු දෙයක් වුවද එය අලුත් මානයකින් දැකීමට අපට අවස්ථාව සලසා දෙයි.
TikTok හි #SriLankanFood, #Kottu, #JaffnaFood, සහ #ColomboFood වැනි අවකාශයන් ඊට මහත් පිටිවහලක් ලබා දෙයි.
සැබෑ සුවයක් ගෙන දෙන තැනක්
ශ්‍රී ලංකාව සතුව පවතින සුවිශේෂී ආගන්තුක සත්කාරය හේතුවෙන්, මෙරට ගතකරන කෙටි දින කිහිපයක නිවාඩුවක් වුවද මනසට උපරිම නිදහසක් සහ විවේකයක් ලබාදෙන අසිරිමත් සංචාරයක් බවට පත්කිරීමේ පුදුමාකාර හැකියාවක් අප රට සතුය. එක් සංචාරකයෙකුට මුහුද අයිනේ පිහිටි සරල නවාතැනකින් සිය දවස ආරම්භ කළ හැකි අතර, තවත් අයෙකුට තේ වත්තක සුන්දරත්වය පෙනෙන ජදකදබස්ක විලාසිතාවේ බංගලාවක උදෑසන ගතකළ හැක. එමෙන්ම තවත් කෙනෙකුට නිවර්තන පරිසරයකින් වටවූ සුඛෝපභෝගී පෞද්ගලික විලාවක නිදහස අත්විඳිය හැක
ඒ පිළිබඳ තවත් බොහෝ දේ TikTok හි #SriLankaTravel සහ #SriLankaBackpacking වැනි පිටු තුලින් මෙන්ම #SriLankaResort තුලින් දැන ගැනීමටත්, අත්විඳීමටත් හැකිවේ.
නිදහසේ විඳින සුන්දරත්වය
මීට අමතරව, සංචාරකයන්ට නිදහසේ එළිමහනේ ඇවිදිමින් සොබාදහම විඳගැනීමේ අවස්ථාව මෙරටදී උදා වීම ඔවුන් ලබන් තවත් සුවිශේෂී අත්දැකීමකි.
ආරුගම්බේ මුහුදු රළ අතර සැරිසැරීම, ඉන්දියානු සාගර පත්ලටම කිමිදීම, නිවර්තන මසුන් සහ කොරල්පර අතර ස්නෝකලින්කිරීම, තල්මසුන් සෙවීම හෝ අලි ඇතුන් සහ කොටියන් දැකගැනීමේ අරමුණින් වනජීවී අභයභූමි මැදින් යන සෆාරි චාරිකා මීට කදිම නිදසුන් ය. යාල සහ උඩවලව වන උද්‍යානයන්හි සෆාරි සංචාරයන් ඔවුන්ට කිසි දිනෙක නොවිඳි අත්දැකීමක් බවට පත් වනු ඇත. එවන් අත්දැකීම් පිළිබඳ #SriLankaSurfing, #SriLankaDiving, #SriLankaSnorkeling සහ #SriLankaWildlife තුලින් දැකගත හැකි වනු ඇත.
ප්‍රෞඩ ඉතිහාසයක්
ප්‍රෞඩ වූ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව අග්‍රගන්‍ය සංස්කෘතිය හා සොබා දහම සමඟ එක් වෙමින් අත දක්වාම සුවිශේෂී සිදුවීම් රැසක පින්බිමක්ව ලොව අභිමානවත් රාජ්‍යයක් බවට පත්ව තිබේ. ලොව අටවන පුදුමය ලෙස ගැනෙන ආකර්ෂණීය සීගිරි බලකොටුව, කන්ද උඩරට මහනුවර රාජධානිය, ඓතිහාසික ගාලු කොටුව වැනි ස්ථානයන් මෙන්ම බොහෝ විට බොහෝ දෙනාලේ ඇස නොගගැටෙන එහෙත් අතිශය අලංකාර මෙන්ම සුවිසල් ඉතිහාසයකට උරුම කියන තවක් බොහෝ ස්ථානයන් ශ්‍රී ලංකාව සතුය.
ඒ ඓතිහාසික බව හා වැදගත්කම මනාව පෙන්වා දෙන TikTok හි #Sigiriya, #GalleFort, #Kandy සහ #SriLankaHeritage වැනි පිටු තුලින් ඒ පිලිබඳ තවත් බොහෝ දේ දැක ගැනීමට හැකි වනු ඇත.
අහඹු අත්දැකීම්
ඉතිහාසය, සුන්දරත්වය. සංස්කෘතිය විඳගන්නා අතරම සැබෑ ආගන්තුක සත්කාරය හඳුනන ගැමි සුනදරත්වය අත්විඳින්නට හැකි නම් එය සංචාරයේ අමතක නොවන අත්දැකීමක් වනු ඇත. ග්‍රාමීය පවුලක් සමඟ සැබෑ ගැමි ආහාර වේලක් අර විඳින්නට”. ගමේ තේ කෝප්පයක පහස ලබන්නට ඇත්නම් තෙකරම් අගනේද? #SriLankaCulture, #SriLankaCooking සහ #SriLankaExperiences වැනි ගිණුම් ඊට ඔබට මඟ කියනු ඇත.
ඉහත දක්වා ඇත්තේ මේ සොඳුරු දිවයිනේදී අත්දැකිය හැකි අවස්ථා කිහිපයක් පමණකි. තවත් එවන් අවස්ථා රැසක් මේ පින්බිමේදී ඔබට උදා කර ගත හැකි බව TikTok හි බොහෝ පළ කිරීම් තුලින් දැක ගැනීමට හැකි වේ.
මෙයින් පෙනී යන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් TikTok සුවිසල් පිටිවහලක් වන බව නොවේද? ලෝක සංචාරක දිනය නිමිති කර ගනිමින් අපට තවත් බොහෝ දේ මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකිය. අපේ රටේ හෙට දවස වෙනුවෙන් අපට එක් විය හැකිය. සංචාරක ආකර්ෂණය ඉහළ නංවන නිර්මාණාත්මක ඡායාරූප, වීඩියෝ මෙන්ම විවිධ අප්‍රකට ස්ථාන වැනි දේ TikTok වෙත එක් කළ හැකිය. මේ අපේ රටයි. අපේ අභිමානයයි.




