TikTok 2023 ලංකා ප‍්‍රිමියර් ලීග් හි නිල අන්තර්ගත සහකරු බවට පත්වීමත් සමඟ #LPL2023 නැරඹුම් වාර මිලියන 60 ඉක්මවයි

Share

Share

Share

Share

TikTok නිල අන්තර්ගත හවුල්කරු ලෙස skyfair.news 2023 ලංකා පි‍්‍රමියර් ලීග් (Lanka Premier League – LPL) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. #LPL2023 හැෂ් ටැගය භාවිතා කරමින් LPL හි අමතක නොවන අවස්ථා සැමරීමට මෙම හවුල්කාරිත්වය මඟින් අවස්ථාව ලබා දෙන අතර, එය මේ වන විටත් මිලියන 60 කට අධික නැරඹීම් වාර ගණනක් පසුකර ඇත.

මෙම skyfair.news LPL 04 වන තරඟාවලියේ, තරඟ 15ක් ජූලි 30 සිට කොළඹ සහ මහනුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇත. TikTok පරිශීලකයින්ට දැන් බිලියනයකට වඩා ක‍්‍රියාකාරී පරිශීලකයින් සිටින මෙම වේදිකාවේ කි‍්‍රයාශීලීව හැසිරීමට අවස්ථාව ලැබෙයි. තරඟාවලියට පෙර සහ පසු විස්තරවල සිට විශේෂ අවස්ථා දක්වා සියල්ල සමඟින්, TikTok ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් සහ කෙටි වීඩියෝ නිර්මාණකරුවන් එකම වේදිකාවක් මත මුණගස්වනු ඇත. ඒ තුළින් පෙර නොවූ විරූ ක‍්‍රීඩා අත්දැකීමක් සහ විනෝදාස්වාදයක් ගෙන එයි. තරඟාවලියේ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට සහ ඕනෑම කෙනෙකුට #LPL2023 follow කිරීමට මෙන්ම එකම හැෂ්ටැගය භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කිරීමට පවා හැකිය.

මෙම හවුල්කාරිත්වය තුළින් TikTok ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රසිකයින් සඳහා පරිපූර්ණ වේදිකාවක් ස්ථාපිත කිරීමට උත්සහ කරයි. තවද, ලංකා ප‍්‍රිමියර් ලීග් හි ඉහළ පෙළේ ක‍්‍රිකට් අත්දැකීමක් ලබාදීමට සහ තරුණ දක්ෂතා පෝෂණය කිරීමට ඇති කැපවීම, ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත් උද්යෝගිමත් අවස්ථාවන් සැමරීමට, සම්බන්ධ වීමට සහ ප‍්‍රජාවක් නිර්මාණය කිරීමට දිවයින පුරා සිටින රසිකයින් එකට ගෙන ඒමේ TikTok හි මෙහෙවර සමඟ මනාව ගැලපේ.

” TikTok වේදිකාව යනු ක‍්‍රිකට් අන්තර්ගතය පුළුල් පේ‍්‍රක්ෂක පිරිසකට ලබා දීමට ඇති හොඳම මෙවලමයි. TikTok සමඟ ඇති මෙම සහයෝගීතාවය නිසැකවම skyfair.news 2023 ලංකා පි‍්‍රමියර් ලීග් ගෝලීය වශයෙන් වර්ධනය වීමට උපකාරී වනු ඇත. 2023 LPL හා TikTok හි ජනප‍්‍රියත්වය මෙම තරගාවලිය වඩාත් සාර්ථක එකක් බවට පත් කරනු ඇතියි.” යනුවෙන් LPL හි නිල හිමිකාරිත්වය දරණ IPG සමූහයේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් සන්ක්ධාර් පැවසීය.

”2023 ලංකා පි‍්‍රමියර් ලීග් හි නිල අන්තර්ගත සහකරු වීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. මෙම හවුල්කාරිත්වය සමඟින්, මෙම තරඟාවලියේ කී‍්‍රඩා අත්දැකීම ඒ ආකාරයෙන්ම ඔසනඔදන රසිකයින් වෙත ගෙන ඒම අපගේ අරමුණයි. TikTok පසුගිය වසර දෙක තුළ ක‍්‍රීඩා අන්තර්ගතයේ විචිත‍්‍රවත් කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර රසිකයින් ක‍්‍රීඩා කරන මාර්ගගත පිටියක් (Online Ground) නිර්මාණය කරමින් අපගේ ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවට ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ක‍්‍රීඩා ඉසව්ව නිර්මාණය කිරීමට සහ ඒවාට සම්බන්ධ වීමට නව ක‍්‍රම අප ඉදිරිපත් කරනවා. ක‍්‍රිකට් යනු ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ක‍්‍රීඩාව වන අතර රට තුළ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත්ම ජනප‍්‍රිය ඉසව්ව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. TikTok ක‍්‍රිකට් සඳහා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ක‍්‍රීඩා සඳහාද රසිකයින්ගේ නිවහන බවට පත්වෙමින් තිබෙනවා.” යැයි TikTok හි දකුණු ආසියාවේ අන්තර්ගත මෙහෙයුම් ප‍්‍රධානී පූජා දත්තා පැවසුවාය.

ක‍්‍රිකට් කී‍්‍රඩාව සඳහා ශ‍්‍රී ලාංකිකයින් දැඩි කැමැත්තක් දක්වන අතර TikTok සමඟ ඇති මෙම හවුල්කාරිත්වය ඇදහිය නොහැකි, කිසිදා නොදුටු ක‍්‍රීඩා අන්තර්ගතයන් පෝෂණය කරනු ඇත.

 

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ...
இலங்கையில் மருந்து உற்பத்தியை வலுப்படுத்துவதற்கு கைகோர்க்கும்...
கல்வி மற்றும் சுகாதாரத் துறையில் புதிய...
உணவு மேசையில் குடும்பங்களை ஒன்றிணைக்கும்‘TikTok அப்பா’
Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Xiaomi 17T அறிமுகத்துடன், Xiaomi இன்...
காலி நகரின் பிரம்மாண்டமான கொண்டாட்டங்களுக்கான புதிய...
அகமதாபாத் – கொழும்பு இடையே நேரடி...
Perituza engages Sri Lanka’s agency...