TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව තුළින් තම ගෝලීය ප්‍රජාව කෙරෙහි ධනාත්මක අත්දැකීමක් ලබා දෙමින් TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගනිමින් ඒවා ඉවත් කිරීම පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත.

මෙම කාලදීමාව තුළදී ගෝලීය වශයෙන් ලොව පුරා වීඩියෝ 178,827,465ක ප්‍රමාණයක් ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති අතර එම ප්‍රමාණය වෙත එක්කර ඇති සමස්ත වීඩියෝවලින් 1.0%කි. ඉවත් කරන ලද වීඩියෝවලින් 144,430,133ක් ස්වයංක්‍රීය හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කරමින් ඉවත් කර ඇති අතර වැඩිදුර සොයා බැලීමෙන් පසු වීඩියෝ 5, 394,318ක් නැවත සක්‍රීය කිරීමටද කටයුතු කරන ලදී. ක්‍රියාකාරී ඉවත් කිරීම් 98.2%ක් වූ අතර ඉන් 93.5%ක් පැය 24ක් තුළ ඉවත් කර තිබීමද විශේෂත්වයකි.

මෙම තාක්ෂණික දියුණුව හේතුවෙන් සිය වැඩි දියුණු කිරීමේ උත්සාහයන් මැන ගැනීමට මෙන්ම වර්ධනය වන ගෝලීය ප්‍රජාව සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාමට හැකි වේ. විශේෂයෙන් 98.2%ක ක්‍රියාකාරී හඳුනාගැනීමේ අනුපාතය සමඟ පරිශීලකයින් නැරඹීමට පෙර හානිකර අන්තර්ගතයන් හඳුනා ගැනීමට වඩාත් ක්‍රියාකාරී වේ. TikTok හි අන්තර්ගත මධ්‍යස්ථ පද්ධතීන්හි නිවැරදිභාවය හා බලපෑම් සහගත බව ශක්තිමත් කරමින් නැවත සක්‍රීය කරන ලද වීඩියෝ 50ක් අඩු වීම පිළිබඳවද මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

එසේම මෙම වාර්තාව තුළින් ඉවත් කරන ලද වීඩියෝවලින් 31%ක පමණ සැලකිය යුතු කොටසක් TikTok හි ප්‍රතිපත්ති සමඟ නොගැලපෙන සංවේදී හෝ පරිණත තේමාවන්ගෙන් යුත් බව පෙන්වා දෙයි. ඉන් තවත් 15.1%ක වීඩියෝ TikTok හි ආරක්ෂාව හා ශිෂ්ටත්ව ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති අතර 4.7%ක් රහස්‍යතා හා ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත.

පසුගිය කාර්තුවේ මෙන් TikTok විසින් ඉවත් කරන ලද Covert Influence Operations (CIO) ජාලයන් සාරාංශ ගත කරනු ඇති අතරම new standalone report තුළ විනාශකාරී පුද්ගල මෙහෙයුම් පිළිබඳ විස්තර ඉදිරිපත් කර ඇත.

පරිපූර්ණ විනිවිදභාවය සඳහා වන TikTok හි කැපවීම අවධාරණය කරමින් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව මඟින් විටින් විට ප්‍රකාශන අන්තර්ගතයන් හා ගිණුම් ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. 2024 දෙවන කාර්තුව සඳහා වන වාර්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා සහ TikTok හි අන්තර්ගත මාර්ගෝපදේශ, මෙවලම් හා ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු දැන ගැනීමට එහි Transparency Centre වෙත පිවිසෙන්න.

இலங்கையின் முதன்மை NEV வர்த்தக நாமமான...
வர்த்தக சேவை தடகள சம்பியன்ஷிப்பில் தொடர்ச்சியாக...
Ground Theory puts Sri Lankan...
First Capital Treasuries strengthens Board...
From Sri Lanka to Delhi:...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
Huawei Showcases 18 Practical AI...
විලාසිතා දැක්මට නව හැඩයක් එක්...
Sampath Bank and KOKO Connect...
2026 கொழும்பு புத்தகக் கண்காட்சி: BookTok...