TikTok 2024 වසරේ පළමු කාර්තුව සඳහා සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

සැලoකිය යුතු දත්ත සහ ප්‍රවණතා ඉස්මතු කරමින්, සහ තම ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් TikTok 2024 පළමු කාර්තුව සඳහා ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

2024 පළමු කාර්තුවේදී, TikTok ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි ලොව පුරා වීඩියෝ මිලියන 166,997,307 ක් ඉවත් කර ඇත. එය TikTok හි upload කර ඇති සියලුම වීඩියෝවලින් 0.9% ක් පමණ වේ. මෙම වීඩියෝවලින් සැලකිය යුතු කොටසක් එනම් 129,335,793 ක් ස්වයංක්‍රීය පද්ධති හරහා ඉවත් කර ඇති අතර, තවත් වීඩියෝ 6,042,287 ක් නැවත පරීක්ෂා කිරීමෙන් පසු නැවත ඇතුලත් කර ඇත.

මීට අමතරව TikTok මාර්ගෝපදේශ මාලාව උල්ලංඝනය කළ වීඩියෝ ප්‍රතිචාර 976,479,946 ක් 2024 පළමු කාර්තුව තුළ ඉවත් කිරීමට TikTok කටයුකු කළේය. එය එම කාර්තුව තුළදී TikTok හි පළ කළ සමස්ත වීඩියෝ ප්‍රතිචාරවලින් 1.6%කි. තවද එම කාර්තුවේදී TikTok නිර්මාණකරුවන් විසින් TikTok හි මාර්ගෝපදේශවලට අනුකූලව ඔවුන්ගේ වීඩියෝවලට දක්වන ලද ප්‍රතිචාර කළමනාකරණය කිරීමට TikTok වේදිකාවේ ආරක්ෂිත මෙවලම් භාවිතා කළ අතර ඒ හරහා ඔවුන් තම වීඩියෝ ප්‍රතිචාර 3,381,646,722 ක් ෆිල්ටර් කර හෝ ඉවත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාව කඩ කරන අන්තර්ගතයන් සොයා ගැනීමට TikTok උසස් තාක්ෂණය සහ සේවා කණ්ඩායමක් යොදා ගනියි. ඔවුන් සෑම කාර්තුවකටම වාර්තාවක් ඉදිරිපත් කරන අතර එමඟින් ඔවුන් ඉවත් කර ඇති අන්තර්ගතයන් සහ ගිණුම් පිළිබඳ විස්තර ලබා දෙයි.

මීට අමතරව, අන්තර්ජාලය හරහා ළමා ලිංගික අපයෝජන සහ ලිංගික සූරාකෑම (CSEA) මෙන්ම දරුවෙකු සම්බන්ධ වන අසභ්‍ය ලිංගික ක්‍රියාකාරකම් නිරූපණය කරන ඕනෑම අන්තර්ගතයක් (CSAM) බෙදා හැරීමට එරෙහිව සටන් කිරීමට දරන උත්සාහයන් පිළිබඳ නව stand-alone report වාර්තාවක් TikTok හඳුන්වා දෙන අතර එමගින් ළමයින්ට හානි කිරීමට කටයුතු කරන අයට වේදිකාව තුළ අනාරක්ෂිත බවක් ඇති කරවයි.

TikTok හි Transparency Center වෙබ් අඩවියෙන් ඔබට සම්පූර්ණ 2024 Q1 වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකිය. ඔබට TikTok හි අන්තර්ගත මාර්ගෝපදේශ, මෙවලම් සහ ප්‍රතිපත්ති ගැන තව දැන ගැනීමට අවශ්‍ය නම්, ඔවුන්ගේ ප්‍රජා මාර්ගෝපදේශ පරීක්ෂා කරන්න.

2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය...
Prime සමූහය LMD වෙතින් මෙරට...
FACETS Sri Lanka 2027: ஒரு...
Shantha Bandara reappointed SLCPI President...
500 ட்ரோன்கள், முன்னணி கலைஞர்களின் இசை...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
“Just a Content Creator?” Tesaarah...
City of Dreams Sri Lanka...
LANKATILES and the Geoffrey Bawa...
உலகளாவிய சைபர் பாதுகாப்புப் தரவரிசையில் Sophos...