WEBXPAY හි ගෙවීම් විශිෂ්ටත්වය 2024 Visa සමුළුවේදී ඇගයීමට ලක් වෙයි

Share

Share

Share

Share

ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් අසමසම ව්‍යාපාර ගෙවුම් විසඳුම් ඉදිරිපත් කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකීය සමාගම ලෙසිනි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ආයතනවල ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ සුවිසල් පරිවර්තනයක් වෙනුවෙන් නිර්මාණය කර ඇති WEBXPAY, ඩිජිටල් ගෙවුම් විසඳුම් වෙනුවෙන් ව්‍යාපාරකරණ ක‍්‍රියාවලියට ඉමහත් පහසුවක් එක් කර ඇත්තේ ඉන්වොයිස්, බදු, උපයෝගිතා බිල් මෙන්ම  ඕනෑම සැපයුම්කරුවකුගේ ගෙවීම් පහසුවෙන් සිදුකර ගැනීමේ අවස්ථාව ව්‍යාපාරයන් වෙත අත්කර දෙමිනි.

ලොව දුර දක්නා චින්තකයන් හා ඩිජිටල් ගෙවුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් සමඟ එක්ව මූල්‍ය නවෝත්පාදනයන් සංවර්ධනය වෙනුවෙන් පවත්වනු ලබන Visa Leadership Conclave 2024 හිදී ඇගයීමට ලක් වූ එකම ශ‍්‍රී ලාංකීය ගෙවීම් විසඳුම් සපයන්නා වන WEBXPAY මෙම පිළිගැනීම තුළින් ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව ගෝලීය වශයෙන්ද ඩිජිටල් ගෙවුම් පහසුකම් සංවර්ධනය වෙනුවෙන් තමන් සතු හැකියාව ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය. Visa Leadership Conclave 2024 හිදී ගෝලීය මූල්‍ය ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කළ නවීන ගෙවුම් විසඳුම් පිළිබඳව විශේෂ අවධානයකට ලක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ WEBXPAY හි ප‍්‍රධාන විධායක නිලධාරී  ඕමාර් සාහිබ් මහතා ‘’ව්‍යාපාරයන්හි මූල්‍ය ගනුදෙනු සිදුකරන ආකාරය වැඩි දියුණු කිරීමේ සහ පහසු කිරීමේ දැක්ම අනුව නිරන්තරයෙන් සේවය සලසන WEBXPAY වෙත Visa Leadership Conclave 2024 හිදී හිමි වූ මෙම පිළිගැනීම තුළින් අපගේ කණ්ඩායමේ කැපවීම හා නව්‍යකරණ හැකියාව මනාව පිළිබිඹු වනවා. ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවුම් ක්ෂේත‍්‍රය නව්‍යකරණයට ලක් කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි කැපවී කටයුතු කරන බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි’’ යනුවෙන් පැවසුවේය.

ඩිජිටල් ආර්ථිකයේ ක‍්‍රියාකාරී ආයතනයක් ලෙස වේගවත්, ආරක්ෂිත හා පහසු මූල්‍ය ගනුදෙනු සහතික කරනු ලබන WEBXPAY සම්මානයට පාත‍්‍ර වූ සිය ඩිජිටල් වේදිකාව සමඟ එක්වන ලෙස ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලූ ආයතනයන්ට ආරාධනා කර සිටියි. WEBXPAY හි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම හෝ සේවාවන් ලබා ගැනීම සඳහා 0117441900 අමතන්න. නැත්නම්  www.webxpay.co වෙත පිවිසෙන්න.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම online ගෙවුම් එකතුව වන WEBXPAY 2015 වසරේ සිට මෙරට ඩිජිටල් ගනුදෙනු ක්ෂේත‍්‍රයේ සුවිසල් වෙනසක් සිදු කිරීමට සමත් විය. පහසුවෙන් හා ආරක්ෂිතව අන්තර්ජාල ව්‍යාපාර නිර්මාණය ඉහළ නැංවීම සඳහා කටයුතු කරන ඔවුන් ඒ යටතේ දිවයින පුරා ව්‍යාපාර 3000කට අධික ප‍්‍රමාණයක් වෙත සිය සේවාවන් ලබා දීමට කටයුතු කර ඇත්තේ නොමඳ විශ්වාසයට පාත‍්‍ර වෙමිනි. එසේම සිය සේවාවන් පුළුල් කිරීම තුළින් සෑම තරාතිරමකම ව්‍යාපාරයන් හට අසමසම ගෙවුම් විසඳුම් ලබා ගැනීමේ අවස්ථාව සහතික කිරීමට WEBXPAY සමත්ව සිටියි.

වමේ සිට දකුණට: ෆාසාල් මොහොමඞ් – මෙහෙයුම් අධ්‍යක්ෂ, ක‍්‍රිෂාන් සමරසිංහ – ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ සහ උපායමාර්ගික හවුල්කාරිත්ව, අවන්ති කොළඹගේ – වීසා හි ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමණාකාරිනී,  ඕමාර් සාහිබ් – නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී, ශ‍්‍රැති ගුප්තා – උප සභාපති සහ වීසා හි Commercial and Money movement පිළිබඳ ප‍්‍රධානී, Qinwen Xiao – වීසා හි ආසියානු පැසිෆික් කලාපයේ B2B Connect ප‍්‍රධානී, දිනුක් අමරසිංහ – අලෙවිකරණ සහ උපායමාර්ගික හවුල්කාරිත්ව ප‍්‍රධානී සහ තමීර් ඉල්යාස් – අලෙවි අධ්‍යක්ෂ යන මහත්ම මහත්මීන් ඡුායාරූපයේ වෙයි.

Janashakthi Finance Wins Silver at...
Lina Manufacturing wins two awards...
Sri Lanka International Insurance Summit...
MAS සමුහයේ සහ Brandix ලංකා...
Capital Trust Properties wins Asia...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
CIC හෝල්ඩින්ග්ස් 2026/27 පළමු කාර්තුවේදී...
Janashakthi Finance relocates Kandy branch...
Samsung Sri Lanka හි නවතම...
HNB FINANCE பணிப்பாளர் சபைக்கு சிவராஜா...