TikTok 2025 තෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

2025 තෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව TikTok විසින් පසුගියදා නිකුත් කරන ලදී. TikTok පරිශීලකයින් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම සමඟින් 2025 ජූලි සිට සැප්තැම්බර් දක්වා දත්ත මෙම වාර්තාව තුලින් අනාවරණය කරයි. ගෝලීය ප්‍රජාවට ධනාත්මක අත්දැකීමක් සහතික කරමින් ප්‍රජා මාර්ගෝපදේශයන්ට බාධා පමුණුවන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීම සඳහා TikTok ක්‍රියාකාරීව කටයුතු කළ ආකාරය පිළිබඳව විස්තර ද මෙහි ඇතුළත් වේ.

ගෙවුණු කාර්තුව තුළ TikTok ලොව පුරා මිලියන 204කට අධික (204,534,932) වීඩියෝ ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එය TikTok වෙත upload කළ සමස්ත වීඩියෝ ප්‍රමාණයෙන් 0.7%ක් පමණ වේ. ස්වයංක්‍රීය හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිත කරමින් මෙහිදී වීඩියෝ 186,618,399ක් හඳුනාගෙන ඉවත් කර ඇති අතර වැඩිදුර සමාලෝචනයෙන් පසු ඉන් වීඩියෝ 8,950,735ක් නැවත ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරන ලදී. මෙහි ක්‍රියාශීලී ඉවත් කිරීමේ අනුපාතය 99.3%ක් වූ අතර සලකුණු කරන ලද අන්තර්ගතයන්ගෙන් 94.8%ක් පළ කිරීමෙන් පැය 24ක් ඇතුළත ඉවත් කිරීමද විශේෂත්වයකි. තවද සිය විශ්වසනීයත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් TikTok විසින් ව්‍යාජ ගිණුම් 118,618,399ක් ඉවත් කර ඇති අතර වයස අවුරුදු 13ට අඩු බවට සැක කෙරෙන ගිණුම් 22, 226,542ක් ඉවත් කිරීමටද කටයුතු කර ඇත.

මෙහිදී ඉවත් කරන ලද වීඩියෝවලින් 30%ක පමණ කොටසක් TikTok හි නිර්මාණ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන හෝ සංවේදී හෝ නුසුදුසු තේමාවන් අඩංගු නිර්මාණයන් විය. තවත් අමතර 15.7%ක් ආරක්ෂාව හා සංස්කෘතික ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති අතර 2.7%ක් පෞද්ගලිකත්වය හා ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව වාර්තාව සඳහන් කරයි. තවද ඉවත් කරන ලද වීඩියෝ වලින් 32.9%ක් වැරදි තොරතුරු ලෙස සලකුණු කර ඇති අතර 34.4%ක් මාධ්‍ය හා AI භාවිතයෙන් සිදු කරන ලද අන්තර්ගතයන් විය.

මෙම ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව මඟින් ආරක්ෂාව හා ආචාර ධාර්මික ආකාරයෙන් ප්‍රතිපත්තිවලට අනුකූලව ගිණුම් පවත්වාගෙන යාමේ හා ඒවා පරිමාණය කිරීමේ TikTok හි හැකියාව හා විනිවිදභාවය මනාව සහතික කරයි. Q3 2025 තුලින් තෙවන කාර්තුවේ මෙවලම්, මාර්ගෝපදේශ හා ප්‍රතිපත්ති පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.

சிறு மற்றும் நடுத்தர அளவிலான ஆடைத்...
Carnage அறக்கட்டளையின் ஆதரவோடு சர்வதேச விளையாட்டரங்கில்...
First Capital Treasuries, மூலதனச் சந்தை...
A Little Love for Every...
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
එල්නිනෝ තත්වයෙන් ඔබ්බට – දේශගුණික...
Sophos, කළමනාකරණය කළ සයිබර් අවදානම්...
Vision AI තාක්ෂණයෙන් යුත් නවතම...
ITC Ratnadipa Presents Weddings Above...