TikTok 2025 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව නිකුත් කරයි

Share

Share

Share

Share

TikTok සිය පරිශීලකයින් වෙත ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2025 වසරේ දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බලාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරන ලදී. 2025 වසරේ අප්‍රේර් සිට ජූනි දක්වා මෙම වාර්තාව තුලින් ආවරණය කර ඇති අතර එහිදී විශේෂයෙන් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරනු ලබන අන්තර්ගතයන් හඳුනාගෙන ඉවත් කිරීමට TikTok කටයුතු කර ඇති ආකාරයද විස්තර කරනු ලබයි.

ඒ අනුව 2025 අදාල කාලය තුල ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වීඩියෝ 1,438,046ක් ඉවත් කිරීමට TikTok පියවර ගෙන ඇති අතර ඒවායින් 79%ක් පැය 24ක් ඇතුළත හඳුනාගැනීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. එසේ ඉවත් කරනු ලැබූ සමස්ත වීඩියෝවලින් 1,108,371ක ප්‍රමාණයක් ඉවත් කරනු ලැබුවේ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ තාක්ෂණයන් භාවිත කරමිනි.

ශ්‍රී ලංකාවේ තත්වය එසේ වන විට ගෝලීය වශයෙන් මිලියන 189කට වැඩි වීඩියෝ ප්‍රමාණයක් මේ අයුරින් ඉවත්කිරීමට TikTok කටයුතු කර ඇත. එසේ ඉවත් කරනු ලැබූ ප්‍රමාණය TikTok වෙත එක්කර ඇති මුලු වීඩියෝවලින් 0.7%කි. එම ඉවත් කරන ලද වීඩියෝවලින් 163,962,241ක් ස්වයංක්‍රීය හඳුනාගැනීමේ තාක්ෂණයෙන් හඳුනාගෙන ඇති අතර ඉවත් කළ වීඩියෝවලින් 7,457,309ක් නැවත TikTok හි බලාත්මක කිරීමටද කටයුතු කර ඇත. එහි ක්‍රියාශීලී ඉවත් කිරීමේ අනුපාතය 99.1%ක් විය. එසේම සලකුණු කරන ලද අන්තර්ගතයෙන් 94.4%ක් TikTok හි පලකර පැය 24ක් ඇතුළත ඉවත් කර තිබීමද විශේෂත්වයකි. ඊට අමතරව අදාල කාර්තුව තුල අව්‍යාජ ගිණුම් 76,991 ,660ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති TikTok වයස අවුරුදු 13ට අඩු පරිශීකයින්ගේ ගිණුම් බවට සැක සහිත අතිරේක ගිණුම් 25,904,708ක්ද ඉවත් කර ඇත.

මෙසේ ඉවත් කරන ලද වීඩියෝවලින් 30.6%ක් TikTok ප්‍රතිපත්තිවලට අනුකූල නොවන සංවේදී හෝ අනවශ්‍ය තේමාවන් යටතේ නිර්මාණය වූ අන්තර්ගතයන්ය. තවත් වීඩියෝ 14.0%ක් එහි ආරක්ෂාව හා ආචාර ධාර්මික ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති අන්තර්ගතයන් වූ අතර 6.1%ක් පෞද්ගලිකත්වය හා ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව එම වාර්තාව සඳහන් කරයි. තවද එසේ ඉවත් කරන ලද වීඩියෝවලින් 45.0%ක් සලකුණු කර ඇත්තේ වැරදි තොරතුරු ලෙසින් වන අතර 23.8%ක් සංස්කරණය කරන ලද හා AI මඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් විය.

මෙම Community Guidelines Enforcement Report මඟින් අද වන විට ක්‍රියාත්මක ගිණුම් ක්‍රියාකාරකම් හා අන්තර්ගතයන්හි ප්‍රමාණය හා ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා දීමටද සමත්ව ඇති අතර ඒ තුලින් විනිවිදභාවය පිළිබඳ TikTok හි කැපවීමද අවධාරණය කිරීමට සමත්ව සිටියි. මෙම වාර්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට Q1 2025 report වෙත පිවිසෙන්න.

Mahindra Ideal Finance நிறுவனம் மற்றும்...
Huawei’s E-band Microwave RTN 3800...
Asia-Pacific Business Leaders to Accelerate...
Beyond the Classroom: Rethinking How...
සමර්සෙට් වතුයාය, කිසිදා නොබිඳුණු උරුමයක...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර...
ජාත්‍යන්තර තරුණ දිනයේදී තරුණ පරපුරේ...
Janashakthi Finance සමාගමේ ප්‍රධාන මූල්‍ය...
Built for the Game: Carnage...