අපනයන වෙළඳපල විවිධාංගීකරණය සහ නිෂ්පාදන නවෝත්පාදනය වෙනුවෙන් Dipped Products නව කළමනාකාර අධ්‍යක්ෂ පෙරට

Share

Share

Share

Share

ගෝලීය ඒකාබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදක, Dipped Products PLC (DPL), නව කළමනාකාර අධ්‍යක්ෂ පුෂ්පික ජනාධීර මහතා විසින් මෙහෙයවනු ලබන නවෝත්පාදනයන් මූලික කරගත් වර්ධන න්‍යායන් යථාර්තවත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව අපනයන වෙළෙඳපොලවල් සහ ඉහළ වටිනාකම් අත්පත් කරගනියි.
ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන DPL විසින් දැනට යුරෝපා සංගමයේ සහ උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන වෙළඳපලවල් ඇතුළුව ලොව පුරා රටවල් 70කට අධික පාරිභෝගිකයින්ට විශේෂිත කාර්මික, වෛද්‍ය සහ ගෘහස්ථ අත්වැසුම් රාශියක් පිරිනමයි.
රබර් කර්මාන්ත ක්ෂේත‍්‍රය හා සබැඳිව වසර 24කට වැඩි කාලයක පළපුරුද්දක් ඇති ජනාධීර මහතා, 2017 දී DPL හි මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස සම්බන්ධ වූ අතර එහිදී ඔහු DPL හි වඩාත්ම පරිවර්තනීය මුලපිරීම් බොහොමයක් අධීක්ෂණය කළේය. එම මුලපිරීම් යටතට සැලකිය යුතු නිෂ්පාදන ක‍්‍රියාවලි ප‍්‍රශස්තිකරණය, සම්පූර්ණ නිෂ්පාදන ධාරිතාව ප‍්‍රසාරණය සහ නව්‍ය නිෂ්පාදන සංවර්ධනය සඳහා කරන ලද පර්යේෂණ සහ සංවර්ධනය ඇතුළත් විය.
ජනාධීර මහතා සිය DPL හි සේවා කාලය තුළ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) ප‍්‍රමිතීන් ක‍්‍රියාවට නැංවීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ ප‍්‍රගතිශීලී ප‍්‍රවේශය සහ Hayleys Lifecode යටතේ දක්වා ඇති පුළුල් ඉලක්ක වෙත මූලික අවධානය යොමු කළේය.
ආසියාව, මැදපෙරදිග, අප‍්‍රිකාව සහ දකුණු ඇමරිකාවේ නව අවස්ථා ගවේෂණය කරන අතරම, ඉදිරි වසර තුළදී ගෝලීය වෙළඳපොළ තුළ තම පැවැත්ම තවදුරටත් තහවුරු කර ගැනීමට DPL කටයුතු කරන ආකාරය ජනාධීර පැහැදිලි කළේය.
”අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ, DPL විසින් උසස් තත්වයේ අත් වැසුම් ලොව පුරා සිටින පාරිභෝගිකයන් වෙත පිරිනැමුවා. අපි ගුණාත්මක නිෂ්පාදන සඳහා අසමසම කීර්ති නාමයක් පතුරවා ඇති අතර, ඉහළ මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදන සහ තිරසාර නිෂ්පාදනයේ හොඳම භාවිතයන් සහ සාර්ථක ESG වැඩපිළිවෙලක් සහතික කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරනවා.”
”තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා ලෙස අපගේ කීර්තිය තහවුරු කිරීමට අමතරව, අපගේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් ද සිදු කරනවා. ඒ හා සමානවම, අපි කෙටි කාලීන, මධ්‍ය කාලීනව සහ දිගු කාලීනව අපගේ නිෂ්පාදන හැකියාවන් තවත් ශක්තිමත් කරන නව නවෝත්පාදනයන් නිර්මාණය කිරීම සඳහා අපගේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් වේගවත් කරන අතරම ක‍්‍රීඩා අත්වැසුම් වැනි ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන කෙරෙහිද යොමු වෙනවා.” යනුවෙන් ඔහු පැවසුවේය.
බියගම BOI ආයෝජන කලාපයේ ක‍්‍රීඩා අත්වැසුම් නිෂ්පාදනය සඳහා නවීනතම නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා DPL විසින් දැනටමත් සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇති බව ජනාධීර මහතා පැවසුවේය
”අපගේ විශාල ජාත්‍යන්තර තරඟකරුවන්ට සාපේක්ෂව, DPL හි අගය සෑම විටම ගොඩනගා ඇත්තේ සදාචාරාත්මක, තිරසාර නිෂ්පාදන සඳහා ඉහළ කැපවීමක් පවත්වා ගනිමින් ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන නවෝත්පාදන සහ අසමසම සේවාවක් ලබා දීම මත ය.”
”එදිනෙදා නිවැසියන්ගේ සහ ගෙවතු වගාකරුවන්ගේ සිට ඉහළ කාර්ය සාධනයක් ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, විදුලි ඉංජිනේරුවන්, පිරිසිදු කිරීමේ වෘත්තිකයන් සහ වෛද්‍ය වෘත්තිකයන් සිය දෑත් ආරක්ෂාව සලසා ගැනීමේදී මුහුණ දෙන අභියෝග අපි මනා ලෙස තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් ඵලදායී නිෂ්පාදන රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ ඒ කැමැත්ත මත නිර්මාණය කළ, නම්‍යශීලී නිෂ්පාදන හරහා පාරිභෝගිකයින් සඳහා උසස් තත්වයේ සේවාවක් සැපයීම ගැන අපි ආඩම්බර වෙනවා. ගුණාත්මකභාවය, පාරිභෝගික කේන්ද්‍රීය නිෂ්පාදන සංවර්ධනය සහ ESG ප‍්‍රමිතීන් අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා වන නව මාවතක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවා.” යනුවෙන් ජනාධීර මහතා පැවසුවේය.
මෙරට කුඩා රබර් වතු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දෙමින් උපරිම වටිනාකමක් ලබා දීමට දරන ප‍්‍රයත්නයන්ට අමතරව DPL සමාගම ශ‍්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සඳහා ද ඉහළ දායකත්වයක් දක්වයි.

தகுதியற்ற உள்ளடக்கத்திலிருந்து உயர்ந்த பாதுகாபை வழஙகும்...
வாகன நிதித்துறையில் புரட்சியை ஏற்படுத்த UNIMO...
உங்களது வங்கி விருப்பத்திற்கேற்ப ‘HNB Self-onboarding’ஐ...
Kaspersky Safe Kids proves superior...
Samsung Unveils Galaxy M14 LTE...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
Dipped Products Accelerates Global Expansion...
HNB Finance இன் “ஊக்குவிக்கும் அபிவிருத்தி...
புகைப்பட தலைப்பு | உலக சுற்றுச்சூழல்...
HNB රථ වාහන ෆිනෑන්ස් සේවාවේ...