TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් TikTok හි මෙහෙයුම් පිළිබඳව විවෘතව සහ විනිවිදභාවයෙන් යුක්ත වීම, පරිශීලක ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය දීම මෙන්ම TikTok සිය ගෝලීය ප‍්‍රජාවේ සියලූම සාමාජිකයින්ට පිළිගැනීමට සහ ප‍්‍රවේශ විය හැකි බව සහතික කිරීමට ඇති කැපවීම පෙන්නුම් කරයි.

2023 වසරේ ඔක්තෝම්බර්-දෙසැම්බර් කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 176,461,963 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload කර ඇති සියලූම වීඩියෝවලින් 1.0% ක් පමණ වේ. මෙම වීඩියෝවලින් සැලකිය යුතු කොටසක් එනම් 128,300,584 ක් ස්වයංක‍්‍රීය පද්ධති හරහා ඉවත් කර ඇති අතර, තවත් වීඩියෝ 8,038,106 ක් නැවත පරීක්ෂා කිරීමෙන් පසු නැවත ඇතුලත් කර ඇත.

TikTok මාර්ගෝපදේශ මාලාව උල්ලංඝනය කළ වීඩියෝවලින් 89.9%ක් පමණ ඒවා පළ කිරීමෙන් පැය 24ක් ඇතුළත ඉවත් කරන ලද අතර, එම කාර්තුවේදී පරිශීලකයින් හෝ වෙනත් ක‍්‍රම මගින් වාර්තා කිරීමට පෙර TikTok විසින් ඉවත් කරන ලද ප‍්‍රමාණය 96.7%ක් විය. TikTok තරුණ පරිශීලකයින් ආරක්ෂිතව තබා ගැනීම සඳහා වයස අවුරුදු 13 ට අඩු පරිශීලකයින්ට අයත් යැයි හැෙඟන ගිණුම් 19,848,855 ක් ඉවත් කර ඇත. ඔවුන් තම පරිශීලක ප‍්‍රජාව සඳහා ආරක්ෂිත සහ විශ්වාසනීය පරිසරයක් පවත්වා ගැනීමට කැපවී සිටිති.

TikTok හි මාර්ගෝපදේශ මාලාව භාවිතා කරන සෑම කෙනෙකුටම ආරක්ෂිත, සාධාරණ සහ අව්‍යාජ අත්දැකීමක් නිර්මාණය කිරීමට අදහස් කරයි. මෙම මාර්ගෝපදේශ මාලාව සියලූම පරිශීලකයින්ට සහ සියලූ වර්ගවල අන්තර්ගත සඳහා අදාළ වන අතර, ඔවුන් ඒවා අඛණ්ඩව සහ සාධාරණව ක‍්‍රියාත්මක කරන බවට වග බලා ගැනීමට TikTok කටයුතු කරයි.

මෙම මාර්ගෝපදේශ මාලාව කඩ කරන අන්තර්ගතයන් සොයා ගැනීමට TikTok උසස් තාක්ෂණය සහ සේවා කණ්ඩායමක් යොදා ගනියි. ඔවුන් සෑම කාර්තුවකටම වාර්තාවක් ඉදිරිපත් කරන අතර එමඟින් ඔවුන් ඉවත් කර ඇති අන්තර්ගතයන් සහ ගිණුම් පිළිබඳ විස්තර ලබා දෙයි. TikTok හි Transparency Center වෙබ් අඩවියෙන් ඔබට සම්පූර්ණ 2023 Q4 වාර්තාව සහ TikTok මාර්ගෝපදේශ මාලාව, මෙවලම් සහ ප‍්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හැකිය.

 

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...