අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට JAAF සුබ පැතුම් එක් කරයි

Share

Share

Share

Share

ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින් ආර්ථික සංවර්ධනය උදෙසා රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය ඉතා වැදගත් අංශයක් වන බවත් ගෝලීය ආර්ථිකය තුළ ශ‍්‍රී ලංකාවේ තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් පෙන්වා දෙන JAAF ශ‍්‍රී ලාංකේය ජනතාව විසින් ලබා දී ඇති පැහැදිලි ජනවරම ඉටු කිරීම සඳහා ගරු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව අවධාරණය කර සිටී.

මීට අමතරව ජනාධිපති ලේකම් ලෙස තේරී පත් වූ ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ද JAAF සිය සුබ පැතුම් එක් කර සිටී. ඔහු දූෂණ වැළැක්වීම, රේගු මෙහෙයුම්වල අඛණ්ඩතාව පවත්වා ගැනීම, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වැනි පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරමින් රේගුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අවංක නිළධාරියෙකි.

නව ජනාධිපතිවරයාගේ දැක්ම යොමුව ඇත්තේ දූෂණය පිටුදැකීමටත් සාමාන්‍ය ජනතාවගේ ජීවිත නගා සිටුවීමට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් සාධාරණ සහ සියලූ දෙනාගේ අදහස් හා ආකල්පවලට ගරු කරන සමාජයක් ගොඩනැගීමත් කෙරෙහිය. විනිවිදභාවය, යහපාලනය සහ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා වූ ඔහුගේ කැපවීම ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ JAAF ආචාර ධර්ම පිළිවෙත් දිරිමත් කිරීම සහ ඇඟලූම් කර්මාන්තයේ දිගුකාලීන සංවර්ධනය උදෙසා සහාය දීමේ අරමුණු සමඟ හොඳින් අනුකූල වන බව සංගමය පවසයි.

ශ‍්‍රී ලංකාවේ මුළු අපනයනවලන් 40% කට වඩා වැඩි දායකත්වයක් සපයන ඇඟලූම් කර්මාන්තය මෙරට ආර්ථිකයට ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරන අතර මිලියනයකට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබා දෙමින් රටපුරා නිපුණතා සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට සහාය වෙයි. කර්මාන්තය විසින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඍජුව කරනු ලබන බලපෑමට ඔබ්බට යමින් එය ප‍්‍රජාවන් නඟා සිටුවීමට සහ ජාතික සංවර්ධනය උදෙසා වැදගත් සාධකයක් වේ.

අභිනව ගරු ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කරමින් JAAF මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ ‘‘රෙදිපිළි සහ ඇඟලූම් අපනයන ක්ෂේත‍්‍රයේ අඛණ්ඩ සාර්ථකත්වය සහතික කිරීම සඳහා නව ජනාධිපතිවරයා සහ රජය සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි

 

அமெரிக்கத் தேவையின் காரணமாக மே மாதத்தில்...
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට සුවිශේෂී...
MullenLowe’s Praveena Perera Becomes First...
Zydus Lifesciences and Sunshine Healthcare...
Huawei Announces Wi-Fi 7 Patent...
Sampath Bank Launches Sri Lanka’s...
Smart Quest marks 20 years...
Samsung Bespoke AI Washer Dryer...
Sampath Bank Launches Sri Lanka’s...
Smart Quest marks 20 years...
Samsung Bespoke AI Washer Dryer...
Colombo Dockyard enters new growth...