අලුත් අවුරුද්දේ පොඩි වැඩ්ඩන්ගේ දැනුම වඩන හොඳම තෑගි Atlas වෙතින්

Share

Share

Share

Share

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත් යෝග්‍ය වන පරිදි නිර්මාණය කර තිබීම සුවිශේෂී වේ. ඒ ඔස්සේ මෙරට දරුවන්ගේ ඉගෙනීම සහ සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වන නව විනෝදාත්මක අත්දැකීමක් ද ළඟා කර දෙනු ලබයි. එමෙන්ම සම්ප්‍රදායික තෑගි පිරිනැමීම්වලින් තොරව දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීමට උනන්දුවන දෙමාපියන්ට, ඥාතී හිතමිත්‍රාදීන්ට සහ ඕනෑම අයෙකුට මෙය කදිම තෝරා ගැනීමක් වනු ඇත. ‘පොඩි වැඩ්ඩන්ගේ දැනුම වඩන හොඳම තෑග්ග’ යන තේමාව යටතේ හඳුන්වා දී ඇති මෙම තෑගි කට්ටල, දූවා දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කර දෙන Atlas හි මූලීක පරමාර්ථයට ද වැඩි වටිනාකමක් එක් කරනු නිසැකය.

අලුත් අවුරුද්දේ විනෝදාස්වාදයට අධ්‍යාපනික වටිනාකමක් එක් කරමින්, නිර්මාණය කර ඇති Atlas අලුත් අවුරුදු තෑගි කට්ටල, දරුවන්ගේ නිර්මාණශීලීත්වය, කුතුහලය, ඵලදායීතාවය ප්‍රගුණ කිරීමට උපකාර වන ඉගෙනුම් මෙවලම් රැසකින් සමන්විතය. උත්සව සමයේ දී දුවා දරුවන් හට සම්ප්‍රදායික තෑගි දීමේ රටාවට නව මුහුණුවරක් එක් කරන මෙම ක්‍රියාකාරකම් කට්ටල, ළමුන්ගේ කුසලතා වර්ධනයට සහාය වෙමින්, නිවාඩු සමය අර්ථාන්විතව ගත කිරීමට උපකාර වනු ඇත.

මෙම අවුරුදු තෑගි කට්ටල හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Atlas Axillia පුද්. සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය මෙසේ පැවසුවා ය. ‘‘සතුටින් ඉගෙනගත හැකි වටපිටාවක් බිහි කිරීම, Atlas හි අපගේ නිරන්තර කැපවීමයි. මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල අප නිර්මාණය කරනු ලැබුවේ උත්සව සමයේ සතුට සමගින් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට අමතර වටිනාකමක් එකතු කිරීම සඳහායි. දුවා දරුවන්ගේ ගවේෂණ හැකියාවන්, නිර්මාණශීලී චින්තනයන් දිරි ගන්වමින්, ප්‍රායෝගික දැනුම ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලියට උනන්දුවක් ඇති කරලීම මෙහි මුලීක අරමුණයි’’

දිවයින පුරා ප්‍රමුඛ පෙළේ සිල්ලර හා සුපිරි වෙළඳසැල්, ලිපිද්‍රව්‍ය වෙළඳසැල්, ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාණිජ්‍ය නාලිකා (e-commerce) ඔස්සේ අප්‍රේල් මස මුල සිට ලබා ගත හැකි මෙම Atlas අවුරුදු තෑගි, ශ්‍රී ලාංකේය දුවා දරුවන් සඳහා නව්‍යකරණයෙන් යුත් උසස් තත්ත්වයේ අධ්‍යාපනික මෙවලම් ලබා දෙන Atlas සන්නාමයේ මාහැඟි කැපවීම පිළිබිඹු කරනු ඇත. අලුත් අවුරුද්දේ වටිනාකම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් බවට පත් කර ගනිමින්, අර්ථාන්විත තෑගි ලබා දීමේ සම්ප්‍රදායක් සමග අත්වැල් බැඳ ගන්නැයි Atlas සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනු ලබයි.

Huawei Named a Gartner® Peer...
Sampath Bank Leads Sri Lanka’s...
අවුරුදු කෑම මේසය හැඩ කළ...
சர்க்கரை நோய்க்கு அப்பால்: Diabetasol தயாரிப்பின்...
Experiencing the Sinhala and Tamil...
Ceylon Tobacco Company PLC appoints...
නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය...
Experiencing the Sinhala and Tamil...
Ceylon Tobacco Company PLC appoints...
නවෝත්පාදනය සහ උරුමය තුළින් අග්‍රගන්‍ය...
HNB FINANCE PLC, BMPC 2026...