TikTok ශ‍්‍රී ලංකාවේ දී #MentalHealthAwareness වැඩමුළුවක් පවත්වයි

Share

Share

Share

Share

ලොව ප‍්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ නිර්මාණකරුවන් සඳහා #MentalHealthAwareness වැඩමුළුවක් සංවිධානය කරමින් දකුණු ආසියාතිකයින්ගේ මානසික සෞඛ්‍යය නඟාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි. මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ අන්තර්ගතයන්හි ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සහ TikTok වේදිකාව පරිශීලනය කරන සෑම කෙනෙකුටම එය වඩාත් ආරක්ෂිත බව සහතික කිරීමට TikTok ගන්නා උත්සහය පෙන්නුම් කරන්නකි.

#MentalHealthAwareness වැඩමුළුව සංවිධානය කිරීම සඳහා TikTok, Vidaclinic සහ මෙරට කෙටි වීඩියෝ නිර්මාණකරුවන් සමඟ අත්වැල් බැඳගන්නා ලදී. එහිදී මානසික සෞඛ්‍ය නඟාසිටුවීම වෙනුවෙන් කෙටි වීඩියෝ අන්තර්ගතයන් බලපාන ආකාරය පිළිබඳව නිර්මාණකරුවන්, වෘත්තිකයන් සහ ප‍්‍රවීණයින් දැනුවත් කළේය. මෙය ශ‍්‍රී ලාංකේය නිර්මාණකරුවන් දැනුවත් කිරීමට, දිරිගැන්වීමට සහ සහය දැක්වීමට TikTok හි සැලසුමේ තවත් පියවරකි. ඒ අනුව ඔවුන් ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර මානසික සෞඛ්‍ය යහපැවැත්ම ප‍්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ඇත.

TikTok හි මෙවලම්, ආරක්ෂිත විශේෂාංග සහ නීතිරීති පිළිබඳව ද මෙහිදී සහභාගිවන්නන්ව දැනුවත් කළේය. වඩාත් හොඳ අන්තර්ගතයන් නිර්මාණය කරන ආකාරය සහ ඔවුන්ගේ අනුගාමිකයින් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී නිර්මාණකරුවන්ව දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුව අන්තර්ගත නිර්මාණකරුවන්ට සිය සබැඳි ප‍්‍රජාවට විනෝදාත්මක, ගුණාත්මක සහ මානසික සෞඛ්‍යයට හිතකර කෙටි වීඩියෝ නිර්මාණය උදෙසා අත්වැලක් වෙයි.

Vidaclinic හි විශ්ව විද්‍යාල කථිකාචාර්ය සහ මනෝ උපදේශක රශ්මි සූරියබණ්ඩාර විසින් TikTok භාවිතා කරන්නන් සඳහා අත්‍යවශ්‍ය අන්තර්ගත තේමා පිළිබඳ සැසියක් මෙහෙයවීය. එහිදී ආතතිය පාලනය කිරීම, කාංසාව සමඟ කටයුතු කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම පිළිබඳව ඇය සාකච්ඡා කළාය.

සුප‍්‍රසිද්ධ අන්තර්ගත නිර්මාණකරුවෙක් වන සාශා කරුණාරත්න මෙම #MentalHealthAwareness වැඩමුළුව පිළිබඳ සිය අදහස් මෙසේ බෙදාහදා ගත්තාය. ”#MentalHealthAwareness වැඩමුළුව අන්තර්ගත නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මානසික යහපැවැත්ම සඳහා ඇති අභියෝග සහ මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා වන උපායමාර්ග පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට කදිම අවස්ථාවක් වුණා. මෙම අවස්ථාවට විද්වත් මණ්ඩල සාමාජිකාවක් ලෙස එක් වූ මට, අපගේ කාර්යබහුල ජීවිතයේ පවතින ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කතා කිරීමට හැකි වුණා. ඒ වගේම මෙම අවස්ථාවේදී මගේ සෙසු නිර්මාණකරුවන් හමුවීමට ලැබීමද ලොකු සතුටක්.”

මෙම විද්වත් සාකච්ඡාවට රශ්මි සූරියබණ්ඩාර, ටාෂා අමරසිංහ (යෝග්‍යතා අන්තර්ගත නිර්මාණකරුවෙක් සහ මනෝ උපදේශකවරියක්), සාෂා කරුණාරත්න (මාධ්‍යවේදිනියක් සහ අන්තර්ගත නිර්මාණකාරිනියක්) සහ එරික් හෙන්රිච්ස් (රංගන ශිල්පියෙක් සහ අන්තර්ගත නිර්මාණකරුවෙක්) ඇතුළත් විය. ඔවුන් තම පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගත් අතර online වේදිකාවක ආරක්ෂාවේ වැදගත්කම සහ මානසික සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳව කතා කළහ.

#MentalHealthAwareness වැඩමුළුව පරිශීලකයින්ට තම අදහස් ප‍්‍රකාශ කිරීමට මනා තෝතැන්නක් වූ අතර මානසික සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන් වූ TikTok හි කැපවීම සමඟ එය මනාලෙස ගැලපෙයි.

 

HNB FINANCE PLC අධ්‍යක්ෂ මණ්ඩලයට...
யாழ். நல்லூர் திருவிழாவில் சுவை மற்றும்...
Perituza concludes second AI workshop,...
BYD සහ Denza පාරිභෝගිකයින්ට HNB...
John Keells Foundation and City...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
OMEGA TRADERS MARKS 45 YEARS...
ඔමේගා ට්‍රේඩර්ස්, අභිමානවත් 45 වැනි...
45 ஆண்டுகால பயணத்தில் புதிய அத்தியாயத்தைத்...
2026 முதல் அரையாண்டில் ரூ. 7.2...